• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා බස්නාහිර-වයඹ-දකුණු ප්‍රාදේශීය මන්ත්‍රීවරු දියත උයනට කැදවයි: විශේෂ පණිවුඩයකුත් දෙයි

March 27, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨා බස්නාහිර-වයඹ-දකුණු ප්‍රාදේශීය මන්ත්‍රීවරු දියත උයනට කැදවයි: විශේෂ පණිවුඩයකුත් දෙයි
Share on WhatsAppShare on Facebook

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙනයෑම සඳහා ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයින්ට දැනුම් දී තිබේ.
 
විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ද ජනාධිපතිවරයා පවසයි.

ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යායුතු බව පෙන්වාදෙන ජනාධිපතිවරයා, රජයේ සැලසුම් නිසිලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දියයුතු බවද අවධාරණය කරයි.
 
ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතු බව පවසන ජනාධිපතිවරයා ප්‍රතිපත්ති බිඳ වැටුණහොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකි බව ද පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛ අරමුණ දරිද්‍රතාව තුරන් කර ජනතාවට සෞභාග්‍යය උදා කිරීමය. දරිද්‍රතාව තුරන් කරමින් අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීමට රජය විශාල වැඩකොටසක් කරමින් සිටී. ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට මේ වසර 05 තුළ කැපවන බව ජනාධිපතිතුමා කීය.

ජනතා ගැටළු පිළිබඳ පුළුල් අවබෝධයක් පළාත් පාලන නියෝජිතයනට තිබේ. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලේදී එය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් පමණක් නොව පරිපාලනමය වශයෙන් ද නායකත්වය ගෙන ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය වන්නැයි ඉල්ලා සිටියේය.

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂය විවිධ බොරු ප්‍රචාර ගෙන යමින් සිටී. ගමට ගොස් ගමේ සංවර්ධනය සමග එක්වෙමින් බොරු ප්‍රචාර නිවැරදි කිරීමට ක්‍රියා කරන්නැයි ද ජනාධිපතිතුමා පළාත් පාලන නියෝජිතයිනට කීය.

කවුරු කුමක් පැවසුවද පරිසරය සුරැකීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරමින් සිටී. 2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීම, රසායනික පොහොර භාවිතය සෑම වසරකම 25%කින් අඩු කිරීම, කටුපොල් වගාව තහනම් කිරීම ඇතුළු පරිසරය වෙනුවෙන්  වැදගත් තීරණ රැසක් ගෙන තිබෙන බව එතුමා සිහිපත් කළේය.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක  “පුරනැඟුම”  03 වැනි අදියර ළඟදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පලාත් පාලන ආයතනවල බොහෝ අඩුපාඩුකම් සපුරාලීමට එමගින් හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බරවාහන ඇතුළු යන්ත්‍රෝපකරණ නැතිවීමෙන් මතුව ඇති ගැටළුවට  වසර අවසන්වන විට විසඳුම් ලැබෙනු ඇතැයි ද  බැසිල් රාජපක්ෂ මහතා කීය.  ප්‍රජා සංවිධානවලට ලබාදෙන අරමුදල් වැඩකිරීමට ද තීරණය කර තිබේ.   පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදේනි අතුකෝරාළ, සුමිත් උඩුකුඹුර, සාගර කාරියවසම්, මිලාන් ජයතිලක, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, සුදත් මංජුල යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ජිනීවා පරාජයට ඉල්ලා අස්වෙන්නේ දිනේෂ්ද-කොළඹගේද?

Next Post

ඩිල්ෂාන්ලාත් එක්ක ෆයිනල් ගහපු ටෙන්ඩුල්කාර්ට කොරෝනා

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.