• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෙත් ඒවිද පොදු සමනලයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 6, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 4 mins read
A A
ආයෙත් ඒවිද පොදු සමනලයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2014 නොම්බර් 21 මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපති අපේක්ෂකත්වය ස්ථිර කරගන්න සිරිකොතේ පැවැති යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එවකට පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායක රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.‍‍

“පොදු අපේක්ෂකයා ජයගතහොත් ගමේ අහිංසක අසරණ යූ.ඇන්.පී.කාරයා රැක බලා ගන්නවා කියන සහතිකය දෙන්නේ කවුද? මොකද පොදු අපේක්ෂකයා දිනවන්න බෙල්ල දෙන්නේ ඔවුන්…”

මේ සජිත් අහපු ප්‍රශ්නයය. පොදු අපේක්ෂකයා දිනලා බලයට පත්වන ආණ්ඩුවේ අගමැති තමන් යැයි රනිල් ආඩම්බරයෙන් කීවේය. ගතවුණේ දවස් දෙක තුනකි. මෛත්‍රිපාල දිනල පිහිටුවන ආණ්ඩුවේ අගමැති කවුදැයි තවම තීරණය කර නැති බව මංගල පුවත්පත් සාකච්ඡාවකදී කීවේය. සමහර විට අගමැති ශ්‍රීලනිපයෙන් විය හැකි යැයි මංගල ඉඟි කළේය. රනිල් සජිත්ට කතාකොට අගමැති ප්‍රශ්නය ජනාධිපති ප්‍රචාරක කමිටුවේදී ප්‍රශ්න කරන ලෙසද උපදෙස් දුන්නේය. සජිත් මේ ප්‍රශ්නය ඇසුවේය. පොදු අපේක්ෂකයා පරාජය කරන්න සජිත් කුමන්ත්‍රණය කරනවා යැයි මංගල සජිත්ට චෝදනා කළේය. සජිත් ඒ ප්‍රශ්නය ඇසුවේ රනිල් වෙනුවෙන් නොව යූ.ඇන්.පී.කාරයන් වෙනුවෙනි. මංගලලාට ඕනා වුණේ රාජපක්ෂලා නැති ආණ්ඩුවක්. සජිත්ලාට ඕන වුණේ යූ.ඇන්.පී. ආණ්ඩුවකි. වෙනස ඒකය.

යූ.ඇන්.පී.ය තුළද පොදු අපේක්ෂක මාතෘකාව නිර්මාණය කළේ මංගල සහ චන්ද්‍රිකාය. ඒ ඊළඟ ජනාධිපති යූ.ඇන්.පී.යෙන් පත්වුණොත් තමන්ට තැනක් නැති වේය යන බියෙන්ය. 2010 ෆොන්සේකා එන්නේත්, 2015 මෛත්‍රිපාල එන්නේත් එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. ෆොන්සේකා පොදු අපේක්ෂකයා කරන්න මංගල ලොකු වැඩක් කළේය. 2015 රනිල් තරග කළොත් තමන් ආණ්ඩුවට එක් වෙනවා කියා මංගල එවකට ජනාධිපති මහින්දව ගෙදරට ගෙන්වා සාකච්ඡාවක්ද පැවැත්වීය. ඒත් මෛත්‍රිපාල පොදු අපේක්ෂකයා බව මංගල අන්තිම මොහොතේත් දැන සිටියේ නැත. පොදු අපේක්ෂකයා මෛත්‍රිපාල යැයි කී විට මංගල කෝපයට පත්වී පුටුව ඇද නැඟිට ගිය බව ඉරාන් වික්‍රමරත්න පුවත්පතකට පවසා තිබිණි.

