එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර අලුත් දේශපාලන හිතවත්කමක් ඇතිව තිබෙන සිදුවීමක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ ලිපි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ ලිපිකවරවල බහා රට පුරා බෙදාහැරීම හරහාය.
පසුගිය දිනවල සිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය සමග එක්වීම හේතුකොට ගෙන එම පක්ෂය විනය පරීක්ෂණ පවත්වන බව දැනුම් දෙමින් මන්ත්‍රීවරුන්ට ලිපි යොමු කොට ඇති අතර ඒ සදහා දෙමළ සන්ධාන මන්ත්‍රී අඩෛක්කිලනාදන් මහතාගේ ලිපි කවර භාවිත කර තිබීම විශේෂ සිදුවීමකි.










