• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මට දෙමළා කියා ගැහුවා…’ මහරගම පොලිස්කාරයා බිම දාගෙන ගැසූ රියැදුරු පළමුවරට කට අරී

April 1, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
‘මට දෙමළා කියා ගැහුවා…’ මහරගම පොලිස්කාරයා බිම දාගෙන ගැසූ රියැදුරු පළමුවරට කට අරී
Share on WhatsAppShare on Facebook

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අමානුෂික ලෙස පහර කෑ රියදුරු තමන්ගේ එම අමිහිරි අත්දැකීම පිළිබඳව සියල්ල හෙළි කර තිබේ.

මෙලෙස පහර කෑමට ලක්ව තිබුණේ කලෙයිමගන් ප්‍රවීන් නම් තරුණයෙකි.

එළවළු වෙළෙඳාමේ නිරත වන ප්‍රවීන් පසුගිය 29 වැනිදා අලුයම 1ට පමණ බණ්ඩාරවෙල නගරයේ සිට කොළඹ බලා පිටත්ව පැමිණ ඇති අතර පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහුව මාර්ග තදබදයට හසුව තිබේ.

ඔහු එම අත්දැකීම පිළිබඳව පවසමින් කියා සිටියේ “..මම උදේ 8 – 8.15 වෙනකොට තමයි මාව ට්‍රැෆික් එකට සෙට් වුණේ…එතනට ඇවිල්ලා මම ට්‍රැෆික් එකේ ඉන්නකොට අව්වේ සැරට නින්ද ගියා..ඒ නිදිමතෙන් තමා මංවත් දන්නේ නැහැ වාහනේ මං හිටපු පැත්තේ ඉඳලා අනිත් පැත්තට පාරට හැරුණේ කියලවත් මතක නැහැ.. අර ගැට්ටේ වැදුණාට පස්සේ තමා මං එක පාර ඇහැරුණේ…” ලෙසිනි.

තමන් ඇහැරුණු පසුව වාහනය ඉස්සරහ කෙනෙක් සිටින බව දුටු බව පැවසූ ප්‍රවීන් තවදුරටත් සඳහන් කර සිටියේ “මගේ වාහනේ ඉස්සරහ එක්කෙනෙක් යට වෙන්න ඔන්න මෙන්න ඉන්නවා කියලා ඇහැට පෙනුණා..OIC මහත්තයා ඉන්න එක මට ඒ වෙලාවේ තමා පෙනුණේ..” ලෙසිනි. 

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ කවුරුන් හෝ අනතුරකට පත් වෙන්න ඉන්නවා නම් කෙළින්ම ගිහින් අනතුරට පත් නොකරන බවත් තමන් එම නිලධාරියාව දුටු ගමන් වාහනය ආපසු හරවාගන්නට කටයුතු කළ බවත්ය. එම අවස්ථාවේදී මහරගම පොලිසීයේ රථවාහන ස්ථානාධිපතිවරයා ගැටුණු බව ඔහු සඳහන් කළේය.

එම අනතුර සිදු වුණු සැනින් වාහනයේ අත් තිරිංග ක්‍රියාත්මක කර වාහනය නවත්වා ගත් බව පැවසූ ඉන්පසු ප්‍රවීන් සිදුවීම විස්තර කළේ මෙලෙසිනි, “..මම බහින්න කළින් තව පොලිස් කෙනෙක් ඇවිත් එයාම දොර ඇරලා මට ගහලා ඇදලා එළියට ගත්තේ..”. ප්‍රවීන් පවසා සිටියේ තමන් එම අවස්ථාවේ අසුන් පටියවත් ගලවා නොසිටි බවයි. 

තමන් අසුන් පටි ගලවා එළියට බැස්ස පසු තමන්ට එම පොලිස් නිලධාරියා පහර දීම ආරම්භ කළ බවද ප්‍රවීන් සඳහන් කළේය. පොලිස් නිලධාරියා තමන්ව ඇද එළියට ගත් අවස්ථාවේ තමන්ගේ කමිසයද ඉරි ගිය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මම ලොරියෙන් බැස්ස පාර කිසිම දෙයක් කිව්වෙත් නැහැ, කිසිම දෙයක් ඇහුවෙත් නැහැ කෙළින්ම ගහන්න පටන් ගත්තා..” යැයි පැවසූ ප්‍රවීන් කියා සිටියේ අනතුරට පත් වූ නිලධාරියාව එම අවස්ථාවේ කාර් රථයකට නංවන ආකාරය තමන් දුටු බව පැවසූ ඔහු කියා සිටියේ “මොකක් හරි ලොකු සිද්ධියක් වුණා කියලා මම හිතුවා.. ඒ බයෙන් මං හිටියේ…” ලෙසිනි. 

තමන් නිලධාරියාට වූ සිදුවීම කීමට උත්සාහ කළ තමන්ට ඔහු දිගටම පහර දුන් බවත්, එතන සිටි තවත් පුද්ගලයෙකු පැමිණ පහර දුන් බවද ඔහු කියා සිටියේය. එම පොලිස් නිලධාරියා තමන්ට කකුල් මාට්ටුවක් දමා බිම දමා ඇඟට පැන්න බවද ප්‍රවීන් පවසා සිටියේය. 

තමන්ට පහර දෙන අවස්ථාවේ ‘දෙමළා’ යනුවෙන් අමතා පරුෂ වචනයෙන් බැන පහර දුන් බවද කලෙයිමගන් ප්‍රවීන් පවසා සිටියේය.

පහර දීමෙන් පසුව තමන්ව සිය ලොරි රථයටම දමාගෙන මහරගම පොලිස් ස්ථානය වෙත ගෙන ආ බවත්, එම අවස්ථාවේ තමන්ගේ වෙළෙඳසැල් හිමියා අමතා සිදුවීම කී බවත්, අනතුරු සිදු වූ ස්ථානය පවා නොදැන සිටි නිසා තමන්ට පහර දුන් පොලිස් නිලධාරියා වෙත දුරකථනය දුන් අවස්ථාවේ ඔහු පරුෂ වචනයෙන්ම වෙළෙඳසැල් හිමියාටද බැන වැදුණු බවද ඔහු සඳහන් කළේය.

රෝහලේ දී තමන්ට පහර දුන්නාදැයි විමසා සිටි බවත් ප්‍රවීන් පවසා සිටි අතර තමන් සිදුවු දෙය පිළිබඳව පැහැදිළි කළ බවත් ප්‍රකාශ කළේය. පසුව පහර දීම පරික්ෂා කරන බව රෝහලෙන් පැවසූවත් තමන් නැවත රෝහලට ගිය අවස්ථාවේ එය පරික්ෂා නොකළ බව ඔහු කියා සිටියේය.

පසුව තමන්ව රෝහල් ගත කළ බවත් එහිදී තමන්ගේ රුධිර සාම්පල් සහ මුත්‍රා සාම්පල් ලබාගත් බවද ඔහු සඳහන් කළේය. පොලීසියේ දී සිදු වූ දෙය පිළිබඳව විමසා සිටි බවත්, කිසිදු හිරිහැරයක් නොකළ බවත් ඔහු කියා සිටියේය.

කලෙයිමගන් ප්‍රවීන් මේ සිදුවීම ගැන කියා තිබුණේ යුටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එකතු වෙමිනි.

SendShareShare
Previous Post

පිළිකාකාරක තහවුරුයි: තෙවන ටෙස්ට් එකෙනුත් පොල්තෙල් ෆේල්

Next Post

පළතුරවලට කාබයිට් දානවා… ජනතාව නැගී සිටින්න… (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.