අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට අධම භාෂාවකින් ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බවත්, ජනාධිපතිවරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව තමනට පහත් ලෙස බැන වැදුණු බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ කියයි.
අද (16) දින දිය නිවෙසේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විජයදාස රාජපක්ෂ මහතා ඒ බම ප්‍රකාශ කළේය.
එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.
තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළ බවත්, තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට අමතරව විජයදාස රාජපක්ෂ මහතා හා මුරුත්තෙට්ටුවේ හිමියන් එක්ව විශේෂ සම්මුඛ සාකච්ජාවක්ද අද දිනයේ සිදුකිරීමට නියමිත බව දැනගන්නට ඇත.










