• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ ෆේල්ද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 24, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 6 mins read
A A
සජබෙ ෆේල්ද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ස.ජ.බෙ. ෆේල්..‘

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පරාජය වී පාර්ලිමේන්තුවට යා ගන්න බැරි වූ දින සිට හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති වත්මන් යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ පත්තර කොම්පැනිය මතුරන මන්ත්‍රය ඕකය. ඒ පත්තර කොම්පැනියේ සිංහල, ඉංග්‍රීසි පත්තර දෙකටම අද රටේ තියෙන ලොකුම ජාතික ප්‍රශ්නය ස.ජ.බෙ. නොහොත් සමඟි ජන බලවේගයය.

“සජබෙ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ නැහැ”

මේ වගේ නිවුස් හෝ ආටිකල් හැමදාම මේ පත්තර කොම්පැනියේ සිංහල සහ ඉංග්‍රීසි පත්තරවල මාරුවෙන් මාරුවට පළ වෙයි.

“ඇත්තටම ස.ජ.බෙ. ෆේල්ද?”

සජබෙට පක්ෂයක් හැටියට වයස තවම අවුරුද්දක් පමණය. විපක්ෂයක් හැටියට වයස තවම මාස 8ක් පමණි. මේ ආණ්ඩුවට වයසත් තවම මාස 8ක් පමණි.

ලංකාවේ ආණ්ඩු ඉතිහාසයේ මාස 8ක් තුළ මෙලෙස ජනතා අප්‍රසාදයට පත් වූ ආණ්ඩුවක් නැත. මෙයට හේතුව ලෙස ජනාධිපති ගෝඨාභය කියන්නේ තමන් කරන හැම වැඩක්ම ෆේල් කියා විපක්ෂය පෙන්වනවා කියාය. තමන් ෆේල් කියා, තමන් කැලෑ වනසනවා කියා විපක්ෂය බොරු කතා පතුරනවා යැයි ගෝඨාභය ගම සමඟ පිළිසඳරෙදී පවසා තිබිණි. ඔහු එහිදී කෙළින්ම චෝදනා කළේ හරීන් ප්‍රනාන්දු ඇතුළු ස.ජ.බෙ.ටය. ගෝඨා සතිඅන්තයට ගමට ගොස් පවත්වන හැම ගම සමඟ පිළිසඳර වැඩසටහනකදීම තමාට එරෙහි විපක්ෂයේ කැම්පේන් එක ගැන රටට කියයි. සාමාන්‍යයෙන් ගෝඨාභය දේශපාලන සතුරන් ගැන කතා කරන අයෙක් නොවේ. ඔහු අද හැම ගම සමඟ පිළිසඳරකදීම විපක්ෂයට බනින්නේ ස.ජ.බෙ. ‘සර් ෆේල්’ ප්‍රහාරය ඔහුට හොඳට තදින් දැනී ඇති නිසාය.

“විධායක ජනාධිපති ක්‍රමය යටතේ ඇති ආණ්ඩුවක් මාස 8ක් වැනි කාලයක් තුළ මෙලෙස අප්‍රසාදයට පත්කරපු විපක්ෂයක් තිබුණාද?”

1978 විධායක ජනාධිපති වූ ජේ.ආර්.ගෙන් පටන්ගත් විට ඇත්තටම 1978 සිට 1987 වන තෙක් රටේ ශක්තිමත් විපක්ෂයක් තිබුණේ නැත. 1978 සිට 1987 තෙක් එවකට විපක්ෂය දෙකට තුනට බෙදී පක්ෂ ලාංඡනයට, කාර්යාලයට ගහමරා ගත්තා මිස ජේ.ආර්. හෝ ජේ.ආර්.ගේ ආණ්ඩුව රට තුළ අප්‍රසාදයට පත් කරන්න කිසිවක් කළේ නැත. එවකට අනුරගේ විපක්ෂ නායකත්වයෙන් යුත් විපක්ෂය කළේ පාර්ලිමේන්තුව ඇතුළේ දක්ෂ ලෙස ආණ්ඩුවට එරෙහිව කතා කිරීම පමණි. ගහමරා ගත් විපක්ෂයට පණ ආවේ 1987 ජවිපෙ ආයුධ අතට ගත්තාට පසුවය. එතැන් සිට විපක්ෂය ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව මහා අරගලයක් දියත් කළේය.

