• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නේවාසික කළමනාකරු නීති කඩා සීගිරි ගල උඩට පාන්දර යාළුවෙක්ව අරන් ගිහින්: ගුටිබැට හුවමාරුවකුත් වෙයි

March 29, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
නේවාසික කළමනාකරු නීති කඩා සීගිරි ගල උඩට පාන්දර යාළුවෙක්ව අරන් ගිහින්: ගුටිබැට හුවමාරුවකුත් වෙයි
Share on WhatsAppShare on Facebook

සීගිරිය පව්ව මත දැඩි ආරක්‍ෂිත සිංහ පාදය අසළ දී අලුයම් කාලයේ පුරාවිද්‍යා ආරක්ෂක අංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතීන් නේවාසික කළමනාකාරවරයා අතර ඇති වූ ගැටුමකින් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කොට සෙසු පිරිස සීගිරිය පොලිසියට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

මෙසේ පහරකෑමට ලක්ව සීගිරිය ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක නිලධාරියෙකු වන යු.ජී.සමින්ද කුමාර නැමැති අයෙකි.

ඔහු කියා සිටියේ තමන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක නියාමකයකු ලෙස සේවය කරන බවත් තමන් සීගිරියේ සිංහ පාදය ආසන්නයේ රාත්‍රි මුර සේවයේ යෙදී සිටි බවය. මෙදින සේවයේ යෙදී සිටියදි අලුයම හතරට පමණ  සුදු පැහැති මෝටර් රථයක් සිංහ පාදයේ ආසන්නයට නිලධාරීන්ට පමණක් ගමන් කළ හැකි මාර්ගයෙන් පැමිණ සිංහපාදය ආසන්නයේ නවතා පුද්ගලයන් දෙදෙනෙකු සිංහපාදය ඉහළට ගමන් කරන අයුරු දුටු බව ය.

පසුව තමන් දුරකථනය හරහා කැටපත් පවුරේ ආරක්ෂාවට සිටි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියාත් ඒ ආසන්නම ආරක්ෂක ස්ථානයේ සිටී මධ්‍යම සංස්කෘතික අරමුදල අනෙක් ආරක්ෂක නිලධාරියාට කතා කොට අළුයම් කාලයේ අඳුරේ ගමන් කරන දෙදෙනා සොයා ගිය බවය. එම ගමන් කරන එක් පුද්ගලයෙකු මධ්‍යම සංස්කෘතික අරමුදල නේවාසික ව්‍යාපෘති කළමනාකරු බව හඳුනාගත් බවත් අනෙක් පුද්ගලයා නාදුනන අයකු බව පැවසීය. පසුව තමන්ට සහ අනෙකුත් දෙදෙනාටද මධ්‍යම සංස්කෘතික අරමුදල නේවාසික කළමනාකාරවරයා පහර දුන් බව සඳහන් කළේය.

සෙසු ආරක්ෂක නියාමක දෙදෙනා පලා ගිය බවත් තමන්ට විශාල වශයෙන් පහර දී තමන් දිව යෑමට උත්සාහ කරද්දී සීගිරි ගලෙන් කැලේ පහළට පෙරලී වනයක් මැද සිරවී සිටියදී අනෙකුත් ආරක්ෂක නිලධාරීන් පැමිණ තමන්ව රෝහලට රැගෙන ආ බවත් හෙතෙම පැමිණිලි කොට ඇත.

මේ පිළිබඳව තමන් සීගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් සඳහන් කළේය. පසුව අප සීගිරිය පොලිසියට ගමන් කරද්දී මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතියේ නේවාසික කළමනාකරු තුසිත හේරත් මහතා  සීගිරිය පොලිසියෙන් පැමිණිල්ලක් දමා එළියට එන අයුරු දැක අප ඔහුගෙන් මේ පිළිබඳව විමසීමක් කළෙමු.

ඔහු කියා සිටියේ ආරක්ෂක අංශයේ සේවා පිළිබඳව සොයා බැලීමට තමන් පැමිණි බවය. දෙපිරිස අතර බහින් බස් වීමක් ඇති වූ බවත් සඳහන් කළේය. ආරක්ෂක නිලධාරීන් තමන්ට පහර දුන් බවත් තමන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට රෝහල්ගත වීම සඳහා යන බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය පැවති  පරිපාලන ක්‍රමය වෙනස් කිරීම නිසා තමන්ට විවිධ තාඩන පීඩන එල්ල වෙමින් පවතින බව ය. ආරක්ෂක නිලධාරීන් පිළිබඳව සොයා බැලීම සඳහා තමන් ක්‍රියාත්මක වීම නතර කිරීම සඳහා මෙම පිරිස උත්සාහ ගන්නා බව ද හෙතෙම පැවසීය. එහෙත් තවත් නාදුනන පුද්ගලයෙකු අලුයම් කාලයේ ආරක්ෂිත සීගිරිය පව්ව මතට  රැගෙන ගියේද යන්න ප්‍රශ්න කිරීමේදී ඊට නිසි පිළිතුරක් ඒ මහතා නොදැක්විය.

එමෙන්ම පොලිසිය ඉදිරිපිටට පැමිණ සිටි සිද්ධියට මුහුණ දුන් තවත් ආරක්ෂක නිලධාරියෙකු වන  ශාන්ත හේරත් මහතා කියා සිටියේ අලුයම හතරට පමණ තමන් සිංහපාදය ආසන්නයේ මුර සේවයේ යෙදී සිටි බවය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු අධික බීමතින් පැමිණ පරුෂ වචන කියමින් තම ආරක්ෂක නිලධාරීන්ට බැන වැදුණු බව හා පරුෂ වචන කියන ආකාරය  ආරක්ෂක නිලධාරින් දුරකථනයක පටිගත කිරීමට උත්සාහ කිරීමේදී මෙම ගැටුම ඇති වී ඇතැයි සඳහන් කළේය .

ව්‍යාපෘති කළමනාකාරවරයා සමග පැමිණි අනෙක් පුද්ගලයා කවුරුන්දැයි ආරක්ෂක නිලධාරීන් වන තමන් විමසීමේ දී ඔහු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස හඳුන්වා දුන් බව ද ඒ මහතා පැවැසීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි සහකාර අධ්‍යක්ශකවරු මින් පෙර දැක නැති බවය .

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පවත්වන බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලට ද මේ බව දන්වා යවන බව හෙතෙම සඳහන් කළේය. ලෝක උරුම සීගිරියේ ආරක්ෂාව පිළිබඳව සිටින පිරිස් මෙන්ම පරිපාලනය සඳහා සිටින පිරිස් මෙයාකාරයෙන් අළුයම් කාලයේ කිසිවෙකුටත් ඇතුලුවීමට හෝ අවසරයක් නොමැති දැඩි ආරක්ෂිත ස්ථානයක ගැටුම් ඇති කර ගැනීම බරපතළ ප්‍රශ්නයක් බව පොලීසිය කියයි.

SendShareShare
Previous Post

‘අලි ප්‍රශ්නෙ ඇමැතිට කීවාම මට වීරයා වෙන්න එපාලු… මෙහෙම ඇමැතිවරු ගැන කනගාටුයි’: තවත් ඇමැතිවරයෙක් කලකිරෙයි

Next Post

වහ පොල්තෙල් කෑවොත් අක්මාවේ පිළිකා ඇතිවේවි: මහාචාර්ය අර්ජුන හෙළිකරයි

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.