පසුගිය කාලය පුරාම ආණ්ඩුව ඇතුළේ දැවැන්ත සටනක් රැගෙන ගිය අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඊයේ (20) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජාවේදී දේශපාලන කරුණු කාරණා කිසිවක් සාකච්ජා වී නොමැති බව දැනගන්නට ඇත.
ඉතා සුහද ලෙස මෙම සාකච්ජාව පැවැත්වී ඇති බවද දැනගන්නට තිබේ.
පෙරේදා දිනයේදීද විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අගමැතිවරයා මුණගැසුණු අතර එහිදී පක්ෂ නායක රැස්වීමක් කැදවන ලෙසත්, ඊට තමන් සහභාගී වන බවත් දැනුම් දෙමින් සාකච්ජාව අවසන් කිරීමට විමල්-උදය-වාසු ඇතුලු පිරිස කටයුතු කර තිබිණ.










