දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා රැගත් රිය කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්ව ඇත.
සිද්ධියෙන් සුමන්තිරන් මහතාට අනතුරක් වී නැතත් රියට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.
වැසිබර තත්ත්වය හේතුවෙන් රථය මාර්ගයේ ලිස්සා ගොස් ආරක්ෂිත වැටෙහි වැදී අනතුර සිදුව ඇත.