හේතුව 2005 ජනාධිපතිවරණයට පසු අගමැති ධුරයට මංගල සහ මෛත්‍රිපාල අතර පැවැති තරගයය. ඒ කාලයේ මංගලලා, මෛත්‍රිපාලව දේශපාලන වශයෙන් මායිම් කළේ නැත. ඔහුව ජනාධිපති කරවීමට සිදුවීම ලැජ්ජාවක් යැයි මංගලට හිතෙන්න ඇත. ඒත් රාජපක්ෂලා පරාජය කරන්න මංගල මෛත්‍රිට සහය දෙන්න හිත හදා ගත්තේය. යූ.ඇන්.පී.යෙන් සජිත් හෝ කරු ඇවිත් යූ.ඇන්.පී. ජනාධිපතිවරයෙක් පත් වෙනවාට වඩා චන්ද්‍රිකා යෝජනා කරන මෛත්‍රි ජනාධිපති වීම හොඳ යැයි මංගල හිතන්න ඇත. මංගල යූ.ඇන්.පී. නායකත්වයෙන් රනිල්ව තියා ගන්න උත්සාහ ගත්තේද රනිල්ට දිනන්න බැරි නිසා පොදු අපේක්ෂක වැඩේ රනිල් ලව්වා කර ගන්න පුළුවන් කියලා හිතලාය. රනිල්ද පොදු අපේක්ෂක වැඩේට කැමැති වුණේ යූ.ඇන්.පී.යෙන් අපේක්ෂකයෙක් ආවොත් තමන්ගේ පක්ෂ නායකත්වයට තට්ටුවේය යන බියෙන්ය. තමන් දෙවරක්ම ජනාධිපතිවරණය තරග කොට පරාජය වී ඇති නිසා පොදු අපේක්ෂකයෙක් නම්කොට පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීම ඔහුගේ උපාය විය. පොදු අපේක්ෂකයා තෝරන සාකච්ඡාවලදී රනිල් යූ.ඇන්.පී.යෙන් නැතිව පිටින් ගේන්න ඕන පොදු අපේක්ෂකයෙක්ට කැමැති යැයි කී බව එම සාකච්ඡාවලට සම්බන්ධ වූ මෛත්‍රිපාලගේ ජාතික ලැයිස්තු මන්ත්‍රි මලිත් ජයතිලක සිය පොතෙහි අනාවරණය කර තිබිණි. 2010 ජනාධිපතිවරණයේදී රනිල් මංගලගේ උපදෙස් මත ෆොන්සේකාව ජනාධිපති අපේක්ෂක කළාට කැම්පේන් එක අතරමගදී ෆොන්සේකාව නටවන්න බැරි බව තේරුම් ගත්තේය. ඒ ෆොන්සේකා රනිල්ට ‘සර්’ කිය කියා සිට රනිල් කියා අමතන්න ගත් විටදීය. ඉන්පසු රනිල් ෆොන්සේකා පරාජය කරන්න ව්‍යාපාරිකයකුගේ නිවෙසේ රාජපක්ෂලා සමඟ සාකච්ඡා කළ බව විකිලීක්ස් වෙබ් අඩවිය සඳහන් කොට ඇත. මෛත්‍රිපාල දිනන තෙක්ම රනිල්ට සර් කී නිසා රනිල් මෛත්‍රි දිනවන්න වැඩ කළේය.

2010 දී ජනාධිපතිවරණයට කලින්ම පොදු අපේක්ෂක සංකල්පය රනිල් සහ ෆොන්සේකා විසින් අසාර්ථක සංකල්පයක් බවට පත්කළහ. ඒත් රනිල්වත්, මංගලවත් එයින් පාඩම් උගෙන ගත්තේ නැත. 2015 යළිත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහ. 2015 දී ජනාධිපතිවරණයෙන් පසු පොදු අපේක්ෂක සංකල්පය අසාර්ථක සංකල්පයක් ලෙස මෛත්‍රි – රනිල් තහවුරු කළහ.

ඇත්තටම යූ.ඇන්.පී.ය විනාශ වූයේ පොදු අපේක්ෂක සංකල්පයෙනි. 2010 ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක වී යූ.ඇන්.පී. නායකයා වූයේ නම් එදා ෆොන්සේකා දිනන්න වුණත් ඉඩ තිබිණි. 2015 දී මෛත්‍රිපාල ජනාධිපතිවරණය දිනා යූ.ඇන්.පී. නායකයා වූවා නම් අදත් තියෙන්නේ යූ.ඇන්.පී. ආණ්ඩුවකි. යූ.ඇන්.පී.කාරයන්ට යූ.ඇන්.පී.ය එපා වුණේ මෛත්‍රි සහ රනිල්ගේ කඹ ඇදීම නිසාය. පාස්කු ප්‍රහාරයට පසුබිම සකස් වුණේත් ඒ කඹ ඇදිල්ල නිසාය.

යූ.ඇන්.පී.යට පමණක් නොවේ අද පොදුජන පෙරමුණු ආණ්ඩුව එක තැන පල් වන්නේත් පොදු අපේක්ෂක වැඩේ නිසාය. ඇත්තටම මහින්ද පොදු අපේක්ෂකයෙක් ගැන හිතුවේ ඔහුට දිනන්න බැරි නිසා නොව ඔහුට ජනාධිපතිවරණය තරග කරන්න නොහැකි වූ නීතිමය බාධාව නිසාය. මේ නිසා අද ආණ්ඩුවේ නායකයන් තිදෙනෙකි. ජනාධිපති ගෝඨාභය එක් නායකයෙක්ය. අගමැති මහින්ද තව නායකයෙක්ය. පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් තෙවැනි නායකයාය. ගෝඨාභය ජනාධිපති වී පොදුජන පෙරමුණේ නායකයා වූවා නම් මේ ආණ්ඩුවට මෙහෙම වන්නේ නැත. නැතිනම් ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් වී මහින්දට ජනාධිපති ධුරය දුන්නා නම් මේ ආණ්ඩුව මෙහෙම ජෝක් වන්නේ නැත. ගෝඨා ජනාධිපති වී තමා අගමැති වූ විට සහෝදර බැඳීම නිසා මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ කඹ ඇදීම වන්නේ නැතැයි මහින්ද ජනාධිපතිවරණයේදී කීවේය. ඒත් සහෝදරයන් අතරත් මේ පොදු අපේක්ෂක වැඩේ හරි යන්නේ නැත.

