• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

මාවක් ඔයෙන් මතුවූ අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුගේ සිරුරේ අභිරහස පොලිසිය විසදූ හැටි EXCLUSIVE

March 14, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 8 mins read
A A
මාවක් ඔයෙන් මතුවූ අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුගේ සිරුරේ අභිරහස පොලිසිය විසදූ හැටි EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

හොරණ දඹර ප්‍රදේශයෙන් ගලා බසින මාවක් ඔයේ යතුරු පැදියක ගැටගසා ජලයේ ගිල්වා තිබුණු මිනිස් සිරුර සම්බන්ධයෙන් වූ සියලුම අභිරහස් මේ වන විට හොරණ පොලීසියේ නිලධාරීන් විසඳා හමාරය. ඒ යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ ආරක්ෂක වළල්ලේ සේවයේ නිරතව සිටි කමාන්ඩෝ බළකායේ භටයෙක්ද අත්අඩංගුවට ගනිමිනි. පොලිස් විමර්ශනවලින් හෙළීවී ඇති ආකාරයට එය හුදෙක් පුද්ගලික ආරවුලක් මුල්කරගත් ඝාතනයකි. එසේ ඝාතනයට ලක්වන්නේද එසේ මෙසේ පුද්ගලයෙක් නොව අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ අභිරහස් වෙඩික්කරුවෙක් වූ සදා නැමැත්තාය. හදුනාගෙන ඇති ආකාරයට අනුව කමාන්ඩෝ බළකායෙන් ඉවත්ව සිටින සෙබළෙක් වන ඔහු ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙකි.

දැක්කේ මාළු අල්ලන්න ගිය අයෙක්

මාවක් ඔයේ ගිල්වා තිබුණු මෙම මළ සිරුර ගොඩ ගැනෙන්නේ ඉකුත් පෙබරවාරි 11 වෙනිදාය. ඒ එදින සවස මාවක් ඔය ඉවුරේ සිට මාළු අල්ලන්නට ගිය පුද්ගලයෙකුට මළ සිරුර නෙත ගැටීමත් සමගිනි. යතුරු පැදියක ගැටගසා එම මළ සිරුර ඇති බව හෙළිවන්නේ පොලීසිය එම ස්ථානයට පැමිණ කළ පරීක්ෂාවේදීය. ඒ වන විටත් මළ සිරුර තිබෙන්නේ දිය වී ඇට පෑදෙමින් හඳුනා ගැනීමට නොහැකි තත්වයෙනි. යතුරු පැදියේ ගැට ගසා තිබෙන්නේ ඔහුගේ පාද දෙකය. සිරුර දියවී ඇති ආකාරයට අනුව දිය යට සතියක් දෙකක්වත් මළ සිරුර තිබෙන්නට ඇතැයි පොලීසිය අනුමාන කළේය.

පරීක්ෂණ තිස්සට බාරදෙයි

මේ ගැන වහාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර පවසන්නේ ඔහුගේ බල ප්‍රදේශයේ ප්‍රධානීන් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන සංජය ඉරසිංහ සහ අශෝක වීරක්කොඩි යන නිලධාරීන්ටය. ඒ අයගේ උපදෙස්වලට අනුව යමින් තිස්ස කුමාර සිය අධික්ෂණයෙන් ක්‍රියාත්මක කණ්ඩායමක් සකස් කළේය. ඒ මෙම අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිකර ගන්නටය. එම කණ්ඩායමට උප පොලිස් පරීක්ෂකවරුන් වන ඩී.එල්.බී.අබේසිරි, රන්ජිත්, සැරයන්වරුන් වන ලලිත් (350477), සුබසිංහ (60604) , කොස්තාපල්වරුන් වන ක්‍රිෂාන්ත (83935) සහ ගීකියනගේ (41050) ඇතුළත් වූහ.

