”ලබන මැයි මස පළමු සතියේදී රංජන් රාමනායක වෙනුවෙන් මම දේශපාලනික තීන්දුවක් ගන්නවා. මම ආණ්ඩුවට අභියෝග කරනවා, ඔවුන් එය ඉටු කළොත් මම යළිත් වරක් මෙරට ජනතාවට මගේ කොන්ද පෙන්වනවා… අද මම කුතුහලයක් ඇති කරනවා” යැයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊයේ (11) පැවති රැස්වීමකදී ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව රන්ජන් රාමනායක මහතාට යළි පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය පරිත්‍යාග කිරීමට සුදානම් බව දන්වමින් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.
සිව්වසරක සිර දඬුවම් සඳහා නියමවූ රන්ජන් රාමනායක හට විශේෂ සමාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඒ අනුව රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සුදානමින් සිටින බවයි වාර්තා වේ.










