• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු ලාල්-රූබන්-නිපුණ එකතුව ‘අයිස්’ කිලෝ 126ක් ලංකාවට පන්නන්න ගහපු ගේම

April 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
කුඩු ලාල්-රූබන්-නිපුණ එකතුව ‘අයිස්’ කිලෝ 126ක් ලංකාවට පන්නන්න ගහපු ගේම
Share on WhatsAppShare on Facebook

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රබලයෙක් සහ පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් එක්ව සිදුකරන දැවැන්ත මත්කුඩු ඡාවාරමක්ද ඉකුත් සතියේ හෙළිකර ගත්තේය. ඒ එම ජාවාරමට සම්බන්ධ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 125කට ආසන්න ප්‍රමාණයක්ද අල්ලා ගනිමිනි. මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. ප්‍රබලයා සිටින්නේ ප්‍රංශයේය. මත්කුඩු ජාවාරම්කරුවන් ඔහුව හදුන්වන්නේ ප්‍රංශ රූබන් යැයි කියාය. අනෙකා මෙරට දේශපාලන ලෝකයේ බලවතුන්ගේ සමීපතයෙක් වන කුඩු ලාල් නමින් කුප්‍රකට පුද්ගලයාය. ඔහු රැඳී සිටින්නේ එංගලන්තයේය.

මෙරට කුඩු රජවරුන් අතර ඉහළින්ම නම කියැවෙන්නේ මේ දෙදෙනාගේය. කුඩු ලාල්ගේ නම මත්කුඩු ජවාරම හා බැඳී ඇත්තේ මෙරට තරුණ පරම්පරාව මත්කුඩුවලට ඇබ්බැහී වූ දා සිටය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරුවලට අනුව මෙරට මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුකක් වන්නේ ලාල්ය. අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් සහ පොලීසියේ ලොක්කෝ එංගලන්තයේ කරක් ගසන්නේ නම් ලාල්ව මුණ ගැසෙන්නට කිසිවිටකත් අමතක නොකරති.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයත් නාවික හමුදාවත් ඉකුත් ජනවාරියේ කළ ඒකාබද්ධ මත්කුඩු වැටලීමේදී මහා මුහුදේදී අල්ලාගත් අයිස් කිලෝ 126 සහ හෂිස් කිලෝ 88 පිටුපසද සිටියේ කුඩු ලාල් සහ ප්‍රංශ රූබන් බව කියවිණ.

එම මත්කුඩු සමග බහුදින යාත්‍රාවක්ද අල්ලා ගත්තේය. එහි සිටි ධීවරයින් සිව් දෙනෙක්ද අත්අඩංගුවට ගත්තේය. තොඩුවාවෙන් ඈත දියඹේ මසුන් මරන්නට මෙන් මුහුදු යන ඔවුන් පකිස්තානයේ සිට මත්කුඩු රැගෙන එන ඉරාන් නෞකාවකින් එම මත්කුඩු තොගය සිය යාත්‍රාවට පටවා ගන්නේ මාලදිවයින් දූපත් ආසන්න මුහුදු සීමාවේය. එය ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළකි. ඉකුත් දෙසැම්බරයේ අවසන් සතියේ එම මත්කුඩු තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පටවා ගන්නා ඔවුන් ගොඩබිම වෙත යාත්‍රා කරන්නේ මෙම මත්කුඩු භාරදීමෙන් පසු අතමිට මෙලවෙන රුපියල් කෝටියක දෙකක මුදල් ගැන සිතමිනි. එහෙත් ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව සිහිනයක් බවට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව විසින් කළ රහස් මෙහෙයුම නිසාය. කුඩු ලාල් සහ ප්‍රංශ රූබන් මෙම මත්කුඩු තොගයේ හිමිකරු වූවත් එම මත්කුඩු තොගය බෙදා හැරීමේ වගකීම පවරන්නේ ජූඩ් ප්‍රියන්ත නැමැති තවත් මත්කුඩු ජාවාරම්කරුවෙකුටය. සුරක්ෂිතව ගොඩබිමට එම මත්කුඩු තොගය රැගෙන ඒමෙන් පසු සිය ගෝලයින් යොදවා ආරක්ෂා කරමින් කුඩු ලාල්ගේ නියෝගයන්ට අනුව බෙදා හිරීමේ කටයුත්ත සිදුුවන්නේ ජූඩ්ගේ කණ්ඩායම මගිනි. ඒ කටයුත්ත ජූඩ් විසින් සිදුකරන්නේද ඩුබායි සිටය.

