වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ජාවක් නිර්මාණය වී තිබේ.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට කටයුතු කිරීමත් සමගිනි.
ඉකුත් අලුත් අවුරුදු දා විපක්ෂනායකවරයා රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට ගොස් තිබිණ.
පසුව විපක්ෂනායකවරයා රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් සාකච්ජා කර ඇති බව දැනගන්නට ඇත.









