ආණ්ඩුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කළද පවතින තත්ත්වය යටතේ මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය නීති ප්‍රතිපාදන මෙතෙක් සම්මත වී නොමැති බවත්, අවම වශයෙන් ඊට අදාළ කෙටුම්පත පාර්ලමේන්තුවට හෝ ඉදිරිපත් කොට නොමැති බවත්ය.
මේ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් ආණ්ඩුවේ පක්ෂ සහ අගමැතිවරයා අතර පැවැත්වීමටද නියමිතය.











