ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් අද (13) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.
සිය ටුවිටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඉන්දීය අගමැතිවරයා මේ බව අනාවරණය කර ඇත.
එහිදී ද්විපාර්ශ්වික කරුණු මෙන්ම කොරෝනා එන්නත පිළිබදවද තවත් කරුණු රැසක් පිළිබදවද සාකච්ජා කළ බව ඉන්දීය අගමැතිවරයා සදහන් කොට ඇත.











