ඩුබායි සිට වට්ස් ඇප් හරහා මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හෙළි කරගෙන ඇත.
ඒ, අද (28) උදෑසන දෙහිවල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් සංජීව පෙරේරා හෙවත් ‘දතා සුදා’ සහ ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 800ක්, රුපියල් 37740ක මුදලක්, ජීප් සහ ත්‍රිරෝද රථයක්, ජංගම දුරකථනයක් මෙන්ම ඩුබායි රාජ්‍යයට අයත් සිම්පතක්ද හමුවී ඇත.
එමෙන්ම, ඒ අතර තිබී සොයා ගත් බැංකු ගිණුම්පතක රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සංසරණය වී ඇති බවට ද අනාවරණ වී තිබේ.










