• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති තීරණාත්මක තීන්දුවක් ගනී

April 29, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
රටම ලොක්ඩවුන් කරනවාද? ‌ජනපතිගේ ස්ථාවරය මෙන්න!!!
Share on WhatsAppShare on Facebook

රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළඟාවීමට බාධාවක් නොවෙන බවත් කථා කර කර නොසිට ගොවියා දැනුවත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක්වැන්නැයි ද ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

“නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය. ” යන්න සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුවක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එය යතාර්ථයක් බවට පත්කිරිමේ අඩිතාලම දමමින් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ – ආර්ථික රටාවක් අරමුණු කර ගනිමින් විසි වැදෑරුම් අමාත්‍ය මණ්ඩල සංදේශය පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබු බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය මෙසේය.

“ශ්‍රී ලංකාව රාසයනික පොහොර ආනයන සඳහා 2019 දී ඩොලර් මිලියන් 221ක් වැය කළේය. තෙල් මිල වැඩිවීම සමඟ එම වියදම ඩොලර් මිලියන 300 – 400 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. 

රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක සඳහා අතිවිශාල වියදමක් කළ ද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක් සිදුව නැතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. 

පස නිසරු වී අස්වන්න අඩුවීමත්, ජෛව විවිධත්වය විනාශවීමත් දක්නට තිබේ. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය ගංගා, ඇළ දොළ ජලය දූෂණය කරන අතර ගුණාත්මක පානීය ජල සම්පාදනයට ප්‍රබල අභියෝගයක් වී ඇත.

වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂිකව ඉහළ යමින් පවති.

ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණදෙන අභියෝගක් බවට පත්වී ඇත. 

වැඩසටහන ආරම්භයේදී ගැටලු ඇතිවිය හැක. එහෙත් තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැත. 

මතුවන ගැටලුවලට නිවැරදි විසඳුම් හඳුනාගත යුතුය. රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවින් කල්පනා කිරීමට පිළිවන. එසේවන්නේනම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50ක මුදලින් අඩුවන ආදායම ගෙවන බවට  ජනාධිපතිතුමා සහතික වෙයි.

විධිමත් පුහුණුවක්, නිසි අධ්‍යයනයක් සහිත පිරිසක් වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වේ. රට සහ පරිසරය පිළිබඳ හැඟීම ඒ හා සමානය. 

වැඩසටහනට අකමැත්තක් දක්වන හෝ වෙනස්ව හිතන පිරිසට ආරම්භයේ දීම ඉවත්වීමට බාධාවක් නැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 

අභියෝගය ජය ගැනීමට තමා පෞද්ගලිකව ගොවි ජනතාව අතරට පැමිණීමට සූදානම් යැයි ද ජනාධිපතිතුමා පැවසීය. 

දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් නිෂ්පාදකයන්ට සැපයීමට රජය ඝෘජුව මැදිහත්වන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 

කෘෂි ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසකට සංවේදී විෂයයක් බැවින් විරෝධතා පැමිණිය හැකිය. ආගමික නායකයන්,  ගොවි සංවිධාන, වෘත්තිකයන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය සහාය සහ සියලු පාර්ශ්ව එක්වීමෙන් අරමුණට පහසුවෙන් ළඟාවිය හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ගොවියාට පහසුවන ආකාරයෙන් කාබනික පොහොර වෙළෙඳපොළ සුලබ කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.“

SendShareShare
Previous Post

අදත් රෝගීන් 1000 පනී!

Next Post

කනගාටුයි! PCR කරන එක නවත්වන්න කියා බලධාරීන් දැනුම් දීලා!!

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.