• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද පරද්දලා වෙච්ච වැරැද්ද නැවත වෙන්න ඉඩ තියන්න එපා: ජනපති ඉතිහාසය මතක් කරයි (VIDEO)

March 27, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සල්ලි වෙන්කළත් ව්‍යාපෘති පටන් අරන් නෑ: ජනතාව බනින්නේ ආණ්ඩුවට: පරිසර විනාශය මාධ්‍ය සංදර්ශනයක්
Share on WhatsAppShare on Facebook

රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට අද (27) මාතර පිටබැද්දර දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

“පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිසම් වාර්තාව, හැම පිටුවකම කියන්නේ ඒ රජය ජාතික ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි මේ වගේ සිද්ධියක් වුණේ කියන එක. රණවිරුවන්ව අභූත චෝදනා නගලා හිර ගෙවල්වල දාලා නඩු දාලා, දැන් මට තවමත් ඒ අය ඒ නඩුවලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා. ජාත්‍යන්තරයට ගිහින් ජිනීවාවලදි යෝජනාවලට සමඅනුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. අපි ඉල්ලා අස්වුණා ඒ සමඅනුග්‍රහයෙන්. ඒගොල්ලන් අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නෑ. අපිට මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපේ වැඩ අපිට කරගන්න පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය. ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නෑ. බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්න අපි සූදානම් නෑ. අපිව බලයට පත්කළේ මේ මූලික දේවල් නැවත හරිමගට යොදවන්න. මගේ මේ කාලය ඇතුළත මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවරැදි කරන්න ගිහිල්ලා. MCC ගිවිසුම ගැන, ගිය ආණ්ඩුව අමෙරිකාව සමග අත්සන් කරලා ඩොලර් මිලියන 10ක පමණ, ආරම්භත් කරලා තිබුණේ කාර්යාලයක්. නමුත් අපි ඒක අමෙරිකාව සමග සාකච්ඡා කරලා, කරුණු හොයලා බලලා අපි පැහැදිළි කරලා දුන්නා. ඒ අයත් කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා. නැගෙනහිර පර්යන්තය.., අපි කරපු එකක් නෙමෙයි. ඉන්දියාවත් සමග අත්සන් කරපු ගිවිසුමක්. එම රටවල් සමග ගිවිසුම් අත්සන් කළාට පස්සේ ඒවයින් ගැලවෙන්න හරි අමාරුයි. විවිධ බලපෑම් එනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අපිට ගේන්න වුණේ ඇයි. මේ රට පාලනය කරගන්න බැරිවෙන තරමට, කොමිසම් සභාවේ පැහැදිලිවම කියනවා රාජ්‍ය පාලනය වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල නැතිකරලා දාලා තිබුණ එක හේතුවක් වුණා කියලා. පරිසරය පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපි කරපු දේවල්, කොළඹ ලෝකයේ හරිත නගර අතරින් ඉදිරියෙන්ම සිටින නගරයක් බවට පත්කළා. පරිසරය විනාශවන කටුපොල් අපි තහනම් කළා. සමාජ මාධ්‍ය හරහා වැරදි මත ජනතාවට ගෙනියනවා. ජනතාව ප්‍රවේසම් වෙන්න ඕනේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා,” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන මෙලෙස මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ, උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ පැවැත්වුණි.

දෑරංගල මහා විද්‍යාලයේ දී ජනාධිපතිවරයා ගම්වාසීන් සමග සංවාදයට එක්විය.

මෙතෙක් පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහන්වලදී මේ මාදිලිය උපයෝගී කරගනිමින් ප්‍රශ්න ගණනාවකට එසැණ සහ පසුකාලීන විසඳුම් දීමට හැකිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

2020 සැප්තැම්බර් 25 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. 

මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොනරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධානකර තිබුණි.

SendShareShare
Previous Post

රන්ජන් අතුරුදන්!!!

Next Post

පරිසරය රැකගන්න දේවානිලා වෘත්තීය සමිතියක් හදා ගනී

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.