• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙටම දුවන්න ගහපු සංගා සීගිරි ඉඩමේ දුස්රාවෙන් දැවී යයිද?

March 16, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ලෝකෙටම දුවන්න ගහපු සංගා සීගිරි ඉඩමේ දුස්රාවෙන් දැවී යයිද?
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේදී පමණක් නොව ඉන් අනතුරුවත් කුමාර් සංගක්කාර යනු නිරන්තරයෙන් කතාබහට ලක් වූ ක්‍රීඩකයෙක් විය. එය මෙරටට පමණක් නොව ජාත්‍යන්තරයටද පොදු වූ කරුණකි. ඒ බොහෝ අවස්ථාවල සංගක්කාර පිළිබඳව අසන්නට ලැබුණේ ඉතා සුබවාදී කරුණු කාරණාය. ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බබළවන්නට හැකි වූ අවස්ථා කිහිපයක්ම සංගක්කාර සම්බන්ධයෙන් වාර්තා විය.

කෙසේ නමුත් මේ සියල්ල මොහොතකට අමතක කරවමින් පසුගිය සතිය පුරා කතාබහට ලක් වූයේ සංගක්කාර නැමැති දැවැන්ත නාමයට කළු පැල්ලමක් එක් කළ සිදුවීමකි. ඉන් කියැවුණේ කුමාර් සංගක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර මහත්මිය විසින් රජයට අයත් ඉඩමක් ව්‍යාජ ආකාරයෙන් පවරා ගෙන ඇති බවය. සීගිරියේ පිහිටා ඇති මෙම ඉඩම සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ පසුගියදා පැවැති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

එහිදී සිදුව තිබුණේ අඩු ආදායම්ලාභීන් සඳහා රජයෙන් ලබා දෙන ඉඩම් හිමිකම් ව්‍යාජ ආකාරයෙන් භාවිතා කරමින් ඉඩමක් ලබා ගැනීමට කටයුතු කිරීමය. මේ ඉඩමේ හිමිකම සඳහා යෙහාලි සංගක්කාරගේ ඥාතිවරයෙකුගේ නම ව්‍යාජ ආකාරයෙන් යොදා ගෙන ඇති බවද අනාවරණය විය. එමෙන්ම ඒ සඳහා ව්‍යාජ හැඳුනුම්පතක් ඇතුළු කූට ලේඛන කිහිපයක් සකස් කර ඇති බවද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

කෙසේ නමුත් මෙම සිදුවීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව තම ෆේස්බුක් පිටුවේ සටහනක් තැබූ කුමාර් සංගක්කාර සඳහන් කර තිබුණේ තමන් සහ බිරිඳ සම්බන්ධයෙන් පැතිර යන පුවත ද්වේෂසහගත සහ සම්පූර්ණයෙන් අසත්‍ය එකක් වන බවය. ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවද සංගක්කාර එහිදී පවසා තිබිණි.
එමෙන්ම එම ඉඩම සම්බන්ධයෙන් යෙහාලි සංගක්කාර විසින් ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා වෙත යොමු කළ ලිපියක පිටපතක් පසුව මාධ්‍යයට මුදා හැරීමට ඔවුහු කටයුතු කළහ. 2021 ජනවාරි 05 වැනිදා යොමු කර ඇති එම ලිපිය මඟින් යෙහාලි සංගක්කාර ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත දන්වා තිබුණේ තම ස්වාමියාගේ අනුමැතිය ඇතිව මිලදී ගත් සීගිරිය ප්‍රදේශයේ අදාළ ඉඩම විශ්වසනීය තොරතුරු වැරැදි ලෙස භාවිතා කරමින් පවරා ඇති බව තමන්ට තේරුම් ගොස් ඇති බවය. එම ඉඩම පවරා ගැනීම සඳහා තමන් සුදුස්සන් නොවන බව වැටහී ඇති බවත්, එය සිදු වූයේ තමන්ගේ අනුදැනුම යටතේ නොවන බවත් සඳහන් කර ඇති යෙහාලි සංගක්කාර මහත්මිය වැඩිදුරටත් දක්වා ඇත්තේ එයට වැරැදිකරුවන්ට එරෙහිව කටයුතු කිරීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවය.

එම ලිපියට පිළිතුරු සපයමින් ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා යොමු කළ ලිපියද පසුව මාධ්‍ය ඔස්සේ පළ විය. 2021 ජනවාරි 21 දිනැති එම ලිපිය මඟින් ඉඩම් කොමසාරිස් ජනරල්වරයා සංගක්කාර මහතා සහ බිරිඳ ගත් ක්‍රියාමාර්ගය අගය කොට තිබිණි. වගකිව යුතු පුරවැසියන් ලෙස ඔවුන් කළ අවංක ප්‍රකාශයට ස්තුතිය පළ කර තිබූ ඉඩම් කොමසාරිස් ජනරල්වරයා ඒ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කොට ගන්නා බවද සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා, මේ සිද්ධියට කුමාර් සංගක්කාර මහතා වැරැදිකරුවෙකු නොවන බව ප්‍රකාශ කර තිබිණි. එහිදී ඒ මහතා සඳහන් කර තිබුණේ ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවෙහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවත්ය. එමෙන්ම වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා ඒ සම්බන්ධයෙන් අවංක ප්‍රකාශයක් කරමින් කරුණු දක්වා තිබීම තමා ඉතා ඉහළින් අගය කරන බවද ඉඩම් කොමසාරිස් ජනරල්වරයා සඳහන් කර තිබිණි.

