• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවේ කාම්රාජ් සහ ලංකාවේ බැසිල් (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

March 20, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ඉන්දියාවේ කාම්රාජ් සහ ලංකාවේ බැසිල් (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට අමතක කළ නොහැකි ප්‍රධාන නමක් වන්නේ කේ. කාම්රාජ්ය. කාම්රාජ් යනු තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිවරයෙකි. එමෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකි. කොංග්‍රස් පක්ෂයේ නිර්මාතෘවරයා වූ නේරු මියයෑමෙන් අනතුරුව කොංග්‍රසය විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ, පක්ෂය ඉදිරියට ගෙන යෑමට හරිහමන් දේශපාලන නායකයකු නොමැති වීම හේතුකොටගෙනය. ඒ වන විට කාම්රාජ් හිටියේ තමිල්නාඩු මහ ඇමැති ධුරයේ කටයුතු කරමිනි.

නේරුගේ අභාවයත් සමඟ කොංග්‍රසය විනාශ වී යෑමට නියමිත බව කාම්රාජ්ට වැටහිණ. ඒ නිසා කාම්රාජ් කළේ වහාම මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමය. එසේ ඉල්ලා අස්වූ කාම්රාජ් කොංග්‍රසය ප්‍රතිසංවිධානය කොට ශක්තිමත් කිරීමේ වගකීම තමන් භාරගන්නා බව ප්‍රකාශ කළේය.

කිව්වා වාගේම කාම්රාජ් පක්ෂ නායකත්වය ගෙන ඊළඟ මහ මැතිවරණයෙන් කොංග්‍රසය ජයග්‍රහණය කරවීමට පියවර ගත්තේය. එසේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූ කාම්රාජ්, අගමැතිවරයා ලෙස පත්කළේ ලාල්බහදූර් ශාස්ත්‍රිය. ඉන් අනතුරුව නේරුගේ දියණිය වූ ඉන්දිරා ගාන්ධි දේශපාලනයට ගෙනැවිත් රටේ අගමැති ධුරය දක්වා රැගෙන යෑමටද කාම්රාජ් පියවර ගත්තේය.

මේ ආකාරයට නේරුගෙන් පසුව විනාශ වීමට ගිය කොංග්‍රසය ශක්තිමත් කොට අගමැතිවරුන් දෙදෙනකු බිහිකළ කාම්රාජ්ගේ මෙම මෙහෙයුම එදා ඉන්දියානුවන් හැඳින්වූයේ “කාම්රාජ් ප්ලෑන්” කියාය. අදටත් කොංග්‍රසය එදා පක්ෂය වෙනුවෙන් කාම්රාජ් කළ මේ සේවය සිහිකරන්නේ ඉමහත් ගෞරවයකින් යුක්තවය.

ඉන්දියාවේ කාම්රාජ් වගේම ලංකාවේද කාම්රාජ් කෙනකු සිටී. ඒ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය. බැසිලුත් කාම්රාජ් මෙන්ම කරන්න බැරි බවට හැමෝම කී දෙයක් මහ පොළොවේ ඔප්පු කරලා පෙන්වූ අයෙකි.

2015 ජනාධිපතිවරණයෙන් සිය වැඩිමහල් සහෝදරයා වූ මහින්ද පරාජයට පත්වීමෙන් පසු සියල්ලන්ම කීවේ රාජපක්ෂලාගේ දේශපාලනය ලංකාවෙන් අතුගෑවී ගියා යැයි කියාය. නමුත් ඒ විදිහට රාජපක්ෂ නම මේ රටේ දේශපාලනයෙන් ඉවත් කිරීමට බැසිල් ඉඩ තැබුවේ නැත. සියල්ලන්ම පුදුමයට පත්කරමින් ඉන්දියාවේ කාම්රාජ් කළා වගේ බැසිල්ද යළිත් වතාවක් රාජපක්ෂවරුන් බලයට ගෙනැවිත් මේ රටේ දේශපාලන බලය රාජපක්ෂවරුන්ට අත්පත් කර දුන්නේය.

එදා කාම්රාජ්ට තිබුණේ එකම එක ප්‍රශ්නයකි. ඒ නේරු නිර්මාණය කළ කොංග්‍රසය තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න යන ප්‍රශ්නයය. නමුත් බැසිල්ට එසේ නොවේ. බැසිල්ට එදා අභියෝග රැසක් තිබිණි. විශාලම අභියෝගය වූයේ ශ්‍රීලනිපය එජාපයත් එක්ක දීග කද්දී ශ්‍රීලනිපයෙන් එළියට බැස අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමේ අභියෝගයය.

