අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්තිනාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අද (23) නියෝග කර තිබියදී සංඝ සභාවේ තීරණය අනුව එම දේහය විහාර භූමියේම අදාහනය කිරීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මැදිහත්ව ඇත.
ඥානසාර හිමියන් ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ තීන්දු තීරණ අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බැවින් සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බවකි.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විටත් සංඝ සභාව විසින් දේහයේ අදාහන කටයුතු සංවිධානය කිරීමට කටයුතු කර තිබීම විශේෂ සිදුවීමකි.











