සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබේරත්න දැරියගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීම හෙළා දකින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එසේ ප්‍රශ්න කළ නිලධාරීන් දෙදෙනා පිළිබඳ විනය පරීක්ෂණයක් කළ යුතු බව ද ඇමැතිවරයා පවසයි.
වනාන්තරය කැපීම අපේ අනාගතයේ බෙල්ල කැපීම හා සමාන වන බව ද පැවසූ ඇමැතිවරයා තමන් ද වන විනාශයට එරෙහි සටනට එක් වෙන බව පැවසීය.
මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.