මුලින්ම පැන්නුවේ චැසි අංකය පස්සේ

තිස්ස කුමාර ප්‍රමුඛ මෙම පොලිස් කණ්ඩායමට එල්ලවන මුල්ම අභියෝගය වන්නේ ඝාතනයට ලක්ව සිටින පුද්ගලයාව හදුනා ගැනීමය. අඩුම තරමින් ඔහුව ගැටගසා තිබුණු යතුරු පැදියේ අංකය පවා නොතිබුණු බැවින් ඒ ඹස්සේ හඹායාමද එතරම් පහසු කටයුත්තක් නොවීය. එහෙත් යතුරු පැදිය හැරුණු කොට ඝාතනය වී සිටින පුද්ගලයා හදුනා ගැනීමට වෙනත් කිසිදු හෝඩුවාවක්ද නොවීය. එබැවින් තිස්ස කුමාර තීරණය කරන්නේ යතුරු පැදියේ චැසි අංකය සහ ඇංජින් අංකය ඔස්සේ යතුරු පැදියේ හිමිකරුවන් හදුනා ගන්නටය. ඒ අනුව සිය නිලධාරීන් මෙහෙයවා රථවාහන ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකරුව හදුනාගත්තේය.

බයිසිකලේ රට වටේටම විකුණලා

ඊට අනුව යතුරුපැදියේ ලියාපදිංචි හිමිකරුවූයේ ගනේමුල්ල පැත්තේ පුද්ගලයෙකි. ඒ අනුව තිස්ස කුමාර ගනේමුල්ලට නිලධාරීන් කිහිප දෙනෙක් යොමු කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහවද දැනුවත් කරමිනි. ඒ අනුව ගණේමුල්ලට ගිය එම නිලධාරීන්ට දැනගන්නට ලැබෙන්නේ එම යතුරුපැදිය ලියාපදිංචි හිමිකරු 2014 වසරේදී අලෙවිකර ඇති බවය. ඒ පුද්ගලයාද ගණේමුල්ලේ අයෙක් වූ බැවින් නිලධාරීන් ඔහුව සොයා ගියේය. ඒ පුද්ගලයා රිය අනතුරකින් ඒ වන විටත් මිය ගොස් සිටියේය. යතුරුපැදිය ඔහුත් නිට්ටඹුවේ අයෙකුට විකුණා දමා ඇතැයි නිලධාරීන් දැන ගන්නේ ඔහුගේ බිරිඳගෙනි. අනතුරුව නිලධාරීන් යන්නේ නිට්ටඹුවේ එල්ලක්කල ගම්මානයටය. යතුරුපැදිය ඔහුත් ඒ වන විට තවත් අයෙකුට අලෙවි කර තිබුණේය. ඒ නවගමුවේ අයෙකුටය. ඒ පුද්ගලයාද යතුරු පැදිය තංගල්ලේ අයෙකුට විකුණා දමා ඇතැයි හෙළිවන්නේ නවගමුවට ගොස් ඒ ගැන කළ සොයා බැලීමේදීය. තංගල්ලේ පුද්ගලයා සොයා යාමේදී පෙනී යන්නේ ඔහු මෙරට ප්‍රමුඛතම ගෘහ උපකරණ සමාගමක කොට්ටාව ශාඛාවේ සේවයේ නිරතව සිටින ජයවර්ධනපුර සරසවියේ සිව් වැනි වසරේ සිසුවෙක් බවය. තංගල්ලට නොයා එම සිසුවාව කොට්ටාවේදී මුණ ගැසීමට නිලධාරීන්ට හැකියාවක් ලැබෙන්නේ ඔහුගේ දුරකතන අංකය ලැබීම හේතුවෙනි. බැලින්නම් ඔහුද යතුරු පැදිය රත්නපුරයේ අයෙකුට අලෙවි කර තිබුණේය. සරසවි සිසුවා සතුව ඒ පුද්ගලයාගේ ජාතික හැදුණුම්පතේ පිටපතත්ද විය. ඒ හැදුණුම්පතේ ලිපිනය ඔස්සේ නිලධාරීන් ඔහුව සොයා රත්නපුරයට ගියේය.