ඉකුත් දෙසැම්බර් 06 වෙනිදා සුරාබදු නිලධාරීන් විසින් ඉරණවිලදී අල්ලාගත් මත්කුඩු කිලෝ 200 සම්බන්ධයෙන් වූ විමර්ශනවලදීද ජූඩ්ගේ නම කියැවිණ. එහෙත් එම මත්කුඩු තොගයේ ද සැබෑ හිමිකරුවන් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හදුනාගත්තේ කුඩු ලාල් සහ ප්‍රංශ රූබන්වය.

ඊට සති තුනකට පසු ගාල්ල වරාය ආසන්න ජාකොටුව වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් මත්කුඩු ප්‍රවාහනය කළ බව කියමින් අල්ලා ගන්නා බහුදින යාත්‍රාවේද ප්‍රවාහනය කර ඇත්තේ ලාල්ගේ සහ රූබන්ගේ බඩුය. ඒ වන විටත් එම යාත්‍රාවේ තිබූ මත්කුඩු ගොඩබිමට රැගෙනවිත් සඟවාද හමාරය. නාවික හමුදාවට හසුවන්නේ මත්කුඩු ප්‍රවාහනයට මුදල් වෙනුවට බෝට්ටුකරුවන්ට ඡාවාරම්කරුවන් විසින් ලබාදුන් අයිස් කිලෝ 06ක් සහ හෙරායින් කිලෝ 02 ක් පමණි. ඒ අනුව එම යාත්‍රාවේ සිටි සිව් දෙනෙක් නාවික හමුදාව අල්ලා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදුන්නේය. ඒ අය මාරවිල, පානම සහ මීගමුවේ පදිංචිකරුවන්ය. විමර්ශනවලින් හෙළිවන්නේ මත්කුඩු කිලෝ 300ක් එම යාත්‍රාවෙන් රැගෙන විත් ඇති බවකි.

එසේම ඉකුත් නොවැම්බර් 21 වෙනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් වැලිගමදී අල්ලාගත් හෙරොයින් කිලෝ 111 හිමිකරුවාද වූයේ ලාල් සහ රූබන්ය. එම මත්කුඩු තොගයේ මෙරට බෙදා හරින්නා ලෙස හඳුනා ගන්නේ මේ වන විට ඉතාලියේ ජීවත්වන රත්ගම විදුරය.

