ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනාවරණය කිරීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කොට ඇත.
මන්ත්‍රීවරුන්ගේ ‘පෞද්ගලිකත්වයට අනාවරණය කිරීමක්’ යන පදනම මත මෙම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැති වීමද මේ සදහා හේතුවක් වී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට ඇති එකම සුදුසුකම වන්නේ ඔහු හෝ ඇය ඡන්ද දායකයෙකු විය යුතු බවයි.










