• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම සමග පිළිසඳර ’12’: ජනපති කිවුලේකඩවල ප්‍රශ්න විසදයි

February 28, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
ගම සමග පිළිසඳර ’12’: ජනපති කිවුලේකඩවල ප්‍රශ්න විසදයි
Share on WhatsAppShare on Facebook

දීර්ඝ කාලයක සිට පාසල්වල පවතින ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණ ගුරු පුරප්පාඩු පිරවීමට වහාම අයැදුම්පත් කැඳවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇත.

පත්වීම් ලද පාසලේම වසර අටක සේවා පදනම මත ඇතැම් විෂය පුරප්පාඩු සඳහා අලුතින් බඳවා ගැනීම් සිදු කෙරේ.

“බෝග වගා වර්ධනය සඳහා වැඩිපුර ඉඩම් අවශ්‍ය වෙනවා. එබැවින් වගාවට සුදුසු ඉඩම් කඩිනමින් හඳුනාගත යුතුයි. අස්වනු වැඩිකිරීම පිණිස ඉඩම්වල ඵලදායීතාව නැංවීමත් එක සේ වැදගත්. ඒ සඳහා ගොවීනට නවීන තාක්ෂණය හඳුන්වාදීමට සහය වන්න” යැයි ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන දිළිඳුකම පිටුදැකීමේ පරමාර්ථය ඇතිව ක්‍රියාත්මක කෙරිණ. රැකියාලාභීනට එක් ක්ෂේත්‍රයකට සීමා නොවී බහුකාර්ය පුහුණුවක් දෙනු ලැබේ. දිළිඳුතම පවුල්වල අභිවෘද්ධිය උදෙසා සැලසුම් කළ මේ වැඩසටහන කඩාකප්පල් නොකරන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටී.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල ග්‍රාම නිලධාරී වසමට අයත්, කිවුලේකඩවල විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 12 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

 2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

ත්‍රිකුණාමලය නගරයේ සිට කි.මි 45ක් දුරින් මොරවැව, කුච්චවේලි, පදවි ශ්‍රී පුර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රදේශවලට මායිම්ව ගෝමරන්කඩවල පිහිටා තිබේ. ගෝමරන්කඩවල නගර මධ්‍යයේ සිට කිවුලේකඩවල ගම්මානයට ඇති ඇති දුර කි.මි 8කි. අනුරාධපුර යුගයට අයත් නටඹුන් රැසක් සහිත ගම්මානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙය හඳුනාගෙන තිබේ. ගෝමරන්කඩවල සහ අවට ගම්මාන 2009 ට පෙර නිතර ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් විය.

කිවුලේකඩවල, අඩම්පනේ, කූටිටිකුලම සහ කෝණබැඳිවැව යන ගම්මාන කිවුලේකඩවල ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 416කින් සමන්විත කිවුලේකඩවල ග්‍රාමයේ ජනගහණය 1191කි. ඉන් පවුල් 125ක් සමෘද්ධිලාභීහූ වෙති. වී වගාව බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. බඩඉරිඟු, කවුපී, රටකජු සහ එළවළු අතුරු බෝග ලෙස වගා කරනු ලැබේ.

ජනාධිපතිතුමා “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගිවීමට කිවුලේකඩවල විද්‍යාලයට යන අතර මග දෙපස රැස්ව සිටී ජනතාවගෙන් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය. අසළ නිවාස කිහිපයක ජනතාව සමග ද කථා බහක නිරත වූ එතුමා මෙවර කන්නයේ වී අස්වනු පිළිබඳව  සොයා බැලීය. කිලෝව රුපියල් 50ක අවම මිලට අළෙවි කිරීමට නොහැකිවන තෙතමනය සහිත වී රුපියල් 43කට මිලදී ගැනීමට රජය පියවර ගත් බව ජනාධිපතිතුමා  ගොවීන්ට පැහැදිළි කර දුන්නේය. තම වී අස්වනු රජයට හෝ මිලදී ගන්නා ඕනෑම පාර්ශ්වයකට හෝ සිය අභිමතය පරිදි අළෙවි කිරීමට  හැකි  බවත්, රජය ඊට කිසිදු කොන්දේසියක් පනවා නැති බවත් රාජපක්ෂ මැතිතුමා පැවසිය.

“ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ වීමට පෙර SLT මොබිටෙල් ආයතනය හා පාසල් යටිතල පහසුකම් සහ පාසල් සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව කිවුලේකඩවල විද්‍යාලයේ ස්ථාපනය කළ සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරයාට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

කන්තලේ ගම්තලාව මහා විද්‍යාලයේ චතුර මධුමාල් සිසුවා නිර්මාණය කළ “පාවහන් යුගලයේ සවිකළ, ඇවිදීමේදී විදුලිය උත්පාදනය කෙරෙන නව නිපැයුම” ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේය.

  “ගම සමග පිළිසඳර” වැඩසටහනට තමා සහභාගීවන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනයට රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබේ. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

වන අලි තර්ජනය ගෝමරන්කඩවල ප්‍රදේශයේ ජනතාව දිගුකාලයක සිට මුහුණ පා සිටින ප්‍රධාන ගැටළුවකි. මේ ගම් වැසියෝ කලින් ත්‍රස්තවාදීන්ගේ භීෂණයට ගොදුරුව සිටියහ.

යුද්ධයෙන් අවතැන්ව සිට සාමය උදාවීමෙන් පසු සිය ගම් බිම් වෙත පැමිණ යළි පදිංචි වූ පාරම්පරික ගැමියනට තොරතුරු විමර්ශණයෙන් පසු ඔප්පු ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉඩම් කච්චේරියක් පවත්වා මහදිවුල්වැව සහ දිවුල්වැව ප්‍රදේශවල  ඉඩම් ගැටළු නිරාකරණයට තීරණය විය.

