රිය අනතුරු හේතුවෙන් ඊයේ (14) දින තුළ පමණක් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් මරණ 10ක්ම වාර්තා වී ඇත්තේ ඊයේ දිනය ඇතුළත සිදුවූ රිය අනතුරුවලින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඊයේ දිනය තුළ අධිවේග මාර්ගවල සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 12කි.
වෙනත් මාර්ගවලදී රිය අනතුරු 109ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව ඊයේ දිනය තුළ රිය අනතුරු 121ක් පමණ වාර්තා වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 74කි.
එලෙස රිය අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇත්තේ යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 53කි. අනතුරුවලට ලක්වූ ත්‍රීරෝද රථ සංඛ්‍යාව 30කි.