ඉන් අනතුරුවද මේ සිද්ධිය සම්බන්ධ බොහෝ දේ හෙළිදරව් විය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා සඳහන් කර තිබුණේ සංගක්කාර මහතාට අයත් සීගිරිය ප්‍රදේශයේ ඉඩමක් ආයෝජකයෙකු හරහා සංවර්ධනය කිරීම සඳහා තම අනුමැතිය අවශ්‍ය බවට සංගක්කාර මහතා දුරකථනයෙන් තමාට දැන්වූ බවය. කුමාර් සංගක්කාර මහතා ඒ ආකාරයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා අමතා තිබුණේ පසුගිය ජනවාරි 03 වැනිදාය.

“සංගක්කාර මහත්තයට අයත් සීගිරිය ප්‍රදේශයේ ඉඩමක් සංවර්ධනය සඳහා ආයෝජකයෙකු හඳුනා ගෙන ඇති බවත් ඒ සඳහා මගේ අනුමැතිය අවශ්‍ය බවත් එතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා. කුමාර් සංගක්කාර මහත්මයාට අයත් ඉඩමක් සීගිරිය ප්‍රදේශයේ තියෙන බව මම දන්නවා. ඒ ඉඩම සංවර්ධනය සඳහා මගේ අනුමැතියක් අවශ්‍ය නැහැ. මම ඒ බව ඒ මහත්තයාට දැන්වූවා. මොකද ඒක පෞද්ගලික ඉඩමක්.

නමුත් එතුමා කතා කරලා තිබුණේ ඒ ඉඩම ගැන නෙවෙයි. සංගක්කාර මහත්තයා ඒ වෙලාවේ සංජීව කියලා කෙනෙක් දුරකථනයට සම්බන්ධ කළා. එයා තමයි කිව්වේ මේ කතා කරන ඉඩම ගැන. ඒ වෙලාවේ තමයි මම මේ ගැන දැන ගත්තේ. ඒක එහෙම පවරන්න පුළුවන් ඉඩමක් නෙවෙයි කියන එක මම ඒ අයට කිව්වා. මම එදාම ඒ ඉඩම සම්බන්ධ ලේඛන පරීක්ෂා කරන්නත් කටයුතු කළා. ව්‍යාජ ලේඛන සහ හැඳුනුම්පත් යොදා ගනිමින් මගේ අනුමැතිය අරගෙන ඒ පවරාදීම සිදු කර ඇති බව මට ඒ වෙලාවේ වැටහුණා.

මම නැවත වරක් ඒ සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර මහත්තයා දැනුවත් කළා. ඒ වගේම ඒ සිදුවෙලා තියෙන දේ ගැන වහාම දිස්ත්‍රික් ලේකම්තුමාවත් දැනුවත් කළා. ඊළඟට ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ව්‍යාජ ලේඛන සකස් කළ ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කරන්නත් අපි කටයුතු කළා.

දැන ගන්නට ඇති ආකාරයට සංගක්කාර සහ ප්‍රාදේශීය ලේකම්වරයා අතර කතාබහට මැදිවූ සංජීව යනු කුමාර් සංගක්කාර මහතාට අයත් සීගිරියේ පෞද්ගලික ඉඩම බලා ගන්නා තැනැත්තාය. කතාබහට මුල් වී ඇති රජයට අයත් අඩු ආදායම්ලාභීන්ට පවරාදුන් ඉඩම පිහිටා ඇත්තේ එම ඉඩම මායිමේය.

මෙම කතාබහට මුල් වී ඇති ඉඩම රජය මඟින් නීත්‍යනුකූලව පවරා දී තිබුණේ සීගිරිය මයිලැත්තාව ප්‍රදේශයේ පදිංචි ජේ. ඩී. පත්මිණී මහත්මියටය. ඇය මේ වන විට දැඩි ලෙස රෝගාතුරව පසුවන අතර වෛද්‍යවරුන් විසින් ඇයට කතා කිරීමද සීමා කර ඇත.

ඇය වෙනුවෙන් අදහස් දැක්වූ ඇයගේ සැමියා වන එම්. එච්. විමලසිරි මහතා මාධ්‍යයට පවසා තිබුණේ මෙම සිද්ධිය මාධ්‍යයට අනාවරණය වීමෙන් පසුව තමන් ඉතාමත් අසරණභාවයට පත් වී ඇති බවය.