යාං ඔය ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමිවීමෙන් දීර්ඝ කාලයක සිට පීඩාවට පත්  ජනතාවට කඩිනමින් සහන සැලසීමට සහ සෙසු ගැටළු විසඳීමට  දිස්ත්‍රික් ලේම්වරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශණ කමිටුවක් පත් කිරීමට තීරණය කෙරිණ.

වන අලි තර්ජනයට විසඳුමක් ලෙස ඉදිරි වසර ඇතුළත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි කි.මි 67ක් දිග අලි වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එය කඩිනමින් නිම කිරීමටත් බක්මීගම, මැදවච්චිය, තඹලගමුව, දහයිගණුව, මොරවැව ඇතුළු ගම්මානවල අක්‍රීයව ඇති අලි වැට වහා සක්‍රීය කිරීමට පියවර ගන්නා ලෙසත් රාජපක්ෂ මැතිතුමා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ගොවි සංවිධාන එක්ව අලි වැට ඉදිකිරීමේ සහ රැක ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් අවධාරණය කරනු ලැබීය.

දිවයිනේ දුෂ්කරම අධ්‍යාපන කලාපයක් ලෙස ගෝමරන්කඩවල ප්‍රදේශය සැලකේ. යටිතල පහසුකම්, භෞතික සම්පත් සහ ගුරු හිඟය හේතුවෙන් අධ්‍යාපන ගැටළු රැසක් උද්ගතව තිබේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසැල් 34ක ගුරු නිවාස ඉදිකිරීමට සහ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 34ක් වෙන් කර ඇති අතර පාසල් 15ක පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස ජල පෙරහන් යන්ත්‍ර සවි කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

දිවයිනේ සියලු පාසල්වල දක්නට ලැබෙන ගණිත, ඉංග්‍රීසි, විද්‍යාව සහ පරිගණක තාක්ෂණය ඇතුළු විෂයයන් උගන්වන ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා ලබන සතියේ ඉල්ලුම් පත් කැඳවීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ලේකම්වරයා පැවසීය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සෑම පිරිවෙණකටම පරිගණක 05 බැගින් දීමට සහ  දිවයිනේ සියලුම පිරිවෙන් විද්‍යායතනවල සිසුන් සඳහා ක්‍රීඩා පිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයට සැලසුම් කර ඇති බව ද සඳහන් කෙරිණ.

කිවුලේකඩවල විද්‍යාලයට රැස්වීම් ශාලාවක් සහ පන්ති කාමර ඉදිකරදීමටත් ගෝමරන්කඩවල මහා විද්‍යාලය ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනයටත්, ගුරු හිඟය පියවීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීනට උපදෙස් දුන්නේය.

ගෝමරන්කඩවල අධ්‍යාපන කලාපයක් ලෙස නම් කිරීම ගැනත්, මහදිවුල්වැව මහා විද්‍යාලය ත්‍රෛභාෂා ආදර්ශ පාසලක් ලෙස සංවර්ධනය කිරීම ගැනත් සාකච්ඡාවට ලක් විය.

අඩම්පනේ – පුලිකණ්ඩිකුලම, ඈපාගම – කෝණබැඳිවැව, කිවුලේකඩවල – හැළඹවැව, කූට්ටිකුලම අතුරු මාර්ග ඇතුළුව ප්‍රදේශයේ කෘෂි මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.  

තිරියාය හන්දියේ සිට ගිරිහඪු සෑය විහාරය දක්වා මාර්ගය, බක්මීගම – රන්ගිරි උල්පත සහ මල්පෝරුව – පුල්මුඩේ මාර්ගය ඇතුළු මාර්ග 41ක් ඉදිරි තෙවසර තුළ කාපට් අතුරා සංවර්ධනය කරන්නැයි ජනාධිපතිතුමා මාර්ග සංවර්ධන අධිකාරියට නියම කළේය.

අඩම්පනේ ඛෙත්තාරාම විහාරස්ථානය ඇතුළු පූජ්‍ය ස්ථාන රැසක අඩු පාඩු කඩිනමින් විසඳීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සෞඛ්‍ය පහසුකම් ඉතා පහළ මට්ටමක තිබීම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින තවත් ගැටළුවකි. ගෝමරන්කඩවල ග්‍රාමීය රෝහල සහ කන්තලේ මූලික රෝහල , මොරවැව, තඹලගමුව ඇතුළු රෝහල් ගණනාවක වෛද්‍ය, හෙද සහ සෙසු කාර්ය මණ්ඩල හිඟය පියවීමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් තීරණය විය. පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා රුධිර ප්‍රේරණ ඒකකයක් කඩිනමින් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

පුලිකණ්ඩිකුලම වැව, කෝණබැඳිවැව, ඈපාගම අමුණ, තිඹිරිවැව, ඈපාගම වැව, මහ හැළඹ වැව ඇතුළු වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කර වගාවන්ට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය. ප්‍රදේශයේ වැව් 39ක ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 125ක් වෙන් කර ඇති අතර, තවත් වැව් 99ක් “වාරි සෞභාග්‍යයා” ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

ග්‍රාම සේවා වසම් 54ක පානීය ජල ගැටළුවට විසඳුම් දෙමින් අඩම්පනේ ජල ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ සහ විශාල ජනකායක් ඇතුළු පිරිසක් කිවුලේකඩවල “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ගෝඨාභය වෙනුවෙන් අලුත් බලවේගයක්: විමල්ලාට එරෙහිව බැසිල් දැඩි තීන්දුවක් ගනී (රාජ්‍ය රහස්)

Next Post

ආලින්දය රස සාගරයක් කළ ඩබල් ගේම්කාරයා

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.