දැනට ඉන්දියාව තුළ මතුව ඇති භයානක තත්ත්වය හමුවේ කෝටිපති පවුල්වල සාමාජිකයන් ආරක්ෂාව පතා ඉන්දියාව හැර යමින් සිටින තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇතැම් ව්‍යාපාරික පවුල් සිය පෞද්ගලික ජෙට් යානා සහ පෞද්ගලික ආයතනවල ගුවන් යානා උපයෝගී කරගනිමින් වෙනත් රටවලට ගමන් කරමින් සිටින බන ඉන්දීය මාධ්‍යය වාර්තා අනාවරණය කර ඇත.
මේ ආකාරයට බොහෝ පිරිස් ඩුබායි රාජ්‍යය බලා දැනටමත් පිටව ගොස් ඇති බව එම මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
ඇතැම් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ පසුගිය පැය 24 ඇතුළත තහනම හෝ නොතකා බ්‍රිතාන්‍ය වෙත ඒ අයුරින් ගුවන් යානා 8ක් ගොස් ඇති බවත්, ඒ සෑම යානයක්ම මගීන්ගෙන් පිරී ගොස් තිබූ බවත්ය.
මෙම එක් ගුවන් ගමනක් සදහා යුරෝ ලක්ෂයක් පමණ වැයවන බව වාර්තා කොට ඇත.
මේ වනවිට ඉන්දියාවේ දිනකට කොරෝනා රෝගීන් ලක්ෂ තුනහමාරක් පමණ වාර්තා වෙමින් තිබේ.










