• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ පුතා (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

May 2, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
ගෝඨාගේ පුතා (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

චන්ද්‍රිකා ජනාධිපති තනතුරේ සිටිද්දී රනිල්ගේ සහෝදරයාගේ රූපවාහිනි නාළිකාව වූ ටී.එන්.එල්. එක වරක් චන්ද්‍රිකා සිය දියණිය සහ පුතා සමඟ සිටින පවුලේ ඡායාරූපයක් පළකිරීමට කටයුතු කළේය. මේ පින්තූරය දුටු චන්ද්‍රිකාට යකා නැග්ගේය. ඒ අනුව චන්ද්‍රිකා කළේ තමන්ගේ මාධ්‍ය ඇමැතිවරයා වූ මංගලට ලිපියක් යොමු කරමින් ටී.එන්.එල්. නාළිකාව ත්‍රස්තවාදී ක්‍රියාවක් කර ඇති බවත්, සිය දියණියගේ සහ පුතාගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් දෙදෙනා එල්.ටී.ටී.ඊ. ඉලක්කයක් බවට පත්කොට ඇති බවත් දැනුම්දී සිටියාය. ඒ අනුව වහාම ටී.එන්.එල්. නාළිකාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙසද චන්ද්‍රිකා සිය ලිපියෙන් මංගලට දැනුම්දී සිටියාය.

චන්ද්‍රිකාගේ මේ ලිපිය යැවීමෙන් පසු මංගලද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ටී.එන්.එල්. එක කළ මෙම ක්‍රියාව දැඩිව හෙළාදැකීමට පියවර ගත්තේය. එමෙන්ම ටී.එන්.එල්. නාළිකාවට ත්‍රස්තවාදී චෝදනා එල්ල කළ මංගල එල්.ටී.ටී.ඊ.යට චන්ද්‍රිකාගේ පුතාත්, දියණියත් ඝාතනය කිරීමට පහසු වන ලෙස එම ඡායාරූප පළකොට ඇති බවටද චෝදනාවක් එල්ල කළේය.

ඒ වෙද්දී චන්ද්‍රිකාගේ දියණියත්, පුතාත් සිටියේ ඉගෙන ගන්නා වයසේය. ඒ හිටියේත් ලංකාවේ නොව එංගලන්තයේ ලන්ඩන්වලය. ඉතින් එල්.ටී.ටී.ඊ.යට හෝ ප්‍රභාකරන්ට චන්ද්‍රිකාගේ පුතා කවුද කියා සොයා ගන්නට ටී.එන්.එල්. එකේ යන ඔවුන්ගේ ඡායාරූප වැඩක් නැත. මොකද ඒ වෙද්දි ලන්ඩනය තුළ එල්.ටී.ටී.ඊ.ය හොඳ හැටි ශක්තිමත්ව සිටියේය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ලන්ඩනයේදී චන්ද්‍රිකාගේ දියණියත් පුතාවත් ඇස් පනාපිටම දැක ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබිණ. චන්ද්‍රිකාත් එය නොදන්නවා නොවේ. එය දැන දැනත් චන්ද්‍රිකාට කේන්ති ගියේ තමන්ගේ දරුවන්ගේ ඡායාරූප ටී.එන්.එල්. රූපවාහිනිය රටට ප්‍රසිද්ධ කිරීම නිසාය.

ඉන් අනතුරුව චන්ද්‍රිකාගේ ආණ්ඩුව ටී.එන්.එල්. නාළිකාවට දස වදයක් දුන්නේය. රහස් පොලිසිය නිතරම ටී.එන්.එල්. නාළිකාවට ආව ගියේය. ටී.එන්.එල්. ප්‍රධානීන්ගෙන් ප්‍රකාශ ගත්තේය. ආණ්ඩුවේ දැන්වීම් දීමද නතර කෙරිණ. ඒ නිසා අන්තිමට ටී.එන්.එල්. එකට වුණේ රටට ප්‍රවෘත්ති කියනවාට වඩා පොලිසියත් එක්ක නඩු කිය කිය උසාවි ගානේ රස්තියාදු වන්නටය.

චන්ද්‍රිකාගේ මේ අතීත කතාව මතක් වුණේ මේ දිනවල ගෝඨා විජේදාසට දුරකතනයෙන් බැනවැදී ඇති බවට කියන කතාව ඇහෙන විටදීය. ගෝඨා එහෙම බැන්නා කියන්නේ විජේදාස පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ගෝඨාගේ පුතාවත් ඈඳා ගනිමින් දරුණු ප්‍රකාශයක් නිකුත් කළා යැයි කියාය.

ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගෙන් තමා ධුරය දරන කාල සීමාවන්හිදී ළමයි දේශපාලනයට සමබන්ධ කර නොගත් ජනාධිපතිවරුන් සිටින්නේ දෙතුන්දෙනෙකි. ඉන් එක් අයෙක් වන්නේ චන්ද්‍රිකාය. ඒකටද එක් හේතුවක් තිබිණ. ඒ චන්ද්‍රිකා ජනාධිපතිකම් කරද්දී චන්ද්‍රිකාගේ ළමයි දෙන්නා පාසල් යන වයසේ සිටීමය.