“අලුත් පක්ෂ හදන්න ලෑස්ති වුණොත් එදාට මම ඒ අයව පාරෙ ඇවිද්දවනවා.”

මේ එදා ශ්‍රීලනිප නායකයා වූ මෛත්‍රිපාල ප්‍රසිද්ධ වේදිකාවේ සිට අලුත් පක්ෂ හැදිල්ල ගැන කියපු කතාවය. ඒ නිසා බැසිල්ට තිබුණේ විධායක ජනාධිපතිවරයෙක්ට එරෙහිව තරග කිරීම සඳහා අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමේ අභියෝගයය. එම පක්ෂය ජනතාව අතරට රැගෙන යෑමේ අභියෝගයය. පක්ෂයේ ජයග්‍රාහී මාවතට රැගෙන යෑමේ අභියෝගයය.

මේ අභියෝගය ජයගන්නට ගිහින් මෛත්‍රි – රනිල් ආණ්ඩුව යටතේ බැසිල්ට හිරබත් කන්නටත් විය. හැබැයි එහෙම වුණා කියා බැසිල් අභියෝගය අතහැරියේ නැත. හිරේ වැටෙමින්, ගුටි කමින් බැසිල් ඒ අභියෝගය ජයගෙන පෙන්නුවේය. කාම්රාජ් කළා වගේම බැසිල් පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් පමණක් නොව තුනෙන් දෙකක බලයක් සහිත අගමැතිවරයෙක් සිටින ආණ්ඩුවක්ද පත්කර ගත්තේය.

හැබැයි අද ගොඩක් අයට බැසිල් කරපු මේ විප්ලවය අමතක වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එහෙම අමතක කළ පිරිස් අද බැසිල්ටත් ආණ්ඩුවටත් එරෙහිව කැරලි ගහන තත්ත්වයට පත්ව ඇති ආකාරයක්ද එහිදී දැකගන්නට තිබේ.
සද්ද නැතුව ඉන්න නිසා හැමෝම හිතුවේ බැසිල්ගේ සහෝදරයා වෙච්ච ගෝඨාභයටත් බැසිල් කරපු මේ විප්ලවය අමතක වී ඇතැයි කියාය.

හැබැයි ගෝඨාට බැසිල් කරපු මේ විප්ලවය අමතක වී නැති බව පසුගියදා පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රි සංසදය මුණගැනීමෙන් පසු ගෝඨා කළ කතාවෙන් පැහැදිලිය.

“අපි අමතක කරන්න හොඳ නෑ බැසිල් රාජපක්ෂ මහතා මේ පක්ෂය හදල කළ සේවය. එතුම හිරේ විලංගුවෙ වැටිලා ජයග්‍රාහී පක්ෂයක් නිර්මාණය කළා. ඒ ගැන කිසිම විවාදයක් නෑ.”

මේ පළාත් සභා මන්ත්‍රිවරුන් හමුවේ ගෝඨා කළ ප්‍රකාශයය.

මේකෙන් එකක් හොඳහැටි පැහැදිලිය. ඒ ආණ්ඩුව ඇතුළට රිංගාගෙන සිටින බැසිල් විරෝධීන් ගෝඨා හා බැසිල් අතර ගැටුමක් හදා බැසිල්ව දේශපාලන වශයෙන් විනාශ කිරීමට සැලැසුම් සකස් කළත් ගෝඨා බැසිල්ව ආරක්ෂා කරන බවය. අනෙක් අතට ඒකෙන් නොකියා කියැවෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ගෝඨා ඉදිරිපත් වන්නේ නැතිනම් අපේක්ෂකයා වශයෙන් බැසිල් ඉදිරිපත් වීමට බොහෝදුරට ඉඩකඩ තියෙනවා කියන එකය.

කාම්රාජ් කොංග්‍රස් ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොගෙන තිරය පිටුපස සිටිමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කළේය. බැසිලුත් කාම්රාජ් මෙන්ම ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොගෙන ආණ්ඩුවේ පිටුපස සිට ආණ්ඩුව ආරක්ෂා කිරීමට පියවර ගත්තේය. හැබැයි කාම්රාජ්ට පක්ෂයට කළ ඒ සේවය වෙනුවෙන් පාක්ෂිකයන්ගෙන් නිසි කෘතගුණ සැලකීමක් ලැබුණේ නැත. ඒත් බැසිල්ට පොහොට්ටුවේ පාක්ෂිකයන් එසේ කෘතගුණ නොසලකා සිටිනු ඇතැයි සිතීමට නොහැක.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ගනුදෙනු අමාරු දොයිතු

Next Post

හකීම්-රිෂාඩ් එක්ක ආණ්ඩුව දාපු ඩීල් එක වීඩියෝ එකකින් එළියට (VIDEO)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.