අයි.ඩී.එක හොරට හදලා…

එම හැදුණුම්පතේ සදහන් ලිපිනයක් රත්නපුර පැත්තේ සොයා ගන්නට නොවූ’තැන මේ පුද්ගලයා ගැන තොරතුරු විමසා පරීක්ෂාවක් කරන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයෙනි. යතුරු පැදිය මිලදී ගැනීමට යොදාගත් ඒ ජාතික හැදුණුම්පතේ පිටපත ව්‍යාජව සකස් කළ හැදුණුම්පතක පිටපතක් බව හෙළිවන්නේ එවිටය. ඒත් එක්කම යතුරු පැදියේ හිමිකරුවන් හඳුනා ගනිමින් දියත් වූ මෙහෙයුමට බාධාවක් ගෙන දුන්නේය. එහෙත් තිස්ස කුමාර එය බාධාවක් ලෙස සැලකුවේ නැත.

වට්ස්ඇප් ජාලයෙන් තොරතුරු හොයයි

අපරාධකරුවන්ගේ දත්තයන් ඇතුළත් කර සකස්කර ඇති පොලීසියේ වට්ස්ඇප් ජාලය ඔස්සේ එම හැදුණුම්පතේ නම සඳහන් පුද්ගලයාව හදුනා ගැනීමට උත්සහයක් ගත්තේය. ඒ හැදුණුම්පතේ සදහන් වූ නම එහා මෙහා කරමින් ජාලයට ඇතුලත් කරමිනි. එයද එතරම් සාර්ථක නොවූ තැන තිස්ස කුමාර සිය නිලධාරීන්ව මෙහෙයවන්නේ යතුරු පැදියේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය ඔස්සේ ඉදිරියට යන්නටය. ඒ සඳහා ඔහු නිලධාරීන් පිටත්කර යවන්නේ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හොරණ පිහිටි රක්ෂණ නියෝජිතායතන වෙතය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය නිලධාරියා සොයා ගන්නේ යතුරුපැදියට ආදායම් බලපත්‍රය ලබාගෙන ඇත්තේ ගනේමුල්ලේ මුල් ලියාපදිංචි පුද්ගලයාගේ නමින්ම බවය. එහෙත් රක්ෂණ නියෝජිතායතන වෙත ගිය නිලධාරියා සොයා ගන්නේ ගනේමුල්ලේ මුල් ලියාපදිංචි හිමිකරුගේ නමින්ම රක්ෂණ සහතිකය කොළොන්නාවේ පිහිටි රක්ෂණ නියෝජිතායතනයකින් ලබාගෙන ඇති බවය.

ඉන්ෂූවරන්ස් එකෙන් පොටක් පෑදෙයි

ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් කොළොන්නාවට යන්නේ රක්ෂණ සහතිකයක් ඉල්ලුම්කළ විට සම්පූර්ණ කළ යුතු පෝරමයේ එම සහතිකය ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් යම් හෝඩුවාවක් තිබේදැයි සොයා බලන්නටය. පොලීසියේ උත්සහය සාර්ථකය. පෝරමයේ එක් තැනක සටහන්ව ඇත්තේ ඉල්ලුම්කරුගේ ජංගම දුරකතන අංකයකි. ඒ අංකයට නිලධාරීන් ඇමතුමක් ගන්නේ කොළොන්නාවේ සිටය. එහෙත් ඊට ප්‍රතිචාරයක් නොවීය. දුරකතනය පවතින්නේ ක්‍රියා විරහිත තත්වයේය. එතැන් සිට විමර්ශන සිදුවන්නේ එම ජංගම දුරකතන අංකය ඔස්සේය.

