• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන බැංකුවේ සභාපතිට බරපතළ චෝදනාවක්: තනතුරෙන් ඉවත් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

March 6, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මහජන බැංකුවේ සභාපතිට බරපතළ චෝදනාවක්: තනතුරෙන් ඉවත් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්
Share on WhatsAppShare on Facebook

බරපතළ මූල්‍ය චෝදනාවකට ලක්ව සිටින මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් වහාම ඉවත් කරන ලෙසට අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් කොරෝනා සමයේදී ව්‍යාපාරිකයන්ට රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් 4%ක සහන ණය පොලිය යටතේ මහජන බැංකු සභාපතිවරයා විසින් තමන් යටතේ ඇති පෞද්ගලික සමාගමක් වන BDO Partners විගණන සමාගම වෙත රුපියල් මිලියන 25ක ණයක් නිකුත් කර ඇති බවට චෝදනා එල්ලවී තිබීම මේ සඳහා හේතුවී තිබේ.

මෙම ණය මුදල නිකුත් කිරීමේදී මහජන බැංකුවේ සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය මුදලක් ලබාදීමේදී නිකුත් කර ඇති උපදෙස් හා නියෝගයන් මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් රජයේ හා පෞද්ගලික වාණිජ බැංකුවලට ලබාදී ඇති උපදෙස්වලට අනුව එවැනි බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හෝ ඔහුගේ පවුලේ ඥාතියකුට හෝ හිතවතකුට සිය බැංකුවෙන් ණය මුදලක් ලබාගන්නේ නම් අනිවාර්යෙන්ම සුරැකුම් ඉදිරිපත් කළ යුතු වුවත් මෙම ණය මුදල ලබාදීමේදී එවැනි කිසිදු සුරැකුමක් ලබාගෙන නැති බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනක අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැමිණිලි ලැබී ඇති අතර, එහිදී අගමැතිවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, එතෙක් මහජන බැංකු සභාපති ධුරයෙන් සුජීව රාජපක්ෂ මහතා ඉවත් කරන ලෙසත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට නියෝග කොට ඇති බවද දැනගන්නට ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා විසින් මහබැංකු අධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද කටයුතු කොට තිබේ.

SendShareShare
Previous Post

සැඟවුණු රහස් රැසක් හෙළිකරන තවත් නාගදීපයක් මහියංගනයේ

Next Post

එන්නතට දේශපාලන බලපෑම්: 30ට අඩු අයත් විදගන්න පෝලිමේ

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.