ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්තේ හටගත් ගින්නෙන් විනාශ වූ නිවාස බැලීමට ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා හට ප්‍රදේශවාසීන්ගේ විරෝධය පළ විය.
ඒ එම ප්‍රදේශය වටා පිහිටි නිවාස සංකීර්ණය ඉදිකළ පුද්ගලයන් සම්බන්ධයෙන් කතා බහක් ඇති වීමත් සමගය.
මනෝ ගනේෂන් මහතා පැමිණ, “වටේ තියෙන තට්ටු නිවාස ඔක්කොම අපි හැදුවේ. කලබල වෙන්න එපා දෙනවා අපි. අපේ ආණ්ඩුව නෙවෙයි නේ. නමුත් දෙනවා දැන්,” යනුවෙන් පැවසීමත් සමග එම උණුසුම් තත්ත්වය ඇති වී තිබුණි.
කැලණි නදී විහාරයේ විහාරාධිපති පූජ්‍ය අකුරැස්සේ අරියසාගර හිමි පැවසුවේ,”මන්ත්‍රීතුමා මේක දෙන්න තිබුණු කාලය දැන් ඉතින් පහු වුණා. ඒ කාලේ දුන්නේ නෑ නේ,මේවා හැදුවේ මහින්ද මහත්තයා ” යනුවෙනි.
“ඔක්කොම වැඳගෙන එනවා ගන්නකං. ඊට පස්සේ ඩෝසර් දාලා කැඩුවේ,” යැයි ප්‍රදේශවාසීහු එහිදී පැවසූහ.
කෙසේවෙතත් අද උදෑසන සජිත් ප්‍රේමදාස මහතාද කජීමාවත්තේ ජනතාවගේ සුවදුක් බැලීමට එහි පැමිණියේය.










