• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිළියක් වෙන්න ගිහින් කන්‍යාභාවය පූජා කළ තරුණියන් ගැන අනෝජාගෙන් හෙළිදරව්වක්

March 7, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
නිළියක් වෙන්න ගිහින් කන්‍යාභාවය පූජා කළ තරුණියන් ගැන අනෝජාගෙන් හෙළිදරව්වක්
Share on WhatsAppShare on Facebook

නම ඇසු පමණින් රුව දුටු පමණින් ඔබ දන්නා චරිතයක්. කාලාන්තරයක් තිස්සේ නිහඬ වූ චරිතයක් වුවද යසපාලිත නානායක්කරයන්ගේ මොණරතැන්න චිත්‍රපටයෙන් පටන් සිනමාවේ ඇය කළ කී දෑ අදටත් ප්‍රේක්ෂක රසික හදවත් තුළ ලැඟුම් ගෙන ඇත්තේ බොහොම ආදරණීය විදියටය.

ඉතා චාම් දිවිපෙවතකට නැඹුරු වෙමින් ජීවිතය හොයා යන ගමනේ අපිට අනෝජා වීරසිංහ නාමය කලාවේ නිර්මාණ රංග කාර්ය තුළින් ඈත් වුවත් නව පරපුරට නිවැරැදි දැක්මක් හඬ පුහුණුවක් ලබා දෙමින් සිදු කරන අභින යෝගාශ්‍රමය තුළින් සිදු කරන කර්තව්‍යය අමතක කරන්න බැහැ.

ඒ එක්කම මේ දිනවල අනෝජා වීරසිංහ චරිතය අපිට සමීප වෙන්නේ සමාජ මාධ්‍ය තුළ ප්‍රභල මාධ්‍යක් වී තිබෙන යූ ටියුබ් මාධ්‍යය තුළින් ඒ ‘Breathe with Anoja’ නම් යූටියුබ් චැනලය තුළින්.

මොකක්ද මෙහි අරමුණ, මේ තුළ පියවරෙන් පියවර සමාජගත කරන්නේ මොනවද? ඒ ගැන දැන ගන්නට සම්මානිත සිනමා රංගනවේදිනියක වන අනෝජා වීරසිංහ සමග කෙටි පිළිසඳරක යෙදුණා. මේ ‘Breathe with Anoja’ ගැන ඇය කියූ දේ.

මගේ ‘Breathe with Anoja’ පළමු කොටසින් පවා මේ ගැන දැනුවත් කළා. මම අවුරුදු 15ක 20ක වගේ සෑහෙන කාලයක් සියල්ලෙන්ම ඉවත් වෙලා හිටියා. එතැනදී මම හිස බූ ගෑවා. ඒ වෙද්දී මගේ කොණ්ඩෙට ආදරය කළ විශාල පිරිසක් හිටියා. ඒ අය ගොඩක් දුක් වුණා. හැබැයි එහෙම වෙන්න මට හේතු වුණේ මගේ ජිවිතේ කුඩා කාලයේ ඉඳන්ම මම අත්වින්ද දේ. මේ සියල්ල මගේ යූටියුබ් චැනල් එක හරහා මම කතා කරනවා. මානසිකව මම පුංචි කාලේ ඉඳලම පසුබෑමකට ලක්වුණු කෙනෙක්. මට 35-40 වගේ හොඳම වයස් කාලය වෙනකම් මේ මානසික තත්ත්වය බලපෑවා. මට ජීවිතේ විවාහය වගේ දේවල්වලදී වැරදුණු තැන් එක්ක මගේ ජීවිතේ කඩා වැටුණු කෙනෙක්. ජීවිතය එපා වෙලා ජීවිතය නැති කර ගන්න තැනට පවා මම ගියා.

මගේ ජීවිතේ වෙනස් වෙන්නේ එංගලන්තයේ ලැම්ඩා ආයතනයේ ඉගෙන ගන්න වාසනාව ලැබීමත් එක්ක. මම 1987 නව දිල්ලි ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබුණාම මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා මොන රංග පාසලෙන්ද සිනමාව ගැන හැදෑරීමක් කළේ කියලා. මම කිව්වම එහෙම ඉගෙන ගෙන නැහැ අධ්‍යක්ෂවරයා කියූ දේ ඒ චරිතය තේරුම් ගෙන කළා පමණයි කියලා ඔවුන් විශ්වාස කළේ නැහැ. අදටත් රංගනය ගැන හදාරන්න නිසි තැන් නැති නිසා සමහර රංගනය උගන්වන තැන් වලට ගිහින් අමාරුවේ වැටුණු ජීවිත කොයි තරම් තියෙනවද? කෙටියෙන්ම කියනවා නම් සමහර අය කන්‍යාභාවය පවා පූජා කරලා තියෙනවා නිළියක් වෙන්න තියෙන ආසාවට. දැන් තියෙන කලාව සහ කලාකරුවන් ගැන කියද්දී පුදුම දුකක් ඇතිවෙන්නේ.

ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා ඔස්ට්‍රේලියානු අධ්‍යක්ෂ පෝල් කොක්ස්ගේ Island චිත්‍රපටයේ රඟපාන්න. ග්‍රීසියේ රූ ගත කිරීම් තිබ්බේ. මට විශාල මුදලක් ඒ වෙනුවෙන් ලැබුණා. ඒ නිසා මමයි මගේ දෙවන මහත්තයයි දුවයි අපි තුන්දෙනාම යුරෝපයේ සංචාරයක් ගියා. මගේ මහත්තයා මහීන් කියන්නේ ඇවිදින පුස්තකාලයක් වගේ දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්. සිනමාවට අමතරව චිත්‍ර ශිල්පීන් ගැන සංගීතවේදීන් ගැන දැනුම්වත් වුණේ එයාගෙන්. යුරෝපයේ කලාව තියෙන්නේ ඉහළ තැනක. ඒ නිසා මට ආසාවක් ආවා මේවා ඉගෙන ගන්න. ඊට පස්සේ මම ගියා ලැම්ඩා එකට. මම ඉතින් ඒ යද්දී සම්මාන සහතික අරන් ගියා. නමුත් එතනට ගන්නේ පරීක්ෂණයක් තියලා. 3600ක් වගේ හිටියා ඔක්කොම අවසානයේ 36 දෙනයි ගත්තේ. ඒ අතරට මමත් තේරුණා. ඒ ගියාම තමා මම දැන ගත්තේ මෙච්චර කල් හුස්ම අරන් තියෙන්නේ වැරදියට කියලා. ස්වභාව ධර්මයට අනුව අපි සතා සිවුපාවුන් කුරුල්ලන් දිහා බැලුවොත් පේනවා ඒ අය කෑගහන්නේ බඩෙන්. ඒ කියන්නේ ශක්තිය ජනනය වෙන්නේ උදරයෙන්.

හුස්ම කියන්නේ ජීවිතේ මැජික් එක. මම මේ කතා කරන්නේ ආධ්‍යාත්මික මාර්ගයෙන් ඉහළට යන කෙනෙක් කියන දෙයක් නෙවෙයි. මේ කියන්නේ මම ලෞකික ජීවිතේ හැළහැප්පීම් එක්ක යන ගමනේ ඉන්න ජීවිත ගැන. අපිට ජීවිතේ තියෙන ලොකුම දේ හුස්ම. කෙටියෙන්ම ජීවිතේ කියන්නේ ආශ්වාස සහ ප්‍රාශ්වාස අතර තියෙන කාලය. හුස්මක් අරන් පිට කරනකම් විතරයි අපි ජීවත් වෙන්නේ. අපි හුස්මක් අරන් පිටකරේ නැත්නම් ඒ ජීවිතේ ඉවරයි. ඔය දේ තුළ තියෙන වටිනාකම කී දෙනෙක් දැනගෙන තියෙනවද? යෝග භාෂාවෙන් කියනවානම් කාලය අවකාශය කියන්නේ මායාවන්. මම එතනට යන්නේ නැහැ.
මම යූටියුබ් එක හරහා මේ දේ දැනුම්වත් කරන්න මූලික වුණේ මේ වෙද්දී විශිෂ්ට නළුවෙක් වෙන පුබුදු චතුරංග නිසා. පුබුදු කියන්නේ නළුවෙක් වෙන්න කලින් ඉඳලම මගේ හොඳ ගෝලයෙක්. දවසක් මට ජයන්ත ධර්මදාස මහතාගේ ගෙදරදී හමුවුණාම පුබුදු සහ මාෂි මට කිව්වා. මේ දැනුම අපරාදේ අපතේ යවන්නේ යූටියුබ් නාළිකාවක් කරන්න කියලා. මට ඒ වෙද්දී අඩුම මුහුණු පොතක් වත් නැහැ. වට්ස් ඇප් විතරයි තිබ්බේ. මම කිව්ව මම ඒවාට වැඩි කැමැත්තක් නැහැ කියලා. ඒත් මට පුබුදු උදාහරණ පවා පෙන්නුවා. කොහොම හරි ඕක ඔහොම කාලයත් එක්ක මගහැරිලා ගියා.

ඔය අතරේ කොරෝනා ආවා. මිනිස්සු සෑහෙන්න මට දුරකථන ඇමතුම් අරන් දුක කියන්න ගත්තා. වට්ස් ඇප් එක පිරෙන්න පණිවුඩ එනවා. මම හිස බූ ගාලා පැත්තකට වුණෙත් මාව අමතක වෙලා යයි කියලා. ජුලියට්ගේ භූමිකාව, යකඩ පිහාටු, පුරසක්මන වගේ නිර්මාණ එකතුවෙන් පස්සේ මම ප්‍රධාන චරිතයක් කළෙම නැහැනේ. හැබැයි මේ දවස් එක්ක කතා කරනවා නම් මිනිස්සු ඉන්නේ පුදුමාකාර ආතතියකින්. ආදායම් මාර්ග ඇහිරිලා එදාවේල හොයාගන්න අමාරු වුණු හිරවෙලා ඉන්න ජීවිතවලට වචනයකින් හරි අස්වැසිල්ලක් වෙන්න පුළුවන් නම් කියලා මටත් හිතුණා.

