කොළඹ, වේල්ලවීදියේ ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ හිස කොටස ඝාතකයා විසින් පුලුස්සා දමන්නට ඇතැයි සැකකරන බව පොලිස් නිලධාරින් සැක පහළ කොට ඇත.
මෙම කාන්තාවගේ හිස සොයා ගැනීම සඳහා කොළඹ සහ මොණරාගල විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටිති.
මෙම ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණි දින රාත්‍රියේ ඔහුගේ කිලිටි ඇඳුම් සිය නිවසේ නානකාමරයේ බේසමක තිබූ නමුත් පසුදා උදෑසන එම ඇඳුම් දක්නට නොලැබුණු බව ඔහුගේ දියණියගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබේ.
තම පියා මධ්‍යම රාත්‍රිය ආසන්යේ දී නිවසට පැමිණි බවත් ඉන්පසු රාත්‍රී ආහාර ගත් බවත් දියණියගේ සාක්ෂියේ සටහන් වී ඇත.
මේ අනුව පොලිසිය සැක කරන්නේ ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා එදින රාත්‍රි ආහාර ගැනීමෙන් අනතුරුව කාටත් හොර රහසේ නිවසෙන් පිටවන්නට ඇති බවකි.
එලෙස නිවසින් පිටවූ උපපොලිස් පරීක්ෂකවරයා තම වැඩිමහල් පුත්‍රයාගේ ඉදිකෙරෙමින් පවතින නිවසට ගොස් තමන්ගේ කිලිටි ඇදුම් සහ හිස කොටස පුළුස්සා දමන්නට ඇති බවට පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් සැක පළ කර සිටිති.
මේ වනවිට කිලිටි ඇදුම් සහ ගමන් බෑගය පුළුස්සා දැමූ ස්ථානය සොයාගෙන ඇති අතර හිස කොටස සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.