මෙසේ මෙරට මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින කුඩු ලාල් සහ ප්‍රංශ රූබන්ගේ තවත් මත්කුඩු තොගයක් අල්ලා ගන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට මග පෑදෙන්නේ ඉකුත් 10 වෙනිදා දහවල් වත්තල දුම්රියපොළ පාරේ කළ මත්ද්‍රව්‍ය වැටලීමකි. එහිදී හෙරොයින් ග්‍රෑම් 101 ක් සහ අයිස් ග්‍රෑම් 113 ක් සමග පුද්ගලයෙක් අල්ලාගන්නේ රුපියල් මිලියනයක්ද සමගිනි. වත්තල පැත්තේ පදිංචිකරුවෙක් වන ඔහු සතුව තිබී සොයාගන්නා මුදල් මත්කුඩු ඡාවාරමෙන් උපයාගත් ඒවා බව හෙළිවන්නේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේය. එහිදී මත්කුඩු සඟවා තැබෙන ආරක්ෂක නිවස්නයක් ගැන තොරතුරු හෙළිවන්නේ ද ප්‍රශ්න කිරීම් සහ දුරකතන ජාල විශ්ලේෂණයන් ඔස්සේය. ඒ අනුව 11 වෙනිදා ජා-ඇල නිවන්දම පිහිටි නිවසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාශයේ වැටලීමට ලක්විය. එම නිවස වටකර කළ සෝදිසියේදී අයිස් කිලෝ 13ක් හමුවන්නේ නිවසේ කාමරයක සඟවා තිබියදීය. එම මත්කුඩු තොගය සමග නිවෙස් හිමියා ඇතුළු 06 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. දෙදෙනෙක් කාන්තාවන්ය. එසේම මේ හය දෙනා අතර එකම පවුලේ සිව් දෙනෙක්ද සිටියහ.

මේ අයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ අයිස් කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් එහි දින කිහිපයක් තිස්සේ ගබඩාකර තිබුණු බවය. එම මත්ද්‍රව්‍ය විටෙන් විට විවිධ පුද්ගලයින් විසින් රැගෙන ගොස් ඇති බවද හෙළිවන්නට විය. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් නිවසට කඩා වැදීමට පැය කිහිපයකට පෙරද කිලෝ 50කට වැඩි මත්කුඩු තොගයක් වාහනයක පටවා රැගෙන ගිය බවද හෙළිවන්නට විය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එතැන් සිට එම මත්ද්‍රව්‍ය තොගය සොයා විමර්ශන ආරම්භ කරන්නේ මත්කුඩු පටවාගෙන ගියේ යැයි කියන වාහනය ඔස්සේය. වාහනයේ වර්ගය හා හැඩරුව ඔස්සේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආරක්ෂක කැමරා දත්ත පිරිසමින් 12 වෙනිදා පෙරවරුවේ වටලන්නේ සපුගස්කන්ද රත්ගහවත්තේ පිහිටි නිවසකි. එහි දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට හමුවන්නේ අයිස් කිලෝ 110ක් අඩංගු බහලුම් 91කි. ඒත් සමග එම මත්කුඩු සැඟවීමටත්, ප්‍රවාහනයටත් සම්බන්ධ 05 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. එම මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබෙන්නේ ප්ලාස්ටික් ඇසුරුමකය. ඒ බැලූ බැල්මට අයිස් යැයි හදුනා ගැනීමට නොහැකිවන ලෙසිනි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සැඟවූ නිවස මත්ද්‍රව්‍ය සැඟවීමටම කුලියට ගත්තකි. ඒ වන විටත් එම නිවස කුලියට ගෙන සතියක් දෙකක්වත් නැත. එහි පළමු මත්ද්‍රව්‍ය තොගය සඟවා පැය 48 ක් ගතවන්නට මත්තෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට සියලු දෙනාම කොටුවන්නේ තවවදුරටත් එම නිවස ආරක්ෂක නිවස්නයක් ලෙස භාවිතා කරන්නට ඉඩ නොතබමිනි. මෙම මත්කුඩු ජාලයේද කුඩු ලාල් සහ ප්‍රංශ රූබන් සිටින බව හෙළිවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඒ ගැන කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ප්‍රධාන ඡාවාරම්කරුවන් ඔවුන් දෙදෙනා වූවත් මෙම මත්කුඩු තොගය බෙදා හැරීමේ ඡාලය භාරව සිටියේ නිපුන නැමැත්තෙකුටය. ඔහුද සිටින්නේ ඩුබායි හී වීම විශේෂිතය.