කොහිලවත්තේ සසංක අතුරුදන්

එහිදී හෙළිවන්නේ මෙම පුද්ගලයා අංගොඩ කොහිලවත්තේ පදිංචිකරුවෙක් වන සසංක සඳරුවන් නැමැති අයෙක් බවය. නිලධාරීන් ඔහුගේ නිවස සොයා යන විට බිරිඳ පවසන්නේ ජනවාරි 31 වෙනිදා සිට සැමියා අතුරුදන්ව සිටින බවය. එදා ඔහු නිවසින් පිටව යන්නේ මිතුරෙක් මුණ ගැසීමට හොරණට යන බව කියා යැයිද බිරිඳ කීවාය. සැමියාගේ ජංගම දුරකතන අංකය 31 වෙනිදායින් පසු ක්‍රියාත්මක නොවන බවත් ඒ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි කිරීමට අවස්ථා කිහිපයක්ම ගියත් එම පැමිණිල්ල සටහන් නොකරගත් බවත් ඇය සඳහන් කරන්නට වූවාය.

බිරිය සිරුර හදුනගනී: අංගොඩ ලොක්කාගේ අභිරහස් වෙඩිකරුවෙක්

මෙහිදී නිලධාරීන්ට ගැටලු ගෙන දෙන්නට වූයේ මාවක් ඔයෙන් හමුවූයේ ඇගේ සැමියාමදැයි කියාය. ඒ බව තහවුරු කර ගැනීමට නිලධාරීන් ඇයව හොරණට රැගෙන ගියේය. මළ සිරුරේ තිබුණු ඇදුම් පැලදුම් නිලධාරීන් ඇයට පෙන්වනු ලැබුවේය. කොට කලිසමක්, කමීසයක් සහ ඉන පටියක් ඔස්සේ ඒ තමාගේ සැමියාගේ බව ඇය හඳුනා ගත්තාය. ඒ අනුව මාවක් ඔයේ යතුරු පැදියක ගැටගසා තිබී හමුවුණු මළ සිරුර කාගේදැයි තවදුරටත් අභිරහසක් නොවීය. එතැන් සිට විමර්ශන දියත්වන්නේ ඔහුගේ ඝාතකයා සොයා ගන්නටය. මේ පුද්ගලයා කමාන්ඩෝ බළකායේ සේවය කර ඉවත්ව සිටින්නෙක් බවත්, අංගොඩ ලොක්කාගේ අභිරහස් වෙඩිකරුවෙක් බවටත් ඒ අතර තොරතුරු ලැබෙන්නේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහටය. ඒ ඔහුගේ තොරතුරුකරුවන්ගෙනි.

දුරකතනය ඔස්සේ පන්නයි

අංගොඩ ලොක්කාගේ අභිරහස් වෙඩික්කරු යතුරු පැදියක ගැටගසා මාවක් ඔයේ ගිල්ලුවේ කවුරුන්ද? මේ අභිරහස විසඳීම තිස්ස කුමාර ඇතුළු නිලධාරීන්ට අභියෝගයක් වූයේ නැත. ඒ ඝාතනයට ලක්වූ’පුද්ගලයාගේ ජංගම දුරකතනය වැදගත් සාක්ෂි ගොන්නක්ම ඒ වන විට සපයා තිබුණු බැවිනි. ඊට අනුව ඔහුගේ හොරණ සිටින මිතුරා කමාන්ඩෝ සෙබළෙකි. ඔහු සේවයේ නිරතව සිටියේ හමුදාවේ ඉහළම නිලධාරියෙකුගේ ආරක්ෂක බල ඇණියේය. ඝාතනයට ලක්ව සිටි අංගොඩ ලොක්කාගේ පාතාල බලඇණියේ අභිරහස් වෙඩික්කරු වූ සදා බොහෝ අවස්ථාවන්වලදී අපරාධයකින් පසු පොලීසියෙන් බේරෙන්නට සැඟවෙන්නට එන්නේ හොරණටය. එහිදී මිතුරා ඔහුට නවාතැන් ගන්නට ඉඩ දෙන්නේ සිය නිවසට කිට්ටුව පාත පිහිටි වසා දැමූ’නිවසකි. ඔහු එහි මාසයක් දෙක නවාතැන් ගෙන සිටි අවස්ථාද නැත්තේම නැත.