1988 ප්‍රේමදාස ජනාධිපති වීමෙන් පසු බණ්ඩාරනායක මැතිනියගේ විපක්ෂයට ආසන 67ක් ලැබුණත් ආණ්ඩුව පිහිටුවා මාස 8ක් නොව වසර ගණනක් යන තෙක් ප්‍රේමදාසට අභියෝග කරන්න බැරි විය. විපක්ෂ නායිකා මැතිනිය ගියේ රෝද පුටුවෙන්ය. ඇය දිගු කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට විදේශගත වී සිටියාය. ඒ කාලය තුළ අනුර සහ චන්ද්‍රිකා පක්ෂයේ බලය සියතට ගන්න යුද්ධයක් පටන් ගත්හ. විපක්ෂයට පණ ආවේ 1991 සැප්තැම්බරයේ ලලිත් සහ ගාමිණී ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ආණ්ඩුවෙන් එළියට ආවාට පසුවය. මහින්ද පාදයාත්‍රා ගියේත් ඉන් පසුවය. එතැන් සිට විපක්ෂය ප්‍රේමදාස විරෝධී රැල්ලක් රටේ නිර්මාණය කළේය.

1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයට ආසන 105ක්, විපක්ෂයට ආසන 94ක් තිබිණි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයේ හිටියේ එක් වැඩි ඡන්දයකිනි. ඕනෑම මොහොතක ආණ්ඩුව පෙරළිය හැකි වුවද එවකට විපක්ෂ නායක රනිල් කිව්වේ ආණ්ඩුවට වසර දෙක තුනක් රට පාලනය කරන්න ඉඩදිය යුතු බවය. හිටපු එජාප මහ ලේකම් සිරිසේන කුරේ ආණ්ඩුව 113 හදා ගන්න මන්ත්‍රිවරු දුන්න මුස්ලිම් කොංග්‍රසය සමඟ ආණ්ඩුව පෙරළන්න යද්දී රනිල් එය කඩාකප්පල් කළේය. අන්තිමේදී සිරිසේන කුරේ නිවාස අඩස්සියට පත්වූයේ ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණය කළ වරදටය.

චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය ජයගත් විට යළි විපක්ෂ නායක ධුරයට පත් රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න සාකච්ඡාවලට ගොස් චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමඟ සටන් විරාමයකට ගියේය. මේ අවස්ථාවේදීද මුස්ලිම් කොංග්‍රසයේ එවකට නායක රාවුෆ් හකීම් ආණ්ඩුවෙන් ඉවත් වී ආණ්ඩුවට බහුතරය නැති කිරීමට කල්යල් බලමින් සිටියේය. රනිල් එය නොතකා නෝර්වේ සංචාරයකට ගියේය. පක්ෂ නියෝජ්‍ය නායක කරු සහ උප නායක ගාමිණී අතුකෝරල රනිල්ට එරෙහිව පක්ෂය තුළ කැරැල්ලක් ගැහුවේ රනිල් ආණ්ඩුව පෙරළීමට උනන්දු නොවන බවට චෝදනා කරමින්ය. ඒ කැරැල්ලේ බලපෑමට රනිල් 2001 ආණ්ඩුව පෙරළීය.

2001 රනිල්ගේ ආණ්ඩුවේ විපක්ෂයත් ශක්තිමත් විපක්ෂයක් නොවේ. මහින්ද රාජපක්ෂව විපක්ෂ නායක කළේ රනිල්ගේ ආණ්ඩුවේ මැදිහත් වීමෙනි. ශ්‍රීලනිපයේ කොටසක් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරමින් සිටියහ. ශ්‍රීලනිපයේ මංගල කල්ලිය විපක්ෂ නායක මහින්දට එරෙහිව ජවිපෙ සමඟ කුමන්ත්‍රණය කළේය. ඒ විපක්ෂයට පණ දුන්නේ ජවිපෙය.

