• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියට අලුතින් 10000ක්: රණවිරු විශ්‍රාම වැටුප දිවි ඇති තෙක්: ජනපති තීන්දු කරයි

April 8, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසියට අලුතින් 10000ක්: රණවිරු විශ්‍රාම වැටුප දිවි ඇති තෙක්: ජනපති තීන්දු කරයි
Share on WhatsAppShare on Facebook

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (08) රැස් විය.

වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙයයි.

ජනාධිපතිතුමා ඊට සහභාගී වූයේ කාරක සභා සභාපති ධූරය විෂයභාර ඇමතිවරයාට හිමිවන බැවිනි.

ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය ප්‍රවර්ධනය, රණවිරු වැටුප්, මත්ද්‍රව්‍ය නිවාරණය, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතනවල වාර්ෂික වාර්තා වැනි විෂයය ගණනාවක් එහිදී සාකච්ඡාවට ලක් විය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැස්වීමට එක්ව සිටියහ. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට මැති ඇමතිවරු මෙතරම් පිරිසක් සහභාගි වූ මෑත කාලයේ ප්‍රථම අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු නිලධාරීහූ සඳහන් කළහ.

නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි කීය. ඒ සමගම පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම පිණිස ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම 10,000ක් අලුතින් බඳවා ගැනෙති.

ආබාධිත සහ මිය ගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම පිණිස අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපතිතුමා කීය.

මිය ගිය රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටත් එකී වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ලබා ගැනීමට ද මින් අවස්ථාව සැලසේ. රණවිරු පවුල්වල ඉල්ලීම ඉටු කරන බව සඳහන් කළ එතුමා ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් පෙන්වා දුන්නේය. මින් පෙර කාලවලදී කළ අයුරින් උද්ඝෝෂණකරුවනට වත්මන් රජය කිසිදු හිරිහැරයක් නොකළ බව ජනාධිපතිතුමා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් කළහ.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ අදහස් හුවමාරුවේදී ඉදිරිපත් වූ යෝජනාවකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන නව ජාතික ප්‍රතිපත්තිය දැන් සම්පාදනය කොට අවසන් බව පැවසීය. එය ළගදීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයේ දී ආගමික උපදේශනය භාවිත කිරීමේ වැදගත්කම එතුමා පෙන්වා දුන්නේය.

ආගමික අන්තවාදය ඇතුළත් පොත පත තහනම් කිරීම පිළිබඳව මතු වූ අදහසකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා මේ තීරණය නිශ්චිත ආගමක් ඉලක්ක කොට ගත්තක් නොවන බවත්, පොදුවේ සෑම ආකාරයකම ආගමික අන්තවාදය පිටුදැකීම අරමුණ බවත් පැවසීය.

ආරක්ෂක හමුදාවනට අයත් ප්‍රයෝජනයට නොගත් ඉඩම්වල පොල් හෝ වෙනත් සුදුසු බෝග වගා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සදහා භාවිත කළ හැකි ඉඩම් හඳුනාගන්නැයි ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහූ ද සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 04ක් පිරීම නිමිත්තෙන් දීප ව්‍යාප්තව සංවිධාන කළ සම්මේලන මාලාව සමග සම්පාදනය කෙරුණු සමරු කලාපය උපදේශක කාරක සභා රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. “සිව් දෙස සුරැකි සිව් වසර” සම්මේලන මාලාව යනුවෙන් නම් කළ සමරු කලාපය පිළිගන්වන ලද්දේ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ මාධ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් විසිනි.

SendShareShare
Previous Post

මාන්නප්පෙරුම හෙට දිව්රයි!

Next Post

පෙරළිය අත ළග: විමල්-උදයලා ශ්‍රීලනිපයට රිංගයි (VIDEO)

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.