ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීීමක් හෙට (03) දින කැදවා ඇත.
හෙට පස්වරු 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
මීට මාස 2කට ඉහතදීද ජනාධිපතිවරයා මෙසේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ කැදවා තිබුණද අවසන් මොහොතේ ඊට ජනාධිපතිවරයා සහභාගී වූයේ නැත.
කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා එදින වෙනත් රැස්වීමකට සහභාගී වූ අතර දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වී තිබිණ.










