වහාබ්වාදය සහ ජිහාඩ්වාදය සම්බන්ධයෙන් මත පැතිරවීම සම්බන්ධයෙන් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂිඩ් අක්බාර් දෙමටගොඩදී පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජමාත් -අල්- ඉස්ලාමි සඟරාවේ , අල් හසනාත් යනුවෙන් වහබ්වාදය සහ ජිහාඩ් වාදය ප්‍රචාරය කරමින් ඔහු විසින් ලිපි පළකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
2018 වර්ෂයේදී මාවනැල්ලේ ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ ළඟම ඥාතියෙකු ලෙස රෂීඩ් අක්බාර් සැලකේ.