2004 මහ මැතිවරණයෙන් රනිල් යළි විපක්ෂ නායක විය. 2005 ජනාධිපතිවරණය රනිල් පරාජය වී මහින්ද ජනාධිපති විය. ඉන්පසු රනිල්ට එරෙහිව යූ.ඇන්.පී.යේ කැරැලි පටන් ගත්හ. රනිල් කළේ කැරැලිකරුවන් ආණ්ඩුවට යවා මහින්දත් එක්ක ඩීල් එකකින් විපක්ෂ නායක ධුරය ආරක්ෂා කර ගැනීමය. 2007 මංගල සහ ශ්‍රීපති විපක්ෂයට පැමිණ විපක්ෂයට ශක්තිය දී 2008 අය – වැයේදී ආණ්ඩුව පෙරළන්න වැඩ කළත් එය අසාර්ථක විය. එතැන් සිට රනිල් වැඩි කාලයක් හිටියේ විදේශ සංචාරවල යෙදෙමිනි. 2010 ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවී ෆොන්සේකාව දමා ෆොන්සේකා පරාජය වූවාට පසු ෆොන්සේකා විපක්ෂ නායක වේ යැයි බියෙන් රනිල් ෆොන්සේකාට යූ.ඇන්.පී.යෙන් නාම යෝජනා දුන්නේ නැත. මහින්ද ෆොන්සේකාව හිරේට යැව්වාට පසු රනිල් ෆොන්සේකා සමඟ ගනුදෙනු කිරීම නතර කළේය.

2010 රනිල් යළි විපක්ෂ නායක විය. මහින්දට යළිත් වරක් ජනාධිපතිවරණය තරග කරන්න 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එද්දී ඔහු මහින්දට යූ.ඇන්.පී. මන්ත්‍රිවරු බිලිබා ගන්න ඉඩ දී රට ගියේය. ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදීත් රට ගියේය. යළි පැමිණ ශීරාණිට එරෙහිව ආණ්ඩුවට පක්ෂව කතා කළේය. ඉන්පසු ඇමෙරිකාවේ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න යනවා කියමින් මාස ගණනක් ඇමෙරිකාවට වී සිටියේය. ඒ කාලය තුළ ඔහු මාස දෙකකට වරක්වත් විදේශ සංචාරයක නිරත විය. වසර දෙකක් යන තෙක් පාර්ලිමේන්තුවේ කතා කළේ නැත. 2010 සිට 2015 වන තෙක් යූ.ඇන්.පී. බළකොටුව වූ කොළඹ මැයි රැලියත්, පෙළපාළියත් පැවැත්වූයේ නැත. 2010 මැයි දිනයදා පන්සල්වලට ගොස් ආගමික වතාවත් කළේය. මැයි රැලි පැවැත්වූයේ නැත. 2011 මැයි දිනය යාපනයේ පැවැත්වූයේ ටී.එන්.ඒ. පිහිටෙනි. 2012 මැයි දිනය අම්පාරේ මුස්ලිම් පක්ෂවල පිහිටෙන් පැවැත්වූයේය. ඊළඟ මැයි රැලිය බදුල්ලේ වතු කම්කරු පක්ෂවල පිහිටෙන් පැවැත්වීය.

එහෙත් අද ස.ජ.බෙ. පක්ෂය පිහිටුවා වසරක් තුළ කොළඹ මහා මැයි රැලියක් සහ පෙළපාළියක් පැවැත්වීමට සංවිධානය කොට තිබිණි. ආණ්ඩුව කොරෝනා කියා මැයි රැලි තහනම් කළේ ස.ජ.බෙ. රැලියට සහ මෛත්‍රිගේ ශ්‍රීලනිප රැලියට බයෙන්ය. මාස අටක ආණ්ඩුවක් මැයි රැලියක් තියාගන්න බැරි තත්ත්වයට ගෙන ඒම ලෙහෙසි පහසු නොවේ.