“මේ ඉඩම පර්චස් 90ක්. මේ ඉඩම මගේ බිරිඳගේ නමින් තමයි පවරලා තිබුණේ. අපි දෙන්නම රෝගීන්. අපිව බලාකියා ගන්න කවුරුත් නැහැ. සලකන්න කවුරුවත් නැහැ. අපේ ඉඩමට අල්ලපු ඉඩම අයිති කුමාර් සංගක්කාර මහත්තයාට. සංජීව මහත්තයා තමයි ඒ ඉඩම බලා ගන්නේ. ඒ මහත්තයා අපිට ගොඩක් උදව් උපකාර කළා. කන්න බොන්න ගෙනත් දුන්නා. සල්ලි දුන්නා. බෙහෙත් ගේන්න යන්න වාහනේ පවා දුන්නා.

මේ ඉඩම පවරා දෙන්න අපිව මැරෙනකම් හොඳින් බලා ගන්නම් කියලා ඒ මහත්තයා කිව්ව හින්දා තමයි අපි මේකට කැමැති වුණේ. ඒ මහත්තයා ගැන තිබුණු විශ්වාසයට අපි ලියකියවිලි සේරම දුන්නා. ඒවාට මොනවද කළේ කාටද පවරා දුන්නේ කියලා අපි දන්නේ නැහැ. පස්සේ මේක මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. දැන් මේ වැඩේ ඉදිරියට ගෙනියන්න බැහැ කියලා ඒ අය කියනවා. අපිව කබලෙන් ළිපට වැටුණා වගේ වැඩක් වුණේ.”

රජය විසින් ඉඩම පවරා දුන් හිමිකාරියගේ ස්වාමියා අදහස් දක්වා තිබුණේ එසේය මේ සිද්ධියේදී සංජීව ලෙස හැඳින්වූ සංජීව වර්ණසූරිය නැමැත්තාද පසුව මාධ්‍යයට අදහස් දක්වා තිබිණි. එහිදී ඔහු සඳහන් කර තිබුණේ අසරණ පවුලකට උදව් උපකාර කිරීමට ගොස් තමන් අමාරුවේ වැටුණු බවය. ඉඩම විකුණා තමන්ට උදව් කරන ලෙස අදාළ පවුල තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ හේතුවෙන් තමන් දන්නා හඳුනන සංගක්කාර මහත්මියට මේ ඉඩම විකුණා අදාළ පවුලට මුදල් ලබා දීමට මැදිහත් වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. නමුත් තමන් නීති විරෝධී ආකාරයෙන් කිසිවක් සිදු නොකළ බවද සඳහන් කළ ඒ මහතා ඊට අදාළ ලියකියවිලි සැකසීම සිදු කළේ තමන් විසින් නොවන බවද ප්‍රකාශ කළේය.

විමසිල්ලෙන් බැලීමේදී පෙනී යන්නේ ඉඩම පැවරීමේදී කොතැනක හෝ බරපතළ වංචාවක් සිදු වී ඇති බවය. දින වකවානු අනුව බැලීමේදී පෙනී යන්නේ ඉඩම පැවරීම ව්‍යාජ ආකාරයෙන් සිදු වූ බවක් තමන් දැන නොසිටි බවට කුමාර් සංගක්කාර මහතා සහ යෙහාලි සංගක්කාර මහත්මිය පවසන කාරණය සත්‍ය විය හැකි බවය.

කෙසේ නමුත් මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව ඇත්තේ ඊට මැදිහත් වූ ග්‍රාම නිලධාරිවරයා පමණි. නමුත් ඊට සම්බන්ධ වෙනත් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත. එබැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමය. සංගක්කාර මීට වැරැදිකරුවෙකු නොවන්නේ නම් එයද ඒ හරහා හෙළිදරව් වනු ඇත.

එමෙන්ම මෙහිදී මතුවන තවත් බරපතළ කාරණාවක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය. මේ සිදුවීම අහිංසක මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් මෙවැනි වංචාවන් සිදු කළ පළමු අවස්ථාව මෙන්ම අවසන් අවස්ථාවද නොවේ. ප්‍රසිද්ධියට පත් නොවුණද මෙවැනි වංචා රාශියක් මේ මොහොතේද රට පුරා සිදුවෙමින් ඇත. එබැවින් මෙවැනි අකටයුතුකම්වලට වැට බැඳීම සියලු දෙනාගේම වගකීමය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සැකකරුවෙක් අල්ලන්න ගියා: නෑ… අනියම් බිරියක් බලන්න ආවා: පොලිස් නිලධාරියාට ගම්මු වටකරගෙන ගහලා

Next Post

මේ පාර ජන්ද 47න් 10ක්වත් නෑ!!! ජිනීවා ජන්දෙන් ලංකාවට ඇපත් නැති වෙයිද?

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.