හැබැයි ගෝඨාට එසේ නොවේ. ගෝඨාට සිටින්නේ කරදඬු උස්වී විවාහ වී ලෝකයේ ප්‍රකට ආයතනයක රැකියාවක් කරන පුතෙකි. ගෝඨාට ඒ තරම් ලොකු පුතෙකු සිටින බව ලංකාවේ ජනතාව දන්නේ ගෝඨා ජනාධිපති වී අනුරාධපුර ශ්‍රීමහා බෝධිය ඉදිරිපිට දිවුරුම් දුන් උත්සවයේදීය. මොකද ගෝඨාගේ පුතා ලංකාවට ආවේ සිය පියා දිවුරුම් දෙන උත්සවය දැකබලා ගැනීමටය. එසේ දිවුරුම් දීමෙන් පසු ඔහු යළිත් සිය රැකියාව සිදුකිරීම සඳහා කෙළින්ම විදේශගත විය.

ලංකාවේ දේශපාලනයේ මේ විදියට පවුල්වාදය ප්‍රතික්ෂේප කළ අනෙක් ජනාධිපතිවරයා වූයේ ජේ.ආර්.ය. ජේ.ආර්.ද සිය පවුලේ අය දේශපාලනයට ගාවගත්තේ නැත. හැබැයි ජේ.ආර්. තම පුතා වූ රවි ජයවර්ධන තමන්ගේ අසලින්ම තබාගැනීමට කටයුතු කළේය. ඒ අනුව ජේ.ආර්.ගේ ආරක්ෂාව භාරව සිටියේ රවිය. ඒ විතරක් නොව ඒ වන විට ජේ.ආර්. එල්.ටී.ටී.ඊ.ය සමඟ යුද්ධය ආරම්භ කර තිබූ නිසා එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් වැදීමට එස්.ටී.එෆ්. එක නිර්මාණය කළේත් රවිය. එස්.ටී.එෆ්. එකට අවශ්‍ය පුහුණුව ලබාදීමට ඊශ්‍රාලය සමඟ සාකච්ඡා කළේත් රවිය.
ඒ විතරක් නොව ජේ.ආර්. ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කරද්දී ඉන්දීය හමුදාව ලංකාවට ගෙන්වීම ගැනත්, ගිවිසුමේ අඩංගු කරුණු ගැනත් පැවැති සාකච්ඡාවලට සහභාගි වූයේත් රවිය.

මීට අමතරව 88 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා තෝරන අවස්ථාවේදී රවිත් ජේ.ආර්.ට ලොකු බලපෑමක් කළේය. ප්‍රසිද්ධ දේශපාලනයට නොගත්තත් ජේ.ආර්. සිය පුතා වූ රවිව විශාල වශයෙන් තමන්ගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගත්තේය.

නමුත් ගෝඨා කිසිදු අවස්ථාවක සිය පුතාව කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ කරගත්තේ නැත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති කිසිදු තනතුරකට ගෝඨා සිය පවුලේ කිසිදු කෙනකු පත්කර ගත්තේ නැත. අඩුම තරමින් සිය බිරිය වූ අයෝමාවත් ගෝඨා කිසිදු අවස්ථාවක ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩවලට වැද්දගත්තේ නැත. ඒ නිසාම ගෝඨාගේ බිරිඳට අද සමාජය සලකන්නේ ජේ.ආර්.ගේ බිරිය වූ එලීනාට සලකන ආකාරයටය. මිනිස්සු අයෝමාව දකින්නේ සිය සැමියාගේ පෞද්ගලික කටයුතු පමණක් සොයා බලන උදාර කාන්තාවක් ලෙසටය.

විජේදාස ගෝඨාගේ පුතාවත් සම්බන්ධ කරගෙන ගෝඨාට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කළේ එවැනි පසුබිමක් මැද්දේය. එතැනදී ගෝඨාට කේන්ති ගිය බව කියමින් ගෝඨාට වට කරගෙන පහර ගැසීම වැරැදිය. මොකද තමන්ගේ පුතාට පහර දුන්නා කියා ගෝඨා චන්ද්‍රිකා ටී.එන්.එල්. එක පස්සේ පැන්නුවා වගේ විජේදාසගේ පස්සේ පන්නන්න ගියේ නැත.

ඒකට හොඳම උදාහරණය මෙම සිදුවීම සිදුවී පැය 24ක් යෑමට මත්තෙන් විජේදාසගේ පුතා අතින් රාජගිරයේදී සිදුවූ දරුණු රිය අනතුරය. එම අනතුරින් ගැබිනියක් ඇතුළ කිහිපදෙනෙක් තුවාල ලැබුවද ගෝඨා ඒ කිසිවකට අත දාන්න ගියේ නැත. විජේදාසගේ පුතා අත්අඩංගුවට පත්වූයේ නීති ප්‍රකාරවය. එමෙන්ම නීතියට අනුව විජේදාසගේ පුතාට ඇපත් ලැබිණ.

ගෝඨා රටේ ජනාධිපති වෙලත් තම පුතාව දේශපාලන කටයුතුවලට වැද්ද නොගත්තද විජේදාස ආණ්ඩුවේ ඇමැතිකමක් කරද්දී පවා සිය පුතාව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත්කළේය. ඒ විදිහට බලද්දී අද විජේදාස ජනාධිපතිකම් කළා නම් විජේදාසගේ පුතා ඉන්න තනතුර ගැන හිතාගැනීමට පුළුවන. ඒ නිසා විජේදාසද ගෝඨා තමන්ගේ පුතා තියල තියෙන තැන දිහා බලා ඒකෙන්වත් ආදර්ශයක් ගැනීමට කටයුතු කළ යුතුය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

OSCAR හොල්ලපු මහිලාව ක්ලොයි ෂාවෝ

Next Post

කරාපිටියේ 36 වාට්ටුවේ 35කටම කොරෝනා

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.