අද (29) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 1,077ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පිට පිට තුන්වන දිනටත් මෙසේ රෝගීන් දහස ඉක්මවා වාර්තා වීම විශේෂ සිදුවීමක් වන අතර පෙරේදා දින රෝගීන් 1111ක් හ ඊයේ දින රෝගීන් 1461ක් ලෙස වාර්තා වී තිබිණ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 106,030කි.
අද දිනයේ ආසාදිතයින් 362ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 95,445ක් දක්වා ඉහළ ගියේය.










