• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර එළියට ඇවිත් ආණ්ඩුව හෙළිදරව් කරයි

April 12, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
අනුර එළියට ඇවිත් ආණ්ඩුව හෙළිදරව් කරයි
Share on WhatsAppShare on Facebook

වරාය නගරය ‘චීන ප්‍රාන්තයක්’ කිරීමට ආණ්ඩුව පනතක් සම්මත කර ගැනීමට සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්…

“පසුගිය මැතිවරණයෙන් අපේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ 2/3කට ආසන්න බලයක් මේ ආණ්ඩුවට ලබාදුන්නා. ඒ මොහොතේ විශාල බලයක් ඉල්ලුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලු විසඳීමට ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ කියන පදනම මතයි. ඒ වගේම රට හමුවේ ඇති අභියෝග ජයග්‍රහණය කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ කිව්වා. නමුත් මේ පාර්ලිමේන්තුවේ 2/3ක උපයෝගි කරගෙන පාර්ලිමේන්තුවේ සම්මත කළේ මොනවද? 20වැනි සංශෝධනය සම්මත කර ගැනීම මගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේත් අධිකරණයේත් බලය තමන් යටතට කේන්ද්‍ර ගත කරගනු ලැබුවා. ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පත්වීමට තිබූ බාධාව ඉවත් කරගනු ලැබුවා. 20 මගින් ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැති වුණත් ජනාධිපතිවරයාගේ හා පවුලේ සමීපතමයින්ගේ ප්‍රශ්න විසඳා ගනු ලැබුවා.

ඒ වගේම පසුගිය 09වැනි සිකුරාදා දින ආණ්ඩුව දේශපාලන පළිගැනීම් පිළිබද කොමිෂන් සභාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. එය එළඹෙන 21වැනි දින න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. මෙමගින් ආණ්ඩුවට සම්බන්ධ අයගේ හා හිතවතුන්ගේ නඩු 70කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට එවා තිබෙනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් අගමැතිවරයා විසින් මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දූෂණ, හොරකම් හා අපරාධ සම්බන්ධ නඩු ඉවත් කිරීමට මෙයින් යෝජනා කර තිබෙනවා. අපි ජනතාවගෙන් අහන්නේ ඔබ 2/3ක බලයක් ආණ්ඩුවට දුන්නේ මේ වෙනුවෙන්ද?

මේ නඩු ඉවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අත එසවීමට කැමැත්තෙන් සිටින්නේ එම නඩුවල විත්තිකරුවන්ව වි සිටි ගම්මන්පිලලායි, නාලක ගොඩහේවලායි. මේ අතර උදයංග වීරතුංගට එරෙහි නඩු, ඇවන්ට්ගාඩ් නඩු, ළමුන් පැහැරගෙන ඝාතනය කිරීම සම්බන්ධ නඩු, ලසන්ත වීරතුංග ඝාතනයට අදාළ, කීත් නොයාර්ට පහර දීමට අදාළ අපරාධකරුවන් නිදහස් කිරීමට මෙයින් යෝජනා කර තිබෙනවා.

මේ නඩුවල විත්තිකරුවන් නිදහස් කිරීමට පමණක් නොව මෙ චෝදනා පිළිබඳ පරීක්ෂණ කළ නිලධාරීන්ට, නඩු ගොනු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, නඩු විභාග කළ මහේස්ත්‍රාත්වරුන්ට, පැමිණිලිකරුවන්ට පෙරළා නඩු පැවරීමට මෙමගින් නිර්දේශ කර තිබෙනවා. ජනතාවට තමන් ඡන්දය දුන්නේ මේ වෙනුවෙන්දැයි සිතා බැලිය හැකියි.

