• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුත්තල SI හේෂා-හරීන් ළඟ වැඩ කළේ කොහොමද? පළමුවරට කරන අනාවරණය මෙන්න

March 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
බුත්තල SI හේෂා-හරීන් ළඟ වැඩ කළේ කොහොමද? පළමුවරට කරන අනාවරණය මෙන්න
Share on WhatsAppShare on Facebook

පසුගිය සති දෙක පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ ප්‍රධාන පුවත වූයේ වේල්ලවීදියෙන් සොයා ගත් හිස නැති මළ සිරුරය. ඒ සම්බන්ධ බොහෝ තොරතුරු මේ වන විට හෙළිදරව් වී ඇත. ඝාතනය වූ කාන්තාව පිළිබඳ මෙන්ම ඝාතනය සිදු කර පසුව සිය දිවි හානි කර ගත් පොලිස් නිලධාරියා පිළිබඳවද බොහෝ තොරතුරු ප්‍රසිද්ධියට පත් වී ඇත. එම ඝාතනය සිදු කර තිබුණේ බුත්තල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු විසිනි. එම නිලධාරියා ඊට පෙර වසර 15කට ආසන්න කාලයක් ඇමැති ආරක්ෂයෙකු ලෙස සේවය කළ බවද පසුව දැනගන්නට ලැබිණි. එම නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේ සේවය කරද්දී, ආරක්ෂාව ලබා දුන් ඇමැතිවරු කවුරුන්ද යන්න කෙරෙහිද ඉන් පසු බොහෝ දෙනාගේ අවධානය යොමු විය. සමාජ මාධ්‍ය ඔස්සේ පළමුව පැතිර ගියේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂකයෙකු ලෙස එම උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇති බවය.
සමාජ මාධ්‍ය ඔස්සේ හරීන් ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපද සමඟින් එම පුවත පැතිර යන්නට විය. ඒ හේතුවෙන් ඒ පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමටද ප්‍රනාන්දු මහතා කටයුතු කළේය. එහිදී ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම පොලිස් නිලධාරියා වරස තුනක් පමණ තම ආරක්ෂකයෙකු ලෙස සේවය කළ බවය.

“මහ ඇමැතිවරයෙකු හෝ ඇමැතිවරයෙකු ලෙස කටයුතු කරන කොට අපිට එම්. එස්. ඩී. නිලධාරීන් හත් දෙනෙකු හෝ අට දෙනකු ලබා දෙනවා. ඔය කියන නිලධාරියත් ඒ විදියට හිටියා මට මතකයි. ඔය එස්. අයි. මහත්තයා ඒ කාලේ සාජන්වරයෙක්. හැබැයි 2018 වසරේ දින 52 ආණ්ඩුව ආව වෙලාවේ මගේ ආරක්ෂාව දෙන්නෙකුට අඩු කළා. ඒ වෙලාවේ ඒ මහත්තයත් නැවත එම්. එස්. ඩී. එකට අනුයුක්ත කළා. ඊට පස්සේ එතුමා තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් යටතේ සේවය කළා. ඊට පස්සේ එතුමා එම්. එස්. ඩී. එකෙන් අයින් වෙලා තමන්ගේ ගම් පළාත වෙන බුත්තල ප්‍රදේශයේ සේවයට ගිහින් තියෙනවා.”

එලෙස අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් ඌව මහ ඇමැති ලෙස කටයුතු කළ කාලයේදී එක් අවස්ථාවක එම පොලිස් නිලධාරියාගේ නිවෙසට පවා ගිය බවය.

“මට මතකයි මම මහ ඇමැති විදියට ඉන්න කාලේ එක් අවස්ථාවක වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඒ මහත්තයාගේ නිවෙසට පවා ගියා. එහිදී හරිම ලස්සන පවුලක් තමයි අපි දැක්කේ. එස්. අයි. මහත්තයාගේ අම්මා හිටියා. නෝනා හිටියා. ළමයි දෙන්නා හිටියා. ඉතාම සුන්දරව සතුටින් ජීවත් වෙන පවුලක් තමයි එදා තිබුණේ. ඒ වගේම මගේ ළඟ හිටිය අවුරුදු තුනක කාලය තුළ ඒ මහත්තයාට කිසිම චෝදනාවක් තිබුණේ නැහැ. එහෙම වෙන සබඳතා තිබුණා කියලා මම අහලා තිබුණෙත් නැහැ.”

එමෙන්ම එහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මේ සිදුවීම සියලු දෙනාම පාඩමට ගත යුතු බවය.

“අනෙකාට ඇඟිලි දික් කරන හැමෝම මේ වෙලාවේ තමන්ටම ඒක දික් කර ගන්නවා නම් ඒක වටිනවා කියලයි මම හිතන්නේ. ඒක මටත් පොදුයි. එහෙම නැතිව එක මිනිහෙක්ගේ ජීවිතයේ සිද්ධ වුණු විනාශය උඩ දදා හිනා වෙන්න තරම් අපි පහත් තත්ත්වයට වැටුණු එක ගැන මට නම් ඇත්තටම ලැජ්ජාවක් තියෙනවා.”

හරීන් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූයේ එසේය.

අනතුරුව අප මේ පිළිබඳව අදහස් විමසුවේ සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතාගෙනි. ඒ විතානගේ මහතාගේ ආරක්ෂකයෙකු ලෙසද අදාළ පොලිස් නිලධාරියා සේවය කර ඇති බැවිනි. අප කළ විමසීමට පිළිතුරු දුන් විතානගේ මහතාද සඳහන් කළේ තමාගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළ කාලයේදී එම පොලිස් නිලධාරියා නීතිගරුක නිලධාරියෙකු වූ බවය.

“2018 අවුරුද්දෙදි තමයි ඒ නිලධාරියා මගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළේ. මාස කිහිපයක්ම ඒ නිලධාරියා මාත් එක්ක සේවය කළා. ඔහු එක්ක ආරක්ෂක නිලධාරීන් සිවු දෙනෙක් මට ලබා දීල තිබුණා. ඒ කාලයේ තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කළ නිලධාරියෙක් විදියට තමයි මට ඔහුව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒ කාලෙදි ඔහුට ඔය වගේ අනියම් සබඳතා තිබුණා කියලා කිසිම ආරංචියක් අපිට ලැබුණේ නැහැ.”

විතානගේ මහතා අදහස් දැක්වූයේ එසේය.

ඕනෑම කෙනකුගේ ජීවිතය වෙනස් වීමට ගත වෙන්නේ මොහොතකි. මේ සිදුවීම ගැන හොඳින් විමසීමේදී පෙනී යන ප්‍රධාන කාරණාව එයය. මේ සිද්ධියේ පිටින් පෙනෙන දේ පමණක් නොදකිමින් විනය ගරුකව කටයුතු කළ උසස් පොලිස් නිලධාරියෙකුට මෙවැනි ඉරණමක් අත් වූයේ ඇයි දැයි යන්න හොඳින් විමසා බැලුවහොත් ඒ හරහා සමාජ ගැටලු රාශියකට විසඳුම් සොයා ගත හැකි වනු ඇති බව අපේ අදහසය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හෙලිකොප්ටරේ බාන්න දැවැන්ත ගස් කපලා: අනේ කතරගම දෙවියනේ කතරගම බේරගන්න

Next Post

පරිසරය මිනීපෙට්ටියේ: සජිත්ලා විහාරමහාදේවියේ විරෝධයක (PHOTOS)

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.