• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුත්තුසාමි කලඑළි බසී: ඉන්දියාවේ BJPය උතුරේ වැඩ අරඹයි: ‘මව්රට’ කලින්ම කිව්ව කතාව හරි

March 7, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
මුත්තුසාමි කලඑළි බසී: ඉන්දියාවේ BJPය උතුරේ වැඩ අරඹයි: ‘මව්රට’ කලින්ම කිව්ව කතාව හරි
Share on WhatsAppShare on Facebook

තව නොබෝ දිනකින් ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් උතුරේ වැඩ කටයුතු ආරම්භ කරන බව වී. මුත්තුසාමි මහතා මාධ්‍ය සාකච්ජාවක් කැදවමින් සදහන් කොට ඇත.

හෙතෙම පෙන්වා දෙන්නේ උතුරේ ජනතාවගේ අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතු වර්ධනය කිරීමේ අරමුණින් මෙම දේශපාලන පක්ෂය පිහිටුවන බවකි.

කෙසේවෙතත් මේ ආකාරයට භාරතීය ජනතා පක්ෂය උතුරේ දේශපාලන කටයුතු ආරම්භ කරන බවත්, මුත්තුසාමි නැමැත්තකු එහි ලංකාවේ නියෝජිතය බවත් මව්රට පුවත්පතේ රාජ්‍ය රහස් තීරය හෙළි කරනු ලැබුවේ මීට දෙසතියකට පෙරය.

රාජ්‍ය රහස් තීරයේ එම කොටස මෙසේය.

මෝඩි ලංකාවේ බලය අල්ලයිද?

මේ ආකාරයට ලංකාව හා පාකිස්තානය අතර අලුත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙමින් පැවැති පසුබිමක ඉන්දියාව හා ලංකාව අතර මතුවූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදය විවිධ ක්ෂේත්‍ර කරා පැතිරී යන ආකාරයක්ද මේ වන විට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම අලුත් අර්බුදය මතුවූයේ ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ෂා ඉන්දීය මාධ්‍ය වෙත කළා යැයි කියන ප්‍රකාශයත් සමඟය. එම ප්‍රකාශය හරහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා තිබුණේ ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද ආරම්භ කිරීමට සැලැසුම් කොට ඇති බවත්, ලංකාවේ මැතිවරණවලට තරගකොට මෙරට බලය ඇල්ලීමට සූදානම් බවත්ය.

භාරතීය ජනතා පක්ෂයෙන් මෙම ප්‍රකාශය නිල වශයෙන් නිකුත් කිරීමට ප්‍රථම ඉන්දියාව මුල්කරගෙන තවත් සිදුවීම් මාලාවක්ද සිදුව තිබිණ. ඉන් පළමුවැන්න වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවට පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ආචාර්ය ගෝපාල් බාග්ලේ මහතා මෙරට සියලුම දමිළ දේශපාලන පක්ෂවල නායකයන් වෙන වෙනම මුණගැසීමටද පියවර ගෙන තිබිණ. ඒ අනුව බාග්ලේ කොළඹදී දෙමළ සන්ධාන නියෝජිතයන්, දෙමළ ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ රාධක්‍රිෂ්ණන් මෙන්ම වතුකරයේ දෙමළ පක්ෂ නියෝජනය කරන ජීවන් තොණ්ඩමන් ඇතුළු පාර්ශ්වයන්ද මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මීට අමතරව නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්වරයා වන විනෝද් මඩකළපුවට ගොස් කරුණා මෙන්ම පිල්ලෙයාන්ද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණ. ඒ හරහා දැකගන්නට තිබුණේ ඉන්දියාව ලංකාවේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එක ස්ථාවරයකට ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවකි.

බීජේපී ලංකාවේ නියෝජිතයා මුත්තුසාමි

මෙම තත්ත්වය වැඩිදුරටත් තහවුරු වූයේ මෙම හමුවීම්වලින් පසු දෙමළ ජාතික සන්ධානය මඩකළපුවේ සිට යාපනය දක්වා ආරම්භ කළ විරෝධතා පාගමන සඳහා උතුරේ සියලු දමිළ පක්ෂ සහයෝගය පළකර තිබීම හරහාය.
මෙම සිදුවීම් පෙළත් සමඟ ඉන්දියාව පාර්ශ්වයෙන් ලංකාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් පිහිටුවීමට කටයුතු කරන බවට ප්‍රකාශ වීමත් සමඟ බොහෝ දෙනා එම කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්නට උත්සුක වූහ. ඒ අනුව අපද මෙම කතාවේ ඇත්ත නැත්ත සොයා බලද්දී අපට අනාවරණය වූයේ දැනටමත් භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයකු ලංකාවේ රැඳී සිටින බවකි. ඔහු නමින් ‘මුත්තුසාමි‘ බවද රාජ්‍ය රහස් තීරයට ආරංචි විය. ඔහු කාලයක් තිස්සේ ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින් සිටින බවත්, ගුවන් ප්‍රවේශපත් අලෙවි කිරීමේ ආයතනයක් ඇතුළු ව්‍යාපාර කිහිපයක් ඔහු සතුව පවතින බවත් අපට දැනගන්නට ලැබිණ. මෙම මුත්තුසාමි මෙරට සියලුම ද්‍රවිඩ දේශපාලන පක්ෂ සමඟ ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නකු ලෙස සැලකෙන අතර, විශේෂයෙන්ම උතුරේ දෙමළ දේශපාලකයන් සමඟ දැඩි හිතවත්කම් ඇත්තකු ලෙස සැලකේ. එමෙන්ම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ සබඳතා ඇත්තකු ලෙසද මෙම මුත්තුසාමි සැලකේ. ඒ අනුව මෙතුවක් කල් කිසිවකුත් නොදැන සිටියද භාරතීය ජනතා පක්ෂයේ ශ්‍රී ලාංකීය නියෝජිතයා ලෙස කටයුතු කොට ඇත්තේ මේ කියන මුත්තුසාමිය. ඒ අනුව ඉන්දියාවෙන් නිකුත් වුණු නිල ප්‍රකාශයත් සමඟ භාරතීය ජනතා පක්ෂයේ මෙරට නියෝජිතයා ලෙස ඉදිරියේදී මුත්තුසාමි එළිපිට කටයුතු කරනු ඇති ආකාරයක් ඉදිරියේදී දැකබලාගත හැකි වනු ඇත.

SendShareShare
Previous Post

අපරාධ චෝදනා ගැන මෛත්‍රී පළමුවරට කතා කරයි: පෙන්ටගනයට ගහපු එක නවත්තගන්නත් අමෙරිකාවට බැරිව ගියා (VIDEO)

Next Post

ලංකාවේ කොරෝනා මරණ 500 පන්නයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.