උත්සව සමයේ ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු සංසරණය වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු පවසන්නේ පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කිරීමට උත්සාහ කළ පුද්ගලයින් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
එළඹෙන උත්සව සමයේදී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු වැඩිවශයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති නිසා මුදල් ගනුදෙනු කිරීමේදී විශේෂයෙන්ම රුපියල් පන්දහසේ නෝට්ටුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර ඊයේ දිනයේද කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙළඳසැලකට රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී තවත් රුපියල් 5000යේ ව්‍යාජ නෝට්ටු හතරක් සොයා ගැනීමට හැකි වී ඇ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබයි.










