නාරාහේන්පිට – දාබරේ මාවතේ නිවසක වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදෙන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.
දියණිය සහ මිනිපිරිය එම පියාට බැණ වදිමින් පහරදෙන්නේ අවශ්‍ය නම් පොලීසියට යන ලෙසටද තර්ජනය කරමිනි.
මේ වනවිට පහරකෑමට ලක්වූ පියා, රෝහල් ගතකර ඇති අතර දියණිය සහ මිනිපිරියට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඔවුන් දෙදෙනාට ඇප ලබා දීමට කටයුතු කොට ඇති බවද දැනගන්නට ඇත.