බිරිදගේ ප්‍රශ්නයක් උඩට ඇවිත්

ඒ අතර මිතුරාගේ බිරිදට බැල්ම හෙලුවේය. ඇය මේ ගැන සිය සැමියාට පවසන්නේ බැරිම තැනය. මිතුරන් දෙදෙනා අතර පැවති හොඳ හිත පළුදු වන්නේ ඒත් එක්කමය. ඒ අතර සදා ඇයට කෙටි පණිවුඩ මගින් තර්ජනය කරන්නට ගන්නේ හොඳින් බැරිනම් නරකින් හරි ඇයව තමාට අයිතිකර ගන්නා බවටය. මේ සියල්ල ඉවසා ගෙන සිටි ඇගේ සැමියා මේ ප්‍රශ්නය විසඳන්නට සැලසුමක් දියත් කළේය. ඒ තරහා මරහ අමතක කර නැවතත් ඔහු සමග මිතුරු වෙමිනි. නැවතත් සදා හොරණ නිවස පැත්තේද කරක් ගසන්නටද ගත්තේය. ඊට ඉඩදී මිතුරා බලා සිටියේ යම් සැලසුමකට අනුවය. ඒ දවස උදා වන්නේ 31 වෙනිදාය. එදා සතියක නිවාඩුවත් ලබාගෙන මිතුරා ගනේමුල්ලේ කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් එළියට එන්නේ සදාට දුරකතන ඇමතුමක් දෙමින් හොරණ යන්නට සූදානම් වන ලෙස කියමිනි. නැවතත් ඔහු ඇමතුමක් දෙමින් සදාට පවසන්නේ තමා කඩුවෙලට පැමිණෙන බැවින් තමාවද රැගෙන යන්නට අමතර හිස් වැසුමක් රැගෙන එන ලෙසටය. ඒ ඔහු යතුරුපැදියෙන් පැමිණෙන බව මිතුරා දැන සිටි බැවිනි.

තෙවැන්නෙකුත් හවුල් වෙලා

මෙම සැලසුමට තුන්වැන්නෙක්ද සිටියේය. ඔහු ගනේමුල්ල පැත්තේ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන්නෙකි. කලක් ඔහුද හමුදා සේවයේ නිරතව සිටි කමාන්ඩෝ සෙබළෙකි. ඔහු සමග යතුරු පැදියේ නැගී කඩුවෙලට යන මිතුරා ඔහුට පවසන්නේ සදාගේ යතුරු පැදියේ නැගී එතැන් සිට තමන් හොරණ බලා ගමන් ගන්නා බවය. සදාගේ සැකයට ලක් නොවන ලෙස පසුපසින් පැමිණෙන ලෙසටද ඔහුට දැනුම් දුන්නේය. ඒ අනුව කඩුවෙලින් ඔහු සදාගේ යතුරු පැදියට ගොඩවූයේය. මීගොඩින් බියර් කෑන් හතරක් සමග සිගරට් පැකට්ටුවක්ද ඔහු මිලදී ගත්තේය. ඒ වන විට පවතින්නේ හතර වටින් අඳුර ගලාගෙන එමිනි. අඳුරේම ඉදිරියට ඇදුණු යතුරු පැදිය නතර වන්නේ මාවක් ඔය ආසන්නයේ ඇති රබර් යායක් මැදිනි. මීගොඩින් මිලදී ගත් බියර් කෑන් හතර තොල ගාන්නට ගන්නේ එම රබර් යාය මැද සිටය. ඒ ඉටිපන්දමක්ද දල්වාගෙනය.