එසේම පසුගියදා ආණ්ඩුව තමන්ගේ 2/3 බලය උපයෝගී කරගෙන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. මේ කොළඹ නගරය ආසන්නයේ ඉදිකරන ලද වරාය නගරයේ අක්කර 1115ක භූමියෙන් 80%ක් චයිනා හාබර් සමාගමට අයිතියි. මෙම සමාගම පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ගේ මැතිවරණ වෙනුවෙන් හා අරමුදල් වෙනුවෙන් විශාල ලෙස මුදල් පොම්ප කළ බවට තොරතුරු ඉදිරිපත් වුණා. රටේ පොදු නීතියට යටත් නොවන කලාපයක් ලෙස නම් කරන ලෙසට මෙම සමාගමෙන් ආණ්ඩුවට දිගින් දිගට බලපෑම් එල්ල වී තිබුණා. සැබැවින්ම මේ පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපාය සංවර්ධන පනත ලෙස අපේ රටේ සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ඒ පනත්වලින් විශාල ලෙස බදු සහන ලබා දිය හැකියි. රාජපක්ෂලා ශ්‍රැංග්‍රිලා හෝටලයට වසර 25කට බදු සහන ලබා දුන්නේත් රනිල්ලා හම්බන්තොට වරාය විකිණිමේදී චීන සමාගමට බදු සහන ලබාදුන්නේත් ඒ යටතේයි. එසේ තිබියෙදී එම පනත් ක්‍රියාත්මක නොකර වරාය නගරයට අදාළ කොමිෂන් සභාවක් යටතේ වෙනම ප්‍රාන්තයකට අදාළ තරම් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

● එම වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන විශේෂ කලාපයක් වනවා.

● පළාත් පාලන ආයතන ප්‍රදේශ පාලනය වන්නේ එහි ජීවත්වන ජනතාවගේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයින් මගිනුයි. එහෙත් වරාය නගරය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් මගිනුයි.

● එම කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කිසිවක් කිරීමක් වෙනුවෙන් හෝ නොකර හැරීමක් වෙනුවෙන් අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ලැබෙනවා. එය ජනාධිපතිවරයාට සමාන ආකාරයේ නොවූවත් එවැනි මුක්තියක්.

● මෙම කොමිෂන් සභාවට විශේෂ මූල්‍ය බලතල ලැබෙනවා. කොමිසමට වෙනම අරමුදලක් පවතිනවා. රාජ්‍ය ආදායම් එකතුවන්නේ ඒකාබද්ධ අරමුදලටයි. එයින් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට එයින් පරිභාහිරව පාර්ලිමෙන්තු අනුමැතිය අවශ්‍ය නොවන වෙනම අරමුදලක් පවත්වා ගෙන යා හැකියි.

● වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට විවිධ බදු සහන ලබාදීමේ බලය හිමියි. සාමාන්‍යයෙන් බදු සහන ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. නමුත් මෙම ‘ප්‍රාන්තය’ට විශේෂ බදු සහන බලය හිමියි.

● රාජ්‍යයට ලැබෙන මුදල් විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වෙනවා. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ මුදල් විගණනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් විසිනුයි. එය රාජ්‍ය විගණනයෙන් ඉවත් කරනු ලැබ තිබෙනවා.

● රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවේ කෝපා (ඣඡ්) සහ කෝප් (ඣඡෑ) හමුවට කැඳවනු ලැබිය හැකියි. එහෙත් මේ ‘චීන ප්‍රාන්ත’ පාලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවිය නොහැකියි.

● මෙම වරාය නගරය තුළ ආයෝජනය කළ හැක්කේ විදේශිකයන්ටයි. එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම වක්‍ර ලෙස වළක්වා තිබෙනවා. ඒ අරමුදල් විදේශයන්ගෙන් සම්පාදනය කරගන්නා අයෙකුට පමණක් මෙහි ආයෝජනය කළ හැකි බව දන්වා සිටීමෙනුයි. එහි කෙටි තේරුම මෙම වෙනම ප්‍රාන්තයක් වීමයි.

● මෙම වරාය නගර කලාපය තුළ සේවය කරන අයට වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශීය මුදලකින් බව ප්‍රකාශ කරනවා. එය චීන ‘යුවාන්’ විය හැකියි.