පොලිස් තොරතුරුවලට අනුව උතුරේ වැසියෙක් වන රූබන් අවසන් යුද්ධයේදී ඉදිරි පෙළින්ම සිට බෝට්ටුවක නැගී ඉන්දියාවට පළාගිය අයෙකි. ප්‍රංශයේ රැඳී සිටින ඔහු මත්කුඩු පමණක් නොව ඉන්දියාව සහ මෙරට අතර සිදුවන කේරල ගංජා ජාවාරමටද සම්බන්ධය.

මෙතරම් මත්කුඩු ජාවාරමකට ලාල්ගේ නම නිරන්තරයෙන් කියැවුණත් ඔහුට එරෙහිව මෙරට කිසිදු අධිකරණයක මත්කුඩු නඩුවක් අදටත් ගොනුවී නැත. ඒ ලාල්ට පොලීසියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගෙන් ඇති හයි හත්තිය නිසාය. වරක් ලාල්ට ගිනි අවි බලපත්‍රයකට රෙකමදාරුවක් පොලීසියක ස්ථානාධිපතිවරයෙකුගෙන් ලැබෙන්නේද ඒ නිසාය. පාතාලයට එරෙහිව සුදුවෑන් රථ මෙරට ක්‍රියාත්මක වන විට ජීවිතාරක්ෂාව පතා එංගලන්තයට පැන ගන්නට කටුනායක ගුවන් තොටුපොළට ආරක්ෂිතව ඔහුව රැගෙන ගිය බව කියන්නේද එවකට රජයේ සිටි ඇමතිවරයෙකි. ඒ එම ඇමතිවරයාගේ ආරක්ෂකයින්ගේ මෙන්ම ඇමතිවරයාගේ ආරක්ෂාවද සහිතවය. ලාල්ට හැම පැත්තෙන්ම රැකවරණය ඇත්තේ ඒ නිසා විය හැකිය.

කෙසේ වෙතත් කොතරම් අයිස් නැමැති මත්ද්‍රව්‍ය ඇල්ලුවත් ඊට නිසි නීතියක් අපේ රටේ තවමත් ක්‍රියාත්මක නොවන බැවින් අයිස් ඡාවාරම්කරුවන් හැමදාම සිටින්නේ නිදහසේය. හෙරොයින් ග්‍රෑම් දෙකට මරණීය දණ්ඩනය ලබාදෙන ලෙස නීති සකස් වී ඇති අපේ රටේ ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යක් වන අයිස් කිලෝ සිය ගණනක් අල්ලාගත්තත් වසර දෙක තුනකට වඩා දඬුවමක් හිමිවන්නේ නැත. අයිස් සමග අද අල්ලාගන්නා ඡාවාරම්කරුට හෙට දිනයේ ඇප ලැබෙන්නේද අයිස්වලට නීතියක් අපේ රටේ නැති නිසාය. අයිස්වලට අද වන විට අපේ රටේ පවතින නීතිය ගංජා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතියටත් වඩා සරලය. ගම් මට්ටමින් මේ වන විට ඇතැම් ජාවාරම්කරුවන් තරුණයින් සහ වැඩිහිටි පාසල් සිසුන් ඉලක්ක කරගෙන ප්‍රසිද්ධියේ අයිස් බෙදන්නේද එබැවිනි. අයිස්වලට පමණක් නොව, කෘත්‍රිම මත්ද්‍රව්‍ය ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ගොන්නකටම වසර ගණනාවක් තිස්සේ අපේ රටේ ක්‍රියාත්මක විය යුතු නීතිය සම්බන්ධයෙන් කෙටුම්පත් සකස් වී ඇතත් ඒවා සම්මතවී ක්‍රියාත්මක වනවා වෙනුවට ඇත්තේ හමස් පෙට්ටියේය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

කොරෝනා බරපතළ බව ඇමැති පිළිගනී: අලුත් ප්‍රභේදයක්: ශීඝ්‍ර වැඩිවීමක්: ICU පිරිලා

Next Post

වෛද්‍ය සභාවට හොරු පනී! ෆයිල් රැසක් අතුරුදන්!!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.