පැයක් හමාරක් පොල්ලෙන් ඔළුවට තඩිබාලා

බියර් කෑන් හතර හිස් වන විට මිතුරා සිටින්නේ යක්ෂයා ආරූඩවය. ඔහු අතට හොඳින් අසුවන පොල්ලක් අතට ගත්තේය. “තෝ මගේ ගෑණිට“ යැයි කියමින් පොලු පහරවල් කිහිපයක් අත බදා හිසට එල්ල කළේය. කිසිවක් සිතා ගන්නට නොහැකි වූ සදා ජීවිතය යදින්නට වූයේ නැවතත් එවන් වරදක් තමන් අතින් සිදු නොවන බව කියමිනි. එහෙත් ඒ හඬ මිතුරාට ඇසුණේ නැත. පැයක් හමාරක් ඔහු සදාට පොල්ලෙන් තඩි බෑවේය. ඒ අතර සදා අන්තිම හුස්ම පොද පවා පිටකර තිබුණේය. ගණේමුල්ලේ සිට පැමිණි මිතුරාව ඔහු කැඳවන්නේ මේ සියල්ල අවසානයේදීය. ඔහු ඒ වන විටත් අතරමග රැඳී සිටියේ දුරකතන ඇමතුමක් ලැබෙන තුරුය. දුරකතන ඇමතුමට අනුව රබර් වත්තට ඔහු එන්නේ ලණු කැරැල්ලක්ද රැගෙනය. යතුරු පැදියේ තබා සදාව ගැට ගසන්නේ එම ලණුපොටවල්වලිනි. අනතුරුව යතුරු පැදියද සමග සදාව ඔසවා මාවක් ඔයට විසිකරන්නේ යතුර පැදියේ අංක තහඩු පවා ගලවා දමාය. ඒ අතර සදාගේ ජංගම දුරකතනය මෙන්ම මුදල් පසුම්බියද ඔවුන් සියතට ගත්තේය. ඒවාද සිය නිවසට ගමන් ගන්නා මාර්ගයේ හමුවන මාවක් ඔයේ අතු ජල පහරවල්වලට විසිකළේය.

කමාන්ඩෝ සෙබළා අත්අඩංගුවට

ගනේමුල්ලෙන් පැමිණි මිතුරා එදා නැවතත් ගනේමුල්ල බලා පිටත්ව යන්නේද හොරණ මිතුරාව නිවසට ඇරලවාය. කිසිදු සාක්ෂියක් ඉතිරි නොවන්නට සැලසුම් සහගතව සිදු කළ මෙම ඝාතනය සියුම් විමර්ශනයක් ඔස්සේ හෙළිකරගත් තිස්ස කුමාර ඇතුළු නිලධාරීන් ගණේමුල්ලට ගොස් කමාන්ඩෝ සෙබළාව අත්අඩංගුවට ගන්නේ ඔහුට එරෙහිව විද්‍යාත්මක සාක්ෂි ගොන්නක්ම රැස්කර ගැනීමෙන් අනතුරුවය. ඒ අතර ඔහුගේ ව්‍යාපාරික මිතුරාව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ ඔවුන්ට ලද තොරතුරකටය. අවසානයේදී ඔවුන් දෙදෙනා ප්‍රශ්නකිරීම් හමුවේ සියල්ල වැමෑරුවේය. කෑලිවලට කඩා විසිකර තිබුණු යතුරුපැදියේ අංක තහඩු කොටස් පවා ඒ ඔස්සේ සොයා ගත්තේය. ඒ තවදුරටත් මාවක් ඔයේ ඝාතනය අභිරහසක් බවට පත්නොවන්නට වග බලා ගනිමිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

මහින්ද හදිසියේම බංග්ලාදේශයට

Next Post

දැනට කොරෝනා සිරුරු 45ක් භූමදාන කරලා

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.