මුලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ කුඹුරු වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (15) සවස 6.30 පමණ අකුණුසැර වැදීමෙන් ගොවීන් තිදෙනා එම ස්ථානයේ දීම මියගොස් ඇතැයි වාර්තා වේ.
එම ප්‍රදේශයට දැඩි උෂ්ණත්වයක් පැවතියත් සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇඳ හැලුණ බවත්, එම අවස්ථාවේදී මෙම ගොවීන් තිදෙනා කුඹුරේ තැන් 3ක වැඩ කරමින් සිට ඇති බවත් වාර්තා වේ.
කෙසේවෙතත් එකවර පුපුරා ගිය අකුණකින් මෙම තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් දැනගන්නට ඇත.