රාජපක්ෂලා කොළඹට සෙනඟ ගෙනෙන්න පළාත් සභා, පළාත් පාලන ඡන්ද තියන්න සූරයින්ය. 2005 සිට රාජපක්ෂලා අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තිබ්බේ ජය පිට ජය ලබමින්ය. ඒත් අද රාජපක්ෂ ආණ්ඩුවට පළාත් සභා ඡන්දය තියාගන්න බැරි වෙන තැනට ස.ජ.බෙ. ආණ්ඩු විරෝධය රට පුරා අවුලා ඇත. අනෙක මේ ආණ්ඩුව 1978 ජේ.ආර්.ගේ ආණ්ඩුවටත් වඩා ශක්තිමත් ආණ්ඩුවකි. ජේ.ආර්. තුනෙන් දෙක ගත්තේ කොට්ඨාස ක්‍රමයටය. මේ ආණ්ඩුව තුනෙන් දෙක ගත්තේ කවදාවත් කාටවත් තුනෙන් දෙකක් ගන්න බැරි යැයි ජේ.ආර්.ම කී සමානුපාතික ක්‍රමයටය. අනෙක ස.ජ.බෙ. තම හයිය පෙන්වන්නේ ස.ජ.බෙ. මන්ත්‍රිවරු අත්අඩංගුවට ගැනීම්, රහස් පොලිසියට කැඳවීම් මධ්‍යයේය. ස.ජ.බෙ.ට කිසිදු මාධ්‍යයක් නැත. සිරස හැර මාධ්‍ය කඩේ යන්නේ ආණ්ඩුවට සහ යූ.ඇන්.පී.යටය.

ඒත් ස.ජ.බෙ. මාස 8න් ආණ්ඩුව හතර ගාතෙන් වට්ටවන්න සමත් වී ඇත. රජන්ජන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි වීම ස.ජ.බෙ.ට වැදුණු මරු පහරක් විය. මේ වගේ රනිල් විපක්ෂ නායක කාලයේ 2004 එස්.බී.ටද, 2010 ෆොන්සේකාටද මන්ත්‍රි ධුර අහිමි විය. එස්.බී.ව නිදහස් කරන්න එකල යූ.ඇන්.පී.ය පෙළපාළි යද්දී රනිල් කීවේ රටේ ප්‍රධාන ප්‍රශ්නය ජීවන වියදම මිසක් එස්.බී. නොවේ කියාය. එස්.බී.ගේ මන්ත්‍රි ධුරය අහිමි වූ විට පාර්ලිමේන්තුවේ විරෝධයක්වත් පළ වූයේ නැත. ෆොන්සේකාගේ මන්ත්‍රි ධුරය අහිමි වූ විට විරෝධය පළ කළේ ජවිපෙය. 2005 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා එස්.බී.ව නිදහස් කරන්න යද්දී රනිල් එය නතර කළ බව එස්.බී. ප්‍රසිද්ධියේ කීවේය. අනෝමා ෆොන්සේකාව නිදහස් කර ගන්න යද්දී රනිල් තම මාධ්‍යවලින් එයට පහර ගැසීය.

හැබැයි සජිත් රන්ජන් රාමනායක වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු හඬක් නැඟීය. අද ඔහු රන්ජන්ගේ ඉල්ලීමට ඔහුව නිදහස් කර ගැනීමට ගෝඨාට කතා කිරීමට පවා මැළි නොවීය. රන්ජන්ගේ ආසනය බේරා දීමට ඔහු රන්ජන්ගේ නීතිඥ සුමන්තිරන් සමඟ වෙහෙසුණේය.

අනික ස.ජ.බෙ. ඉතා සූක්ෂමව දක්ෂ ලෙස පාස්කු බෝම්බයේ මහ මොළකරු හොයන්න කියමින් පාස්කු බෝම්බය ආණ්ඩුවටම බූමරංගයක් වන ලෙස කටයුතු කරමින් සිටී. අද කාදිනල් හිමි පවා චෝදනා කරන්නේ ආණ්ඩුවටය. බෝම්බය පිපුරුණ වේලාවේ රනිල් කළේ බෝම්බයේ වගකීම මෛත්‍රි පිට පැටවීමය. එසේ නොකොට බෝම්බයේ වාසිය ගන්නේ විපක්ෂය කියා රාජපක්ෂ ආණ්ඩු කාලයේ මුස්ලිම් අන්තවාදීන් සමඟ ආණ්ඩුවට තිබුණ සබඳතා හෙළි කරමින් ප්‍රචාරක මෙහෙයුමක් දියත් කළා නම් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට මෙවැනි විනාශයක් වන්නේ නැත. රනිල් මෛත්‍රි එක්ක වෛරය පිරිමහ ගන්න බෝම්බය මෛත්‍රි පිට දැමුවේය. අද ස.ජ.බෙ. රාජපක්ෂවරු තමන්ට දමාගැසූ පාස්කු බෝම්බ වගකීම රාජපක්ෂවරුන්ටම දමා ගහන්න සමත් වී තිබේ.

