නෙළුව පොලිස් වසමේ, ලංකාගම, කොලොන්තුඩුව ප්‍රදේශයේ දී සිය 74 හැවිරිදි පියෙක් ව පුත්‍රයා විසින් පහර දී ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එන්.ජී. නිල්වැලිගමගේ ගුණදාස නැමති 74 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් 31 හැවිරිදි පුත්‍රයාව නෙළුව පොලීසිය විසින් ඊයේ (23) දිනයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් සිය පියාට ජනෙල් කූරකින් පහර දී ඇති බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නෙළුව පොලීසිය විසින් සිදුකරන අතර, සැකකරු අද (25) උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.










