සමගි වනිතා බලවේගයේ සහකාර ලේකම් (ආගමික) අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුලු පිරිසක් ඊයේ (27) මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්හ.
අනතුරුව මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්හ.











