2019 ලෝක විවාහක රූ රැජින ලෙස තෝරා ගත් කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කර තිබේ.
2020 විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම හා අභූත චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන පසුගිය අප්‍රේල් මස 8 වන දින පොලිස් ඇප මත නිදහස් කෙරුණි.
ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුව සමථයට පත්කර ගැනීමට පැමිණිලිකාර පුෂ්පිකා ද සිල්වා මහත්මිය එකඟ වී ඇති බව නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.
එහිදී කුරුඳුවත්ත පොලීසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ, එම ගැටුමේ දී නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ 4ක පමණ අලාභයක් සිදුව ඇති බවය.
ඒ අනුව එම අලාභය නිශ්චිතව ගණනය කර නීතිපතිවරයා වෙත යවා උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියෝග කර තිබේ.
නඩුව ජූනි මස 28 වන දින යළි කැඳවීමට නියමිතය.
පැමිණිලිකාර පාර්ශවය වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටිනු ලැබීය.









