සිංහල රාවයේ හිමිවරුන් කිහිප දෙනකු සිංහරාජයේ ඉදිකරන බව කියන හෝටලය අයත් ඉඩමට පසුගිය දිනෙක ගොස් නිරීක්ෂණ කටයුතුවල නිරත වී තිබේ.
එහිදී එම සංවිධානයේ සභාපති හිමියන් වන අක්මීමන දයාරත්න හිමියන් පවසන්නේ පැහැදිලිවම එම ඉඩමේ හෝටලයක් ඉදිවෙමින් පවතින බවකි.
ඒ සදහා හෙක්ටෙයාර තුනක් හතරක් එළි කර ඇති බව පැවසේ.