ආණ්ඩුව අද පාර්ලිමේන්තුවේ සජිත්ට පිස්සා කියන්නේ, සජිත් පිස්සා කියා පුවරු ඔසවාගෙන ඉන්නේ පාර්ලිමේන්තුව තුළ සජිත් ආණ්ඩුව දණගස්සලා තියෙන නිසාය. විධායක ජනාධිපති ක්‍රමය තුළ ශක්තිමත්ම විපක්ෂයක් තිබුණෙත් මෛත්‍රි – රනිල් කාලයේය. ඒ ඒකාබද්ධ විපක්ෂයය. හැබැයි ඒ විපක්ෂයට ජනාධිපති මෛත්‍රිගේ ආරක්ෂාව සහ රැකවරණය තිබිණි. එසේ තිබියදීත් ඒකාබද්ධ විපක්ෂයට ස.ජ.බෙ. තරම් පාර්ලිමේන්තුව ගිනියම් කරන්න බැරි විය. රන්ජන්ගේ අසුන අහිමි කරපු දින සිට පසුගිය සතියේත් ස.ජ.බෙ. පාර්ලිමේන්තුව දෙවනත් කළේ ආණ්ඩුව අසරණ කරමිනි.

රනිල් වික්‍රමසිංහ අද නැත්නම් හෙට පාර්ලිමේන්තු එනවා යැයි රාජපක්ෂවරුන්ගේ විපක්ෂයේ ආරක්ෂකයා ලෙස ප්‍රකට වජිර අබේවර්ධන කියන්නේ ආණ්ඩුවේ වුවමනාවටය. සජිත්ට පිස්සා කියලා ගහන ගමන් ආණ්ඩුව කියන්නේ විපක්ෂය පණමදි, රනිල් ඕනෑ කියාය. මහින්ද රුවන්ගේ පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් දී රනිල් පාර්ලිමේන්තු ආ යුතු යැයි කියා තිබිණි. රාජපක්ෂලාට ඕනෑ රනිල්ට ඔක්සිජන් දී රනිල්ව පාර්ලිමේන්තු ගෙනැවිත් ස.ජ.බෙ.ට ගස්සවන්නටය. ඒකට දැන් රනිල් බැඳුම්කර හොරකමට ගෑවිලාවත් නැහැ යැයි ආණ්ඩුව කියයි. පාස්කු ප්‍රහාරය ඉදිරියේ රනිල් සහ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් අහිංසක නොදරුවන් යැයි ආණ්ඩුව කියයි. ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය වෙලාවේ ආරක්ෂාව අනතුරේ දැම්මා කියල විපක්ෂය චෝදනා කළේ ජාතික ආරක්ෂක ඇමැති ඇතුළත්මුදලිටය.

චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ දළදා මාලිගාවට කොටි ගැහුවාම වගකීම භාර ගෙන අයින් වුණේ රාජ්‍ය ආරක්ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේය. පාස්කු ප්‍රහාරය වන වෙලාවේ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන්ට ආණ්ඩුවෙන් කිසිදු චෝදනාවක් නැත. දැන් රනිල්ගේ මඩ ටික හෝදලා පාර්ලිමේන්තු ගෙන එන්න රාජපක්ෂලා දත කට මැදගෙන සිටී. රනිල් කියන්නේ දේශපාලන වශයෙන් මියගිය චරිතයක් බව රාජපක්ෂලාටත් දැන් තේරුමක් නැත. ප්‍රධාන පක්ෂයක නායකයෙක් පාර්ලිමේන්තු ඡන්දය ඉල්ලා ඡන්ද 25,000ක් ගෙන පරාජය වූ ඉතිහාසයක් ලංකාවේ නොව ලෝකේවත් නැත. මියගියාම කරන්න පුළුවන් හොල්මන් කිරීම පමණි. රනිල්ටත් පාර්ලිමේන්තු ආවාට එයට වැඩි දෙයක් කරන්න බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොළඹ-ගම්පහ-කුරුණෑගල අධිඅවදානම් කලාප බවට නම් කරයි

Next Post

පෝට්සිටි පනත සම්මත වූ වහාම චීන බැංකුවක් ලංකාවට එනවා EXCLUSIVE

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.