• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලෑ කපන්න අපි අනුබල දීලා නෑ: ජනපති යළි අවධාරණය කරයි

March 19, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
‘ඔබට පිං’ කියා කපපු ගහක පෝස්ටරයක් ජනපතිට යැව්වේ කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීමයි. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව වන අතර ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙනි. දැනට මේ රජය පත්වීමෙන් පසු රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කර ඇත. දැන් මේ භෝග රට තුළ වගා කිරීම ආරම්භ කර ඇති අතර ඉන් ලැබෙන ආදායම අපේ ගමේ අපේ ගොවීනට ඉදිරියේදී ලැබෙනු ඇත.

කලින් රුපියල් 32ක් වූ වී කිලෝවකට ගෙවන මිල රුපියල් 50ට වැඩි කිරීමෙන් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායම ද ඉහළ ගියේය. වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවට ද හිමි වී ඇති අතර මානව හිමිකම් ගැන කථා කරන පිරිස් ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ ගැන කිසිවක් නොකීම සැලකිය යුතු කරුණකි.

ඊයේ (18) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව, සෑම දිස්ත්‍රික්කයකින්ම කාන්තා ක්‍රියාකාරිණිහූ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ දී පැවැත්විණි.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී හා මහමැතිවරණයේදී ලද ජයග්‍රහණ උදෙසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුය. රජයේ ප්‍රගතිය මැන බැලීමේදී, රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ සලකා බැලීම වැදගත් වේ.

කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජනතාව අතර බෙදී යයි. එමගින් නිෂ්පාදකයාට සේම පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුකිරීමට පිළිවන් වේ. අප බලයට පැමිණීමෙන් පසු විශාල වැඩකොටසක් ඉටුකොට තිබේ.

උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කිරීමෙන් රජයේ සේවකයන්ගේ ආදායම ඉහළ ගොස් ඇත. මේ ප්‍රගතිය නොදකින පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටී.

ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය. පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර තිබේ. පරිසර සංරක්ෂණයට එය විශාල පිටිවහලක් වනු නිසැකය. කටු පොල් වගාව නතර කිරීමෙන් දිස්ත්‍රික්ක ගණනාවක සිදු වෙමින් තිබූ පරිසර හානියට තිත තැබිණි. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය වේ.

රජය බලයට පැමිණීමෙන් පසු ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. රටට සතුරු බලවේග මේ සත්‍යය යටපත් කිරීමට බොරු ගොතා ප්‍රචාරය කරමින් සිටිති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තිස් අවුරුදු යුද්ධය අවසන් කොට පෙර නොවූ විරු ආර්ථික සංවර්ධනයක් ඇති කළේය. එහෙත් විරුද්ධවාදීන් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයෙන් මුලා වූ ජනයා 2015 දී එතුමා පරාජය කළහ. ඉන්පසු සිදුවූයේ දැවැන්ත විනාශයකි. ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. ආර්ථිකය ද කඩා වැටිණ. රටේ ස්වාධීනත්වය පාවා දෙනු ලැබීය. දැන් නැවත වරක් අපි රට එදා තිබුණු තත්ත්වයට පත් කිරීමට වැඩකරමින් සිටින්නෙමු.
රජයේ අවංක උත්සාහය රට ගොඩනැගීමෙන් ජනතාවට සමෘද්ධිය අත්කරදීම වන අතර ඒ අරමුණ දිනාගැනීම සඳහා එක්ව වැඩ කළ යුතුය.

අද හමුවට සහභාගී වූ කාන්තා නියෝජිතවරියෝ පොදුවේ සමාජයටත්, තමන් අයත් දිස්ත්‍රික්කවලටත් අදාළ ප්‍රශ්න ගණනාවක් විස්තර කළහ. ස්වයං රැකියා මාර්ග උදා කිරීම, බැංකු ණය ලබා ගැනීමේ අපහසුව, ක්ෂුද්‍ර ණය ගැටළුව, ගම්බද නිවාස ප්‍රශ්නය, ජීවන වියදම, මත්ද්‍රව්‍ය උවදුර, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න ඒ අතර විය. මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් උවදුර මුලිමනින් තුරන් කිරීමට යම් කලක් ගතවනු ඇත.

මේ වසර තුළ කාන්තාවන් උදෙසා ස්වයං රැකියා දෙලක්ෂයක් උත්පාදනය කිරීමට නිශ්චිත පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. “රජය කරවල සහ උම්බලකඩ ආනයනය සීමා කළා. කාන්තාවනට රැකියාවක් ලෙස දැන් මේ ද්‍රව්‍ය සැකසීමේ නිරතවන්න පිළිවන්. කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ස්වයං රැකියා උත්පාදනයට පුළුල් ඉඩකඩක් තිබෙනවා” බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

SendShareShare
Previous Post

සිගරට් එකක් ප්‍රසිද්ධියේ බීපු විමල් අහක යන බාල්දියක් පෙරළගනී

Next Post

රාජකාරිය කරන ගමන් RMV ලොක්කො 5ක් අඩි ගහලා

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.