මොකක්ද මේ ජීවිතේ. ඉපදිලා අපි මොනවද කරන්නේ. මොනවද අපි අවසානයේ අරගෙන යන්නේ. මේ වගේ ප්‍රශ්න පත්‍රයක් මටම ආවා. අද වගේ මානසික මට්ටමක් මට එදා තිබුණා නම් මගේ චිත්ත වේග පවා පාලනය කර ගත්තා නම් ජීවිතේ බොහෝ තැන් නිවැරදි කර ගන්න තිබ්බා. ඒ ඒ නිසයි මම ලබපු අත්දැකීම් මේ බෙදා දෙන්නේ. මම ලබපු සහ මම ඉගෙන ගත්ත දේ එක්ක මට මේ කතාව ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. මම ඊළඟ හුස්ම ගත්තේ නැත්නම් ඔයාට හැඬූ කඳුළින් ලියන්න වෙන්නේ ඒ අවසානය නේද? ඒක වෙන්න පුළුවන්. ඒක තමා සත්‍යය.

අද මම මේ තැන ඉන්නේ මට ආදරය කරන අය නිසා. ඇඳුම් ටිකක් බෑග් එකේ දාගෙන මොනරාගල ඉඳන් කොළඹ ආව කෙනෙක් මම. ඒ නිසා මගතොටදී පවා මුණගැසෙන අය දක්වන ආදරණීය සෙනෙහස එක්ක මට හිතුනා ඒ අය වෙනුවෙන් මා දන්නා දේ දෙන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් තමා මේ යූටියුබ් නාළිකාව පටන් ගත්තේ. ඉතාම ආදරෙන් මම මතක් කරන්න අවස්ථාවක් කර ගන්නවා ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හොයා යන ගමනේ මා දන්නා අල්පමාත්‍ර වූ දැනුම බෙදා ගන්න පටන් ගත්ත මේ ‘Breathe with Anoja‘ යූටියුබ් නාළිකාව එක්ක එකතු වෙන්න.

රැල්ලට යන මාධ්‍ය තුළ උඩුගම් බලා පිනීමක් තමයි මම කරන්නේ. ජීවිතේ හැමදාම කළෙත් ඒ දේ. මගේ මේ වසර 66ක ජීවිතය තුළ කොච්චර සුන්දර මිනිසුන් හමුවෙලා තියෙනවද? ජීවිත ජය ගත්ත මිනිස්සු ඉන්නවද ඇයි අපිට බැරි ඒ ගැන කතා කරන්න. කුණු රසයටම ඇයි වහල් වෙන්නේ. ඒ නිසා අනෙකුත් ඒවාට තරම් සබ්ස්ක්‍රයිබස්ලා නැති වෙන්න පුළුවන්. මගේ වෑයම තමා අසුබවාදීව ජීවිතය දකින්න පුරුදු කරන එක නෙවෙයි, සුබවාදීව ජීවිතය දිනන්න පුරුදු කරන එක.

ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. සිකුරාදා වෙනකම් බලාගෙන ඉන්න අය ඉන්නව. ඔය අතරේ මගේ දුරකථන අංකය සටහන් කරලා තියෙන නිසා මට වට්ස් ඇප් පණිවුඩ රාශියක් එනවා. ඔය අතරේ සිදුවෙන එක් වැරදි දෙයක් තමයි කිසිම දැනුම්දීමකින් තොරව මාව මුණගැහෙන්න හෝ මගෙන් උපදේශන බලාපොරොත්තුවෙන් පැමිණෙන අය ඉන්නවා. මම ඉතාම කාරුණිකව කියන්නේ යෝගා වැඩමුළුවක හෝ මම යෝගාවල නිරත වෙලා ඉන්න වෙලාවල්වල පැමිණෙන අය මුණගැහෙන්න බැරි වෙනවා. යෝගා කියන්නේ ප්‍රාණයක් එක්ක ගනුදෙනුවක්. ඒ නිසා හිතුණ ගමන් නවත්තන්න බැහැ. ඇතැම් අය බැණ බැණ යනවා. හැබැයි ඒ අය එන්නේ එන්න කලින් එන්නද කියලා අහලාවත් නෙවෙයි. තනි තනියම ප්‍රශ්න විසඳන්න කාලයක් නැහැ. සිනමාව ගැනත් වචනයක් කත​ා කරන්න ඇය අමතක කළේ නැහැ.

අරුණ පුවත්පත

SendShareShare
Previous Post

කෙහෙළිය ඉන්නේ හෙළුවෙන්: ශ්‍රීලනිපයේ චන්දිමගෙන් ආණ්ඩුවට යළි ප්‍රහාරයක්

Next Post

පාස්කු කොමිසමට රහස් කියපු අය කව්ද? රහසින් කිව්වේ මොනවාද?

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.