2015 මුල් කාලයේ රනිල් මෛත්‍රිට වැඩ කරන්න දෙන්නේ නැතැයි කීහ. පසුව මෛත්‍රි රනිල්ට වැඩ කරන්න දෙන්නේ නැතැයි කීහ. අද ගෝඨාභයට ඡන්දය දුන්න අලුත් ඡන්දදායකයන් කියන්නේ මහින්ද ගෝඨාභයට වැඩ කරන්න දෙන්නේ නැහැ කියාය. මහින්දවාදී කැපුවත් නිල් ඡන්දදායකයන් කියන්නේ මහින්දට දුන්නා නම් මහින්ද මෙයිට වැඩිය හොඳට රට කරනවා කියාය.

පොදු කියල එන අපේක්ෂකයෝ දිනන්නත් කලින් පටු වෙයි. පක්ෂ වට කරගෙන සන්ධාන ගහගෙන පොදු මහජනතාව වෙනුවෙන් පොදු පොරොන්දු ඉටු කරන්න එනවා කියන පොදු අපේක්ෂකයා පටු වෙන්නේ දේශපාලනයේ හය හතර නොතේරෙන හෙංචයියෝ ටිකක් වට කරගෙන ඔවුන්ට ඕනා විදිහට නටන්න යෑමෙනි. අන්තිමට ඉටු කරන්නේ පොදු පොරොන්දු නොව හෙංචයියන්ගේ පටු පොරොන්දුය.

“එකම පක්ෂය එකම නායකයා”

මේ ගාමිණී දිසානායක 1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ තේමාවය. 2024 ජනාධිපතිවරණය වන විට මිනිස්සු හොම්බ බිම ඇනගෙන හතර ගාතෙන් වැටිලා ඉල්ලනු ඇත්තේ එකම පක්ෂයක එකම නායකයෙක්ය.
සජිත් පසුගියදා සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සමඟි ජන බලවේගයෙන් පොදු අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ නැතැයි කීවේ රට යන අත හොඳින් තේරුම්ගෙන විය යුතුය. පක්ෂයේ නායකයා ලෙස තමන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි ඔහු කීවේය. එය හොඳ තීරණයකි. පිටින් පොදු අපේක්ෂකයන් ගෙනැවිත් පොදු අපේක්ෂකයා දින්නත් පැරදුනත් පක්ෂ නායකත්වය ආරක්ෂා කරගෙන සිටීමේ රනිල්ගේ ලෙඩේ ඔහුට නැති බව පැහැදිලිය. ගෝඨාභයත් 2019 ජනාධිපතිවරණයට හත්ගව්වක් තිබියදී ජනතාව ඉල්ලන්නේ නම් තමන් අපේක්ෂකත්වය බාරගන්න සූදානම් බව කීවේය. ඒ කාලේ යූ.ඇන්.පී.ය ඔහුට හිනාවිය. ඔහුට ලංකාවේ පුරවැසිභාවය නැතැයි කීවේය. ඔහුට සුළු ජාතික ඡන්ද ගන්න බැහැ යැයි කීහ. හමුදාකාරයින්ට මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ යැයි පොදුජන පෙරමුණේම අය කීහ. ඒත් ඔහු ඉල්ලලා දිනල පෙන්නුවේය.

සජිත්ගේ තීරණයට සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කවුරුත් විරුද්ධ වූ බවක් වාර්තා වී නැත. සජිත්ට අපේක්ෂකයා වෙන්න අවශ්‍ය මේ සමඟි ජන බලවේගයේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී කැමැත්තය. කොළඹින් ඡන්ද 25,000ක් ගන්න බැරි රනිල් හෝ ඡන්ද 10,000ක් ගන්න බැරි යූ.ඇන්.පී. නායකයන් පොදු අපේක්ෂකයෙක් ඕනෑ කීවාට ඒ මහජන කැමැත්ත නෙමේ. වසර ගණනක් පැරැණි ලංකාවේ විශාලතම පක්ෂයෙන් ඉවත් වී මාසයකින් අලුත් පක්ෂයක් හදලා අලුත් ලාංඡනයක් හඳුන්වා දීලා ඡන්ද ලක්ෂ 3කට වැඩිය මනාප ගත්ත මන්ත්‍රිවරු 54ක් දිනවපු විපක්ෂයේ නායකයා ඔහුය. ඔහුගේ අඩුපාඩු ඇත. හදාගත යුතු තැන් තිබේ. ඒත් නායකයෝ මැටිවලින් හදන්න බැරිය. නායකයෝ හදන්න ඕනෑ ජනතාවය. අද ඉන්න ජනතාව හදපු විකල්ප නායකයා ඔහුය. ඔහු හොඳ නැත්නම් සමඟි ජන බලවේගය ඔහුව ඉවත් කොට අලුත් නායකයෙක් තෝරා පත්කර ගෙන ඒ නායකයා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුය. මොකද නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෝ දෙකක්ම ට්‍රයි කරල ජනතාවට දැන් හොඳ ගණන්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මම ජීවිතේ වැටි වැටි නැඟිට්ටෙ

Next Post

එක තැන පල්වෙන්න මම කැමැති නැහැ

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.