• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුමින්දව එළියට ගන්න පොහොට්ටුව වැඩට බසී

March 31, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
දුමින්දව එළියට ගන්න පොහොට්ටුව වැඩට බසී
Share on WhatsAppShare on Facebook

මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් වන්නේ කවදාදැයි බලාගෙන සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංගමය සඳහන් කරයි.

එහි නියෝජිත බුද්ධික වික්‍රමදාර මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුව දැනට පත් වෙලා මාස 14 යි. ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත්වෙලා මේ මාස 14 දි කරපු වැඩටික ගත්තොත් සාමාන්‍යයෙන් වෙන නායකයෙක්ට මෙතරම් වැඩ ප්‍රමාණයක් කරනවා කියා හිතන්න බෑ. මම කැමති මේ කරපු වැඩවළින් යමක් පසක් කර දෙන්න .

පහුගිය දිනවලදි කතා වුණා විපක්ෂයට කිසිම හේතු පාඨයක් නෑ. ඔවුන් කරන පුංචි පුංචි සිඟිති වැඩ නිසා ජනතාව කල්පනා කරනවා මේකයි ඇත්ත කතාව කියලා. මුලින්ම මතක් කරන්නම් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පාක්ෂිකයන්ව වැද්දන්ට ඇන්දුවා. අන්දලා ලොකු කතාවක් කියන්න පටන් ගත්තා.ඔවුන්ට අමතක වුණා 88,89, කාලයේත් 71 කාලයෙත් පරිසරය විනාශ කරේ කවුද කියලා.

පැහැදිලිව කියන්න කැමතියි ආණ්ඩුවක් විදිහට කිසිම අවස්ථාවක අපි පරිසර විනාශයට පුංචි නිදහසක්වත් ලබා දෙන්නේනෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් කොළඹ කොන්ක්‍රිට් වනාන්තරය කොහොමද ගණ වනාන්තරයක් බවට පත් කිරීමේ කාරණාව , සංවර්ධිත වනාන්තරයක්, ජනතාවට ජිවත්වන්න පුළුවන් පරිසරයක් ගොඩනඟන්නේ කොහෙමද කියන එක සම්බන්ධයෙන් කටයුතු කරපු නායකයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් කරලා පෙන්නුවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන පැහැදිලිව පරිසරය සුරකින්නේ කොහොමද කියන කාරණාව කියාගෙනයි ආණ්ඩුව පත් වුණේ.

මේ ආණ්ඩුව පරිසරය විනාශ කරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගය කියන්නට පටන් ගත්තේ. දැන් පැහැදිලිව පෙනෙනවා මෙකත් තව කැම්පේන් එකක්. රටේ ජනතාවට දැන් ඇත්ත එළිවෙලා තිබෙනවා කවුද ඇත්ත කියන්නේ කියලා. පැහැදිලිව කියන්න ඕන පහුගිය මාස 14 තුළ කළේ මොනවාද කියනවානම්, මුලින්ම ජාතික සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුවක් තිබ්බා. MCC ගිවිසුම හරහා රට බෙදා දෙන්න හැදුවා. ඒක පාස්කු ප්‍රහාරය තුළිනුත් පෙණුනා. ජාතික සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කරපු රජයක් මීට කලින් දැකගන්නට හැකි වුණේ නෑ. අපේ ස්වාමීන් වහන්සේලාට මොකක්ද ඇති කරපු තත්වය කියලා පෙනුනා. ඒ නිසා ස්වාමින් වහන්සේලා හිරගත කරන්න හැඳුවා. නමුත් ඒ පිළිබඳව පැහැදිලිව කටයුතු කරමින් සියලුම පන්සල්, පුජා භුමි ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙනවා.

