රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට වන තොරතුරක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඊයේ උත්සවයකදී පළකළ අදහසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අද (10) අමාත්‍ය විමල් වීරවංශ මහතා ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙසය.
“විමල් වීරවංශ ඇමතිවරයා, මම සහරාන්ව කවදාවත් හම්බවෙලා නෑ. මගේ සහෝදරයට හෝ මට සහරාන් එක්ක කිසිදු සම්බන්ධයක් තිබුණේ නෑ කියලා එදත් කිව්වා අදත් කියනවා. ඒක තමයි ඇත්ත. විමල් වීරවංශ මහතා ඊයේ කරපු ප්‍රකාශය අමුලික බොරුවක්. එතුමා දිගටම බොරු ප්‍රචාරය කරන්නේ එයාගේ දේශපාලන වාසියට. දැන් එයා හොඳටම වැටිලා ඉන්නේ. එතුමාට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔයා කිව්ව එක ඔප්පු කරන්න. මම CID එකට පැමිණිල්ලක් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා වහාම පරීක්ෂණ පවත්වලා නීතිමය කටයුතු කරයි කියලා.“










