මැලේසියාවේ සිට පිළිකා කාරක පොල් තෙල් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව අල්ලස් කොමිසට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයි අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය මව්රට පුවත්පතට පැවසුවාය.
සෑම අඟහරුවාදා දිනකම අල්ලස් කොමිසම රැස්වන අතර මෙම පැමිණිල්ල ලැබී ඇත්තේ පසුගිය අඟහරුවාදා දිනයෙන් පසුව බවත් එබැවින් එය ලබන අඟහරුවාදා (20) රැස්වන කොමිසමට යොමු කරන බවත් ඇය සඳහන් කළාය.
ලබන අඟහරුවාදා දිනට සිංහල අලුත් අවුරුදු දිනය නිසා කොමිසම රැස් නොවේ.
මේ අතර මහා පරිමාණ සීනි බදු වංචාව පිළිබඳවද දැනට අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිලි තුනට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.