ජනසතු වෙච්ච නායකයෙක් අපිට ඉන්නවා. දුප්පත් ගම්මානවලට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දුන් නායකයෙක්. කැබිනෙට්ටුවේ සිමාව 30 දක්වා අඩු කරපු කාරණාව අපි වැඩි කරන්න ගියේ නැහැ. වැඩි කරලා වැඩි බලයක් ජනතාවට දෙන්න අවශ්‍ය වුණේ නෑ. ඉහළ තනතුරුවලට තෝරා පත් කිරිමේදි කමිටුවක් පත් කරා. සුදුසු අයට පමණයි තනතුරු ලබාදුන්නේ. ඒ වගේම උපාධිධාරින්ට රැකියා ලබා දුන්නා. වෙනදා පාතාලයට අපි බයවුණා. දැන් පාතලය රජයට බයවුණා. ලංකාවේ පාතාලයක් නැති කරන්නට, කුඩු නැති කරන්නට මේ ආණ්ඩුව ගත් පියවර පිළිබඳව අපි ඉතාමත් ප්‍රශංසනියව කතා කරනවා. උපන් බිමට තියන අයිතිය නැති කරන්න දැන් කාටත් බෑ.

මතක ඇතිනේ MCC ගිවිසුම හරහා අපේ ඉඩකඩම් ඇමරිකාවට ලබා දෙන්න හැදුවා. ඒ සියල්ල නවත්තලා උපන් බිමට අයිති අයට ලබා දෙන්න කටයුතු කරා. රට වටේම ගෙවල් හදා දෙනවා. බදු සහන ලබාදීම අවුරුදු 05ක් ඉදිරියට ලබා දෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අලුතින් ආරම්භ කිරීම සිදුකරනවා. සැමට එළිය කියලා වැඩසටහනක් ආරම්භ කරලා විදුලිය නැති අයට නොමිලේ විදුලිය ලබා දෙනවා. පිටරටින් ගේන දේවල් නවතලා ස්වදේශීය නිෂ්පාදකියින්ට කටයුතු කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. 97% කොරෝනා ආසාධිතයින් සුවයි. තව සුළු දවසකින් මෙයත් අවසන් වෙයි කියලා හිතනවා. ලෝකයේ සඟරා විසින් ලෝකයෙන් කොරෝනා තුරන් කරන පළමුවන රට බවට පළවෙනි පුංචි දූපත ශ්‍රි ලංකාව පත්වෙයි කියලා අනාවැකි පල කර තිබෙනවා. මෙහෙමයි ආණ්ඩුව කටයුතු කළේ.

අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා ඉදිරි සතිය ඇතුළ තුලේදි අපිට පැහැදිලිව අවුරුදු කන්න පුළුවන් විදිහේ වටපිටාවකුත් කොයිතරම් කරදර බාධක මැදි වුණත් උදා වෙයි කියලා. මේ සියලු දේවල් කරන්න පහුගිය අවුරුදු 05 කාලසිමාව තුළ දි මේ ලංකාවේ දේශපාලනයේ සිදුවෙච්ච ආභාග්‍ය තත්වයන්ට ජනතාවට මුහුණ දෙන්න වුණා. ඔවුන්ට සාධාරණය ලැබෙන්නේ කවද්ද? මේ පිළිබඳවත් පොදුජන පෙරමුණ විදිහට අපි බලා ගෙන ඉන්නවා.

වෙන ආණ්ඩුවක් තිබ්බනම් අරලිගහ මන්දිරයට ගිහින් උසාවිවල දුරකථනයෙන් කතා කරලා මේ විදිහට වැරදි තොරතුරු ලබා දිලා මිනිසුන්ව දඩු කදේ ගහන ජරා සම්පන්න ආණ්ඩුවක් තමයි තිබ්බේ. නමුත් මේ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ කටයුතු ඉතාමත් ඉක්මණින් සිදුවෙයි කියලා පක්ෂයක් හැටියට අපි බලා ගෙන ඉන්නවා.

කවද්ද දුමින්ද එළියට යන්නේ, කවද්ද දේශපාලන පලිගැනීම්වලට ලක්වූ ගුරුවරුන් නිදහස් ලැබෙන්නේ කියලා. මේ රට සම්බන්ධයෙන් දේශකත්වය ගැන හිතන අය වැඩ කරන විදිහ වැරදිද කියලා අහනවා. නිතිය හරියට ක්‍රියාත්මක වෙලා දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අයටත් සාධාරණයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ
මාධ්‍ය ම්‍යස්ථානය

SendShareShare
Previous Post

චීන එන්නත ගන්න ජනපති කටුනායකට

Next Post

පන්සල් කොල්ලකෑම් වැඩිවෙයි: පිං පෙට්ටියත් බේරගන්න බැරිවෙයි (VIDEO)

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.