යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බළකායක් ආරම්භ කළ බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියි.
කෙසේ වෙතත් අදාළ මහනගරසභා පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් සහ අදාළ ඒකකයේ කාර්යභාරය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නගරසභා නිලධාරීන්ට යාපනය පොලීසියට පැමිණෙන ලෙසටද දැනුම් දී ඇත.
එමෙන්ම පස් දෙනෙකුගෙන් යුත් නගරසභා පොලිස් ඒකකයේ නිලඇඳුම යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධායට අයත් පොලිස් නිලධාරීන් විසින් භාවිතා කරන ලද නිලඇඳුමට සමාන කමක් ඇති බවටද යාපනයේ ජනතාව පවසයි.
අදාළ පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියේ යාපනය නගරයේ ප්‍රධාන වීදි අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර සහ දඩ මුදලක්ද නියම කිරීමට සූදානමක් ඇති බවටත් එහිදී මාර්ගයේ බුලත් විට කෙල ගසන්නන්, විවිධ අයුරින් මාර්ගයන් අපවිත්‍ර කරන්නන් ,සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හා පොදු ස්ථානවල අනවසරයෙන් වාහන නැවත්වීම් වැනි කරුණු වෙනුවෙන් රුපියල් 1000 සිට රුපියල් 5000 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමේ සුදානමක් පවතින බවටය.
එමගින් යාපනය දිස්ත්‍රීක්කයේ පවතින කොරෝනා අවධානම මැඩපැවත්වීමත් නගරය පිරිසිදුව තබාගැනීමටද හැකිවන බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවනන් මහතා වැඩිදුරටත් පැවසීය.