● මෙහි සේවය කරන්නවුන්ගේ ආදායම්, ආදායම් බදුවලින් නිදහස් කරනු ලැබ තිබෙනවා. එම මුදල් මෙරට විදෙස් ව්‍යවහාර ගිණුමක තැන්පත් කළ හැකි බව ප්‍රකාශ කරනු ලබනවා.

● ශ්‍රී ලංකා පුරවැසියන් කොළඹ වරාය නගරයේ සේවා මුදල් ගෙවා ලබා ගත හැකි වුවත් එයින් පිටව යද්දී මිලදී ගත් භාණ්ඩවලට බදු ගෙවිය යුතු වෙනවා. මෙයින් මෙම කලාපය වෙනම රටක් බවට ඒත්තු ගන්වනවා.

● වරාය නගරය ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළ ආරවුල් විසඳා ගත යුත්තේ ජාත්‍යන්තර බේරුම්කරණයෙනුයි. නිදසුනක් ලෙස තෙල් සංස්ථාව හා ජාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් හෙජිං ගිවිසුම පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු වුණා. ඒ රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගන්නා ක්‍රමයයි. ඒ අනුව කොමිෂන් සභාව හා ආයතන අතරත් ආයතන සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් එහි පිහිටුවනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයකට පැවරෙනවා.

ඒ විතරක් නෙවෙයි දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත, මහ නගර සභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන ක්‍රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත වැනි වැදගත් පනත් මේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා. එමෙන්ම ආදායම් බදු පිළිබඳ නීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 11 දරණ මුදල් පනත, 2005 අංක 05 දරණ මුදල් පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය තිබෙන රේගු ආඥා පනත, වරාය හා ගුවන්තොටුපල බදුවලට අදාල වරාය හා ගුවන්තොටුපල සංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු පනත, හිතු පරිදි සමාගම්වල කැමැත්ත පරිදි සේවකයින් සේවයෙන් පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාල අයිතිවාසිකම් ආරක්ෂා වෙන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යන පනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් යම් වගන්ති සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා. එනිසා සැලසුම් සකස් කරමින් තිබෙන්නේ මෙම වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටයි. චීනයට හොංකොං පිලිබඳ සැලැස්මට සමාන සැලැස්මක් තමයි වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තියෙන්නේ.

ඒ වගේම ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසන් සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතු බව කොතනක හෝ සඳහන් වෙන්නේ නැහැ. එනිසා කොමිසන් සභාවේ සාමාජිකයින් චීන ජාතිකයින්ද යන්න සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ආවේ දේශප්‍රේමී, ජාතික සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් විදියට. ලිබර් ආර්ථිකය පිළිබඳ විශාල විවේචනයක් ගොඩනගන ලද පාලනයක්. ආර්ථික ලිබරල්කරණයේ ප්‍රධාන අංගයක් තමයි ආයෝජන මණ්ඩල සහ ක්‍රමෝපායික සංවර්ධන පනත. ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද ලිබරල් ආර්ථිකයට එරෙහි මතය ජාතික ආර්ථිකය පිළිබඳ වහසිබස් බවට පත්කරමින් රටේ අන පනත් අහෝසි කරමින් ආර්ථිකය නිදහස් කිරීමට නියමිතයි.

අපේ රටේ ඉතිරි වී තිබෙන ආර්ථිකයේ කොඳුනාරටිය කඩා ආර්ථිකය බලවත් රාජ්‍යන්ට පිළිගැන්වීමේ ප්‍රයත්නයක් තමයි මේ දියත් වෙමින් තිබෙන්නේ. එනිසා මෙම ක්‍රියාදමය පරජයට පත්කළ යුතුයි වාගේම මේ රටේ පුරවැසියන් මීට එරෙහිව හඬක් නැගිය යුතුයි. ඒ වගේම අපේ නීතිඥ කණ්ඩායම් මගින් අපි සොයා බලනවා මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත හැකිද කියලා. නමුත් ආණ්ඩුව මේ රටේ අධිකරණයත් තමන්ට අනුව හසුරුවාගත හැකි මධයස්ථානයක් බවට පත්කරගෙන ඉවරයි. ඒ ඇයි කියලා දැන් හොඳටම පැහැදිලියි. 20 සංශෝධනය මගින් ජනාධිපතිවරයාට බලය එක්රැස් කරගත්තේ මේ නිසයි. ලංකාවට අදාල සියලු නීති උල්ලංඝනය කරමින් චීන රජයට හා චීන හාබර් සමාගමට අවශ්‍ය පරිදි ප්‍රාන්තයක් ගොඩ නැගීම සඳහා තමයි මේ නීතී සකස් කරමින් තිබෙන්නේ.”

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු….

“ඔබ කියූ පරිදි මෙම කලාපයේ පොලිසිය සහ හමුදාව ක්‍රියාත්මක වීම පිළිබඳව සඳහන් වෙලා නැහැ. අපේ රටේ දේශපාලන බලය කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුව, පළාත් සභාව නගර සහා සහ ප්‍රාදේශීය සභාවලට. නමුත් මෙම ප්‍රාන්තය මෙම ආයතනවල පාලනයෙන් ගිළිහුණු එකක්. අපේ රට මූල්‍ය නීතිවලින් ගැටගසා තිබෙනවා. නමුත් මෙම කලාපයට එම නීති අදාල නැහැ. ඒ වගේම අපේ රටට පොදු ව්‍යවාර මුදල් ඒකකයක් තිබෙනවා. නමුත් මෙම කලාපයේ රුපියල වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් පොලිසිය සහ හමුදා ක්‍රියාදාමයක් ඔස්සේ අපේ රට ජාතික ආරක්ෂාවෙන් බැඳ තබා තිබෙනවා. නමුත් මෙම කලාපයේ තුල පොලිසියට හා හමුදාවට තිබෙන බලතල මොනවද කියලා පැහැදිලි නැහැ. ඒ වගේම මෙම කලාපය තුළ අපේ රටට අදාල පොදු රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. වෙනම සේවාවක් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ නිසා රටක් ලෙස එකට බැඳිය හැකි සියලු සාධකවලින් මෙම කලාපය නිදහස් කර තිබෙනවා. ඒනිසා තමයි අපි කියන්නේ මේක වෙනම චීන ප්‍රාන්තයක් කියලා.

ආණ්ඩුව විසින් 5000ක දීමනාව ලබාදීමට ගත් තීන්දුව හොඳයි. මේ වගේ ආණ්ඩුව විවිධ උත්සාහයන් ගත්තා. එක අවස්ථාවක රුපියල් 1000ට බඩු මල්ලක් දෙනවා කිව්වා. බඩු මිල අඩුකරනවා කිව්වා. විශාල ගැසට් ප්‍රමාණයක් ගැහුව්වා. ආණ්ඩුව නොකෙරෙන වෙදකම් ගොඩක් කළා. අන්තිමේට 5000 කියන තීන්දුවට ආවා. තීන්දුව ගන්නා විට අවුරුද්ද පෙර ඉදිරි දිනයන් රජයේ නිවාඩු දිනයි. මේ පාලකයෝ රට පිළිබඳව හෝ ආර්ථිකය පිළිබඳව හෝ ජනතාවගේ අමාරුකම් පිළිබඳව කිසිදු දැක්මක් නැති පාලකයෝ. බොහෝ අය කිව්වේ ගෝඨාභය දුරදකින පාලකයෙක් කියලා. නමුත් ගෝඨාභයට තමන්ගේ නාසයේ සීමාවවත් පේන්නේ නැහැ.”

SendShareShare
Previous Post

ගස් කැපිල්ල ඉවරයි: දැන් වැලි කැපිල්ල ඇරඹෙයි: යාල අනතුරක (VIDEO)

Next Post

ආණ්ඩුව අන්තර්ජාලයට අත තියයි: වැරදි පුවත් දැම්මොත් වෙන්න යන දේ මෙන